වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව

ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල

තිස්ස විජේකෝන්ගේ අධ්‍යක්ෂණයක්....

පාසල් ළමෝ කණ්ඩායමක් වනාන්තරයක් මධ්‍යයෙහි කඳවරුලා සිටිති. ඔවුන් එලෙස පැමිණ සිටිනුයේ ශිෂ්‍ය ක්‍රියාකරකම් වැඩසටහනක් වෙනුවෙනි. දුර ඈතක සිට මේ ළමයින් දෙස බලා සිටින දෑසකි. විටෙක එහි කඳුළුය. තවත් විටෙක කුතුහලයකි. එලෙස විමසිලිමත් වන්නා කැලෑවේ වෙසෙන වැද්දෙකි. කැලේ ඇවිද දඩයමක් කොට බඩවියත සරි කරගන්නා ඔහු මේ ළමයින් ගැන උනන්දු වන්නේ එක්තරා කාරණයක් මතය. වැද්දාගේ මනස අතීතයට දිව යයි.

කලකට ඉහතදී තමන් දෑස මෙන් බලා ගත් දරුවකුගේ මතකයන් සිතුවම් පටයක් මෙන් ඔහු ඉදිරියේ දිස් වන්නේය. ඒ වැද්දාගේ සහෝදරියගේය. අවාසනාවන්ත අන්දමින් ඒ දරුවා මෙලොව හැර යන්නේ වැද්දාගේ සිත ද කම්පනයට පත් කරවමින්ය. මේ ආවර්ජනයත් සමඟ වැද්දාට ශිෂ්‍ය කණ්ඩයමේ දරුවකු තම සහෝදරියගේ දරුවා මෙන් පෙනෙන්නට පටන් ගනියි.

ඒ මොහොතේ පටන් ඔහු මනසින් සැලසුමක් සදන්නේ එකී දරුවා පැහැර ගැනීමටය. එදින රාත්‍රියේ ඔහු එය ක්‍රියාත්මක කෙරුවේය. පැහැර ගත් දරුවා ගල්ලෙනක සිරගත කරන ලදී. ළමයකු අතුරුදන් වූ වග ලැව් ගින්නක් මෙන් පැතිර යන්නේය. එතැන් පටන් සියල්ලන් කැලය පීරමින් ඔහුව සොයන්නේ ළමයාව පැහැරගත් තැනැත්තා හසු වුවහොත් දැඩි දඬුවම් පමුණුවන බව පවසමින්ය. ඒ බව අසා වැද්දා තැති ගනියි.

තිස්ස විජේකෝන්ගේ සඳගල පාමුල සිනමාපටය එලෙස දිග හැරෙයි. කතාව දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය ද ඔහු විසින් සිදු කොට තිබේ.

සඳගල පාමුල නළු නිළියෝ:

රිචාඩ් වීරක්කොඩි, දමයන්ති ෆොන්සේකා, උදිත් අබේරත්න, වසන්ත කුමාරසිරි, කුමාර රණපුර, සුගත් ජානක, බිංදු බෝතලේගම, අයෝමි පෙරේරා, ඩිස්නි රාජපක්ෂ, ධනංජනි බණ්ඩාර

කැමරා අධ්‍යක්ෂණය - අනිල් මල්ලවාරච්චි

අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - චමින්ද කංකානම්ගේ, ගිහාන් ලක්මාල්, ප්‍රවීන් භවන්ත

සංගීත අධ්‍යක්ෂණය - සඳරුවන් බණ්ඩාර

සංස්කරණය - හසිත විජේසේකර, ශ්‍යාමන් ගමගේ

ගායනය - අයෝමි පෙරේරා, සුමිත් බණ්ඩාර