වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
Sui Dhaaga

මෑත කාලීනව බොලිවුඩ් සිනමාවේ වෙනස් ආකාරයේ සිනමා නිර්මාණ බිහිකරමින් ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන් නව මානයකට යොමු කිරීමට සිනමා නිර්මාණකරුවන් උත්සාහ ගන්නා බවක් දකින්නට ලැබුණා.

ක්‍රියාදාම, ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය වැනි චිත්‍රපට අතරේ  Toilet: Ek Prem Katha, Poster Boys, Pad Man වැනි චිත්‍රපට නිර්මාණය වූයේ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය වෙනුවෙන්. යහපත් සෞඛ්‍ය පුරුදු තේමාවෙන් බැහැරව මෙවර බොලිවුඩයෙන් එළිදැක්වෙන

Sui Dhaaga  චිත්‍රපටයත් තවත් ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් නිර්මාණය වූවක්.

Sui Dhaaga  හි අර්ථය වන්නේ ‘ඉඳීකටුව සහ නූල’ යන්නයි. මෙම චිත්‍රපටයට පදනම් වී තිබෙන්නේ 2014 වසරේදී ඉන්දීය රජය විසින් ආරම්භ කළ ‘Make in India’ වැඩසටහනයි. එය මීට පෙර ඉන්දියාවේ ක්‍රියාත්මක වු ‘ස්වදේශී ව්‍යාපාරය’ ලෙසින් ආර්ථිකයේ අංශ 25ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන්නකි. ඉන්දීය නිදහස් සටනේ කොටසක් ලෙසින් ක්‍රියාත්මක ‘ස්වදේශී ව්‍යාපාරය’ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලයෙන් ඉවත් කිරීම හා ඉන්දියාවේ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ආර්ථික උපාය මාර්ගයක් විය. Sui Dhaaga  චිත්‍රපටය ‘Make in India’ වැඩසටහන යටතේ දේශීය රෙදිපිළි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයකි.

යෂ් රාජ් ෆිල්ම්ස් විසින් ඉදිරිපත් කෙරෙන Sui Dhaaga  නිෂ්පාදනය කර තිබෙන්නේ මනීෂ් ශර්මා සහ ආදිත්‍ය චොප්රා විසින්. ශාරත් කටාරියා විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ මෙහි සංගීත නිර්මාණය කර තිබෙන්නේ අනූ මලික්. කුඩා නගරයක ජීවත් වන රැකියා විරහිත පුද්ගලයකු විසින් තමාගේම ඇඟළුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වටා මෙහි කතාව ගෙතී තිබෙනවා. වරුන් ධවාන් සහ අනුෂ්කා ෂර්මා Sui Dhaaga  හි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර වරුන්, මවෟජි නම් ඇඳුම් මසන්නෙකුගේ චරිතයටත් අනුෂ්කා, මම්තා නම් එම්බ්‍රොයිඩර් මැහුම් ශිල්පිණියකගේ චරිතයටත් පණ පොවනවා.

“අපේ රට වසර ගණනාවක් පුරා විශ්මිත ව්‍යවසායකයින් රැසක් බිහිකර තිබෙනවා. එහි ආරම්භය සහ එම ව්‍යවසායකයන් මේ දක්වා විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. මේ සිනමා නිර්මාණයෙන් අපි එය සමරනවා” සිය නවතම සිනමා නිර්මාණය පිළිබඳ අනුෂ්කා පවසන්නේ මෙවැනි අදහසක්.

Pad Man  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණය සමඟින් ‘පෑඩ් මෑන් අභියෝගය’ ද අන්තර්ජාලය ඔස්සේ ඉහළ කතාබහකට ලක් වූ අයුරු ඔබට අමතක නැතුව ඇති. මෙවර Sui Dhaaga  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණය සමඟින් ද තවත් අභියෝගයක් පසුගිය කාලයේ විවෘත වුණා. එනම් ඉතා ඉක්මනින්, වේගවත්ව ‘ඉඳීකටුවට නූල දැමීමේ අභියෝගය’ යි. ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රම් වැනි මාධ්‍ය ඔස්සේ මෙම අභියෝගය විවෘතව ඇත. ඒ වෙනුවෙන් ඕනෑම අයෙකුට තමන් ඉඳීකටුවට නූල දමන අයුරු වීඩියෝ එක් කළ හැකි අතර අවසානයේදි එම අභියෝගයට තවත් පුද්ගලයෙකු නම් කළ යුතු වෙනවා.

එම අභියෝගය ආරම්භ කරමින් අනුෂ්කා සහ වරුන් ට්විටර් ඔස්සේ වීඩියෝවක් නිකුත් කළ පසු ශාරුක් ඛාන් සහ අක්ෂේ කුමාර් වෙත Sui Dhaaga  - ‘ඉඳීකටුවට නූල දැමීමේ අභියෝගය’ ඉදිරිපත් කළා. ශාරුක් එම අභියෝගය පිළිගත්තේ විශාල ඉඳීකටුවකට නූලක් දමමින්. ආලියා භාත්, කරන් ජොහාර්, රන්බීර් කපූර්, ආදිත්‍ය කපූර් ද මෙම අභියෝගයට එක් වී සිටිනවා. මේ වන විට Sui Dhaaga  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණය සමඟින් මෙම අභියෝගය බොලිවුඩය තුල ඉතා හාස්‍ය ගෙන දෙන්නක් බවට පත් වී තිබෙන බවත් කිව යුතුයි.

හෙට (සැප්තැම්බර් 28) සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත හාස්‍යමය හින්දි චිත්‍රපටයක් වන Sui Dhaaga  ඉතා සංවේදී නමුත් අද්විතීය චිත්‍රපටයක් සේම එය හරහා ශක්තිමත් පණිවුඩයක් දීමට උත්සාහ කර ඇති බවත් විචාරකයන් සිය අදහස් පළකර සිටිනවා.