වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 19 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ගිරිවැසිපුර

සෙංකඩගල රජ දහනේ ඛේදවාචකය දේවින්ද කෝන්ගහගේ අතින් සිනමාවට...

ගිරිවැසිපුර

මේ රජාධි රාජසිංහගේ මරණ මංචකයයි. ඔහු මහනුවර රජ කරන තෙවැනි නායක්කාර වංශිකයාය. ඔහුගේ ප්‍රධාන අමාත්‍ය පිළිමතලාවේ මහ අධිකාරම්ගේ සිත තුළ කාලයක් පුරා මේරූ කුමන්ත්‍රණය මුදුන් පත්වන්නට නියමිතය. රජුගේ අග බිසවගේ නැඟණියගේ පුතු වූ සොළොස් හැවිරිදි වියේ පසු වූ කන්නසාමි එවකට හඟුරන්කෙත වී කෙත් සහ ගබඩා බාරව සිටියේය. පිළිමතලාවේ විසින් වහාම ඔහු රජ වාසල වෙත කැඳවන ලදී. නොබෝ දිනකින් රජාධි රාජසිංහ මෙලොව හැර ගියේය.

කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක කරන ලදී. මේ ගෙවෙන්නේ 1798 වර්ෂයයි. නායක්කර් වංශිකයන්ගේ සිව් වැනි රජු ලෙස ශ්‍රී වික්‍රම රාජ්‍ය පාලනය ගෙන යයි. මේ අතරවාරයේදී රජතුමෝ තවත් තීරණයක් ගත්හ. ඒ තමන් වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ පිළිමතලව්වේට බලතල රාශියක් ලබාදීමය. එය ඔහුට රජකම ලැබුණා හා සමාන විය. පුරා වසර පහක් නිළ නොලත් රජු ලෙස බොහෝ දේ පාලනය කළේ පිළිමතලව්වේය. මේ කාලය තුළ ඔහු විසින් සිය අභිප්‍රායන් මුදුන් පත් කර ගත්තේය. ශ්‍රි වික්‍රම ඔහු කළ ඇතැම් කාර්යන් ගැන පවා නොදත්තේය. සමස්ත දේශපාලන පද්ධතියම පිළිමතලව්වේ විසින් සිය පාලනයට නතු කරගෙන අහවරය. මේ අතර වාරයේ ඔහු මාන බලන්නේ රජ පුටුවටය.මේ කතාව ශ්‍රී වික්‍රම රජුගේ අවසානය දක්වා ගලා යනු ලබයි. ගිරිවැසිපුර යනුවෙන් එහි අධ්‍යක්ෂ දේවින්ද කොන්ගහගේ නම තබා තිබේ. දේවින්ද එයට පාදක කොට ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිර අඩස්සියේදී සමීපව ඇසුරු කළ දොන් දියෙස් තැබූ සටහන් අනුසාරයෙන් වීම විශේෂත්වයකි.

ගිරිවැසිපුර රංගනයෙන් හැඩ කරන්නෝ:

මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, නිරංජනි ශන්මුගරාජා, බද්ධික ලොකුකැටිය, අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, දයා තෙනනකෝන්, කිංස්ලි ලෝස්, කුමුදු නිශාන්ත, මහේන්ද්‍ර වීරරත්න, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, අතුල ජයසිංහ, සරත් ඒකනායක, පවිත්‍රා වික්‍රමසිංහ, නයනතරා වික්‍රමආරච්චි, තුසිත ලක්නාත්, ආලෝක සම්පත්, නලින් ලුසේනා, ලක්ෂාන් වාත්තුහේවා, එල්රෝයි අමලතාස්, ජුලියානා ජෝන් ෆිලිප්, නවයුගා රාජ් කුමාර

කැමරා අධ්‍යක්ෂණය - සුරේෂ් ධම්මික

සහාය අධ්‍යක්ෂණය - ජයන්ත විජේරත්න

නිෂ්පාදන සම්බන්ධිකරණය - බුද්ධික ලොකුකැටිය

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

අංග රචනය - නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය - සුභාෂ් ජයලංකා

පසුබිම් සංගීත සහ ගී තනු - බිබිලාදෙණියේ මහානාම හිමි

පසුබිම් සංගීත ශබ්ද පරිපාලනය - රංග දසනායක

සිංහල ගී පද රචනය - දේවින්ද කෝන්ගහගේ

දමිළ ගේය පද රචනය - අස්මින් උතුමාලෙබ්බේ

නර්තන වින්‍යාසය - දයාන් කහඳවල, දේවින්ද කෝන්ගහගේ

නිෂ්පාදනය - බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල්