වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN

අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN

කුතුහලය දනවන අද්භූත ගුප්ත සිදුවීම් පිළිබඳ සොයා බලන්න ඇතැමෙක් ප්‍රිය කරන විටදී තවත් අයෙකු ඒ පිළිබඳ දක්වන්නේ අසීමිත බියක්. සැබෑ ලොව මෙන්ම සිනමා ලොව තුල ද අද්භූත සිදුවීම් රැගත් සිනමා නිර්මාණ රැසක් බිහි වී තිබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ද සමඟින්. The Conjuring චිත්‍රපට මාලාවට ඒ අතර සුවිශේෂ ස්ථානයක් හිමිවීමට හේතු වී තිබෙන්නේ ඒවා සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන නිර්මණය වීමයි. අමෙරිකානු ජාතික යුවලක වන ලොරයින් රීටා මෝර්ගන් සහ එඩ්වර්ඩ් ලොරේන් මයිනි විසින් භූතාත්ම සහ අද්භූත සිදුවීම් පිළිබඳ කළ පර්යේෂණ, නිව් ලයින් සිනමා විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපට වෙනුවෙන් පාදක වී තිබෙනවා. ඇනබෙල් බෝනික්කා, පෙරොන් පවුලේ සිදුවීම, ඇමටිවිල් සිදුවීම, එන්ෆීල්ඩ් නිවෙසේ අභිරහස වැනි සිදුවීම් ඒ අතර ප්‍රධාන වෙනවා.

The Conjuring චිත්‍රපට මාලාව වෘත්තාන්ත චිත්‍රපට අටකින් සහ කෙටි චිත්‍රපටයකින් සමන්විතයි. The Conjuring සහ Annabelle ලෙස කොටස් දෙකක් යටතේ මෙහි චිත්‍රපට පෙළ ගැස්වී ඇති අතර එයින් The Conjuring චිත්‍රපට මාලාව යටතේ The Conjuring (2013) සහ The Conjuring 2 (2016) තිරගත කෙරුණු අතර Annabelle චිත්‍රපට මාලාව යටතේ Annabelle (2014) සහ Annabelle: Creation (2017) චිත්‍රපට ද්විත්වය තිරගත කෙරුණා. මේ වනවිට සිනමා ලොව නිර්මාණය කර ඇති හීතිය දනවන චිත්‍රපට අතරේ ප්‍රමුඛස්ථානයක් උසුලන The Conjuring 2 නරඹන අතරවාරයේ හෘදයාබාධයකින් සිදූ වූ මරණයක් ද එකල වාර්තා වුණා. මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ උතුරු ලන්ඩනයේ පිහිටි එන්ෆීල්ඩ් නම් නිවෙසෙක සිදු වූ අද්භූත සිදුවීම් පෙළක්.

මෙම සිනමා නිර්මාණ අතරට එක්වන නවතම නිර්මාණය අද්භූත කතා තේමාවක් පදනම් කර නිර්මාණය කෙරුණු The Nun චිත්‍රපටයටය යි. එය The Conjuring චිත්‍රපට මාලාවේ මෙතෙක් එළිදැක්වුණු චිත්‍රපට අතරේ පස්වැන්න සේම The Conjuring 2 චිත්‍රපටයේ අතුරු කතාවක් ගෙන එනවා. 1952 පමණ කාලයේදී රුමේනියාවේ කතෝලික පූජකවරයකු සහ අත්දැකීම් අඩු නවක පූජකවරියක් වතිකානුව වෙත පිටත්කර හරින්නේ එහිදී දිවි අභිරහස් ලෙස දිවි නසා ගත් පූජකවරියකගේ මරණය සම්බන්ධව පරීක්ෂණ කටයුත්ත වෙනුවෙන්. මෙහිදී නවක පූජකවරියට මුහුණු දෙන්නට සිදු වූ අත්දැකීම් පෙළ The Nun ලෙසින් රිදී තිරයට පෙළ ගස්වා තිබෙනවා. ඩෙමියන් බිචියර්, ටයිසා ෆාර්මිගා, ජොනාස් බ්ලොකෙත්, චාර්ලට් හෝප්, ඉන්ග්‍රිඩ් බිසු ඇතුලු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිනවා. ගැරී ඩොබමන් විසින් තිරරචනය කළ The Nun අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ කොරින් හාඩි විසින්. අද්භූත භීතිය රැගත් The Nun ලබන සැප්තැම්බර් 07 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.