වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
වේගයෙන් පෙරට RACE 3

වේගයෙන් පෙරට RACE 3

ලෝක සිනමාව තුල රසික අවධානයක් දිනා ගත් සුවිශේෂ ක්‍රියාදාම චිත්‍රපට පෙළක් ලෙසින් බොලිවුඩයෙන් නිර්මාණය වූ Race  චිත්‍රපට මාලාව හඳුන්වා දිය හැකියි. බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක දායකත්වය Race චිත්‍රපට මාලාවේ දී සුවිශේෂ වන අතර අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, අක්ෂේ ඛන්නා, අමීෂා පටෙල්, කත්‍රිනා කයිෆ්, බිපාෂා බාසු, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකොන්, ජැක්ලීන් ෆරේනැන්ඩ්ස්, බොබි ඩියෝල් සමඟින් සල්මන් ඛාන් ද ඒ අතරට එක්වී සිටිනවා.

සාර්ථක ව්‍යාපාරිකයකු වන රන්වීර් සිං වටා මෙහි පළමු කතාව ගෙතුණා. මත් පැන් පානයට ලොල් වූ ඔහුගේ බාල සොයුරා රාජීව්හට ව්‍යාපාර ලොව සාර්ථකවීම අපහසු වන අතර ඔහුගේ කුරිරු බව හෙළි වන්නේ තම සොයුරු රන්වීර්ගේ පෙම්වතිය සෝනියා සොරකම් කර ව්‍යාපාරයේ ද බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීම සමඟින්. මෙහිදී සයිෆ් අලී ඛාන් රන්වීර් ලෙසින්ද අක්ෂේ ඛන්නා රාජීව් ලෙසින්ද බිපාෂා බාසු සෝනියා ලෙසින්ද රංගනයෙන් දායක වුණා. අනිල් කපූර් පොලිස් පරීක්ෂක රොබර්ට් ඩි කොස්තා හෙවත් "අච්" නම් චරිතයට පණ දුන්නා. රන්වීර් සිය බිරිය මැරූවන්ගේ පළිගැනීමට සැරසෙන අයුරු Race දෙවැන්නෙන් දිග හැරුණා. එහිදී දීපිකා පදුකොන්, ජැක්ලීන් ෆරේනැන්ඩ්ස්, ජෝන් ඒබ්‍රහම් සහ අමීෂා පටේල් එහිදී රේස් චිත්‍රපට මාලාවට එක් වුණා.

අබ්බාස් මස්තාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Race පළමු සහ දෙවැනි චිත්‍රපට බොලිවුඩයේ මූල්‍ය අතින්ද සාර්ථක වූ චිත්‍රපට වේ. ඉන්දීය රුපියල් මිලියන 460ක වියදමෙන් 2008 වසරේදී නිර්මාණය කෙරුණු Race පළමු වැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් බිලියන 1.03ක ආදායමක් වාර්තා කළා. ඉන්දීය රුපියල් මිලියන 840ක වියදමකින් 2013 වසරේදී නිර්මාණය වූ දෙවැන්න ඉන්දීය රුපියල් බිලියන 1.62ක ආදායමක් වාර්තා කළා. විචාරකයන් පවා ඉන්දීය සිනමාවේ නිර්මාණය වූ සුවිශේෂ ගණයේ ක්‍රියාදාම චිත්‍රපට ලෙසින් මෙම චිත්‍රපට ද්විත්වය හඳුන්වා දුන්නා.

හෙට (ජූනි 15 වැනිදා) සිට‍ මෙම චිත්‍රපට මාලාවේ තෙවැන්න Race 3 චිත්‍රපටය තිරයේ දිග හැරෙනවා. සල්මන් ඛාන් ද මෙවර Race 3 සමඟින් එක් වෙන අතර එය නිෂ්පාදනය කර ඉදිරිපත් කරන්නේ ද සල්මන් ඛාන් ෆිල්ම්ස් ආයතනය විසිනි. මුල් චිත්‍රපට ද්විත්වයේම ප්‍රධාන චරිතයකට පණ දුන් අනිල් කපූර් සමඟින් ජැක්ලීන්, බොබී ඩියෝල්, ඩේසි ෂා ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිනවා. මෙහි එන සල්මන් සහ ජැක්ලීන්ගේ ප්‍රේමණීය රැඟුම් පිළිබඳ පුවත් චිත්‍රපටය රූගත කිරීම කළ කාලයේ පටන් Race 3 වෙත ඉහළ ප්‍රසිද්ධියක් ගෙන එන්නට සමත් වුණා. සයිල් අලි ඛාන්ගේ දායකත්වය මේ වෙනුවෙන් අපේක්ෂා කළ ද සල්මන් සමඟින් සමන්තරව ප්‍රධාන චරිතයක් නිරූපණය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සල්මන් ද මේ වෙනුවෙන් කළ පළමු ආරාධනය ප්‍රතික්ෂේපකර තිබූ අතර ඔහු සිය එකඟත්වය පළ කර තිබෙන්නේ, තිර පිටපතේ කළ වෙනස් කිරීම් කිහිපයකින් පසුවයි. අචජඥ 3 වෙනුවෙන් සල්මන් යෝජනා කර තිබෙන්නේ සම නිෂ්පාදක රමේෂ් තෞරාණි විසින්.

Race මුල් චිත්‍රපට ද්විත්වයම මෙන් තෙවැන්නේ ද තිර රචනය කර තිබෙන්නේ ශිරාස් අහමඩ් විසින්. මුම්බාය, තායිලන්තය, ඩුබායිහිදී එහි රූගත කිරීම් සිදුකර තිබෙනවා. අචජඥ 3 බොලිවුඩයේ සාර්ථක සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසින් නමක් දිනූ රිමෝ ඩී සූසාගේ අධ්‍යක්ෂණයක්. නීති විරෝධි කටයුතුවල නිරතවීමට පෙලඹුණු පවුලක කතාවක් මෙහි ගෙන එනවා. දක්ෂ අපරාධකරුවන්ට තම සැලසුම් වරදින්නේ කෙසේද ද? යන්න එයින් නිරූපිතයි. Race 3 බොහොම වේගවත් ලෙසින් ක්‍රියාත්මක ක්‍රියාදාම සමඟින් කිසිවෙකුටත් සිතාගත නොහැකි ආකාරයේ සිනමා නිර්මාණයක් වනු ඇති බවට ඉන්දීය සිනමා තොරතුරු ගෙන එනවා.