වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්

ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්

කළුවර එළිය ගමේ මිල්ලපිටිය ප්‍රාථමික විදුහල. මේ තවත් එක් දුෂ්කර වූ ගම් පියසක පාසලක්. මෙහි ශිෂ්‍යයින් ඉගෙනුම ලැබුවේ අවම පහසුකමක්වත් නැතුවය. ඒ වුණත් ළමයි ටික නම් ඉගෙනීමට බොහොම උනන්දුයි. හේන්වල බඩ ඉරිඟු කැඩෙන කාලයට ඇරෙන්න බොහොමයක් දවස්වල ඔවුන් පාසලට ආවා.

ඇවිත් නිකම් හිටියේ නැහැ. ගුරුවරු කියලා දෙන දෙයක් අහගෙන හිටියා. ගෙදර වැඩක් දුන්නම කරගෙන ආවා. හැබැයි මම කවදා හරි ලොකු වුණාම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම කෙනෙක් වෙනවා කියන ලොකු ලොකු හීන ඔවුන්ගේ ඔළුවල තිබුණේ නම් නැහැ. ඒවා ගැන කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. සමරසේකර සර් දඬුවම් මාරුවක් ලබාගෙන මිල්ලපිටිය ඉස්කෝලෙට ආවේ මේ කාලයේමයි. ඔහුගේ විෂය සාහිත්‍යය.

ඒත් මේ ගුරුවරයාගේ හිතේ තිබුණේ පාපන්දු. පන්තියේ හිටපු සහන්, කල්ප, තරිඳු වගේ දඟමලු එකතු කරලා පාපන්දු කණ්ඩායමක් හැදුවොත් ඔවුන්ගේ ජීවිතවලට එළියක් ගේන්න පුළුවන් වෙයි කියලා සර්ට හිතුණ හින්දා වෙන්න ඇති. යලට මහට ඉස්කෝලේ එන මේ වගේ ළමයි ටිකක් එක්ක මේක ලෙහෙසි නැති වුණත් සමරසේකර සර් වැඩේ අත හැරියේ නැහැ.

සමරසේකර මහත්මයා වගේම තවත් වැඩිහිටියන් කිහිප දෙනෙකුත් සර්ගේ මේ වැඩේ හයියට හිටියා. අවසානයේදී කිසිවෙකුත් නොසිතූ අයුරින් මේ පුංචි පාපන්දු කණ්ඩායම දිගට හරහට ජයග්‍රහණ ලබන්න පටන් ගත්තා. ඇතැම් ප්‍රබලයින් පවා ඔවුන් ඉදිරියේ දෙවැනි තැනට වැටුණා.ගෝල් ඒ අපූරු කතා පුවතයි. හීන හොයන සමනල්ලු සිනමාපටය ගෙන ආ රොහාන් පෙරේරා මෙම සිනමාපටයේ ද අධ්‍යක්ෂවරයාය.

ගෝල් රංගනයෙන් හැඩ කරන්නේ

ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නයනා හෙට්ටිආරච්චි, ජයනි සේනානායක, අනුලා බුලත්සිංහල, ලක්ෂ්මන් මෙන්ඩිස්, සේවියර් කනිශ්ක, ඩේවිඩ් කරුණාරත්න, රිෂාන් නයිසර්, තේෂාන් තුෂ්මික, ධනංජය නවීන්, මොහොමඩ් ෂ්‍යාම්, පවන් බිම්සර, සුභාෂිණි ජයරත්න, කවිඳු කල්හාර, ටී. ශ්‍යාම්.