වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
තරුවක් උපදින ආදරණීය කතාවක්

තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born

පසුගිය කාලයේ දී සිනමා ලෝලීන්ගේ හද දිනූ පැරණි චිත්‍රපට කිහිපයකම ප්‍රතිනිර්මාණ මෙන්ම ඉදිරි දිගහැරුම් හොලිවුඩයෙන් දකින්නට ලැබීම විශේෂත්වයක්. හෙට (ඔක්තෝබර් 05) සිට ලොවපුරා තිරගත කෙරෙන  A Star Is Born  චිත්‍රපටය ද ප්‍රතිනිර්මාණයක් ලෙසින් මේ අතරට එක් වී සිටින තවත් චිත්‍රපටයක්.

 A Star Is Born  ප්‍රතිනිර්මාණය, ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බ්‍රැඩ්ලි කූපර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි.  A Star Is Born  යනු හොලිවුඩයේ දිගු අතීතයකට උරුමකම් කියන්නා වූ සිනමා නිර්මාණයක් වීමත් විශේෂත්වයක්. එය, විලියම් ඒ. වෙල්මාන් විසින් අධ්‍යක්ෂණය කර 1937 වසරේදී තිරගත කළ  A Star Is Born  චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. එහි රංගනයෙන් දායක වූයේ ඔස්කාර් සම්මාන ලාභි නළු නිළි යුවලක් වන ජැනට් ගේනෝර් සහ ෆේඩ්‍රික් මාර්ච් විසිනි.

1954 වසරේදී ජූඩි ගාර්ලන්ඩ් සහ ජේම්ස් මේසන් රංගනයෙන් දායක වෙමින් එය නැවත ප්‍රතිනිර්මාණය වූ අතර එය ජොර්ජ් කුකර් විසින් අධ්‍යක්ෂණය කෙරුණි. 1976 වසරේදී  A Star Is Born  චිත්‍රපටය යළිත් වරක් ප්‍රතිනිර්මාණය කෙරුණු අතර ෆ්‍රෑන්ක් පියර්සන් විසින් අධ්‍යක්ෂණය කළ එහි බාබරා ස්ටෙරිසන්ඩ් සහ ක්‍රිස් ක්‍රිස්ටොෆර්සන් රංගනයෙන් දායක වුණි. මේ අනුව කූපර්ගේ  A Star Is Born  එහි මුල් චිත්‍රපටයේ තෙවැනි ප්‍රතිනිර්මාණය යි.

දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ සංගීතඥයෙකු සමඟ ආදරයෙන් බැඳෙන තරුණ ගායිකාවක වටා මෙහි කතාව ගෙතී ඇත. ජැක්සන් මෙයින් නම් සංගීතඥයා ඇලී නම් තරුණියට ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට උපකාර කරන්නේ ඇය සිය බලාපොරොත්තු අත හැරීමට සැරසී සිටින අවසන් මොහොතේදීයි.

තම උපකාර මත ඇලී සංගීත ජීවිතයේ අති සාර්ථක ගමනක නිරතවන විටදී ජැක්සන්හට තම සිත තුළ ඇති වන දුෂ්ට සිතුවිලි සමඟින් සටන් කරන්නට සිදු වේ. මේ කතා පුවත යළිත් සිහිපත් කරන විටදී 70 දශකයේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ අබිතාබ් බච්චන් සහ ජයා බහදූරි රඟ පෑ  Abhimaan (1973) චිත්‍රපටය මෙන්ම 2013 වසරේදී තිරගත කෙරුණු ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර් රඟ Aashiqui 2 චිත්‍රපටය ද අමතක කළ නොහැකි වේ.

 A Star Is Born  චිත්‍රපටයේ මෙම නව ප්‍රතිනිර්මාණය පිළිබඳවද හොලිවුඩයේ දිගු කාලයක් පුරා කතාබහ ඇති වී තිබූ අතර ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණයෙන් බියොන්සේ තරුව බවට පත් කිරීමට මුලදී අවධානය යොමු වී තිබුණි. වසර කිහිපයක් පුරා මෙහි නිර්මාණ කටයුතු පිළිබඳ සාකච්ඡාවලදී ක්‍රිස්ටියන් බේල්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, විල් ස්මිත් සහ ටොම් කෲස්ගේ නම් ද වරින්වර ප්‍රධාන චරිතයට යෝජනා විය. කෙසේ නමුත් අවසානයේදී ප්‍රධාන චරිතය මෙන්ම අධ්‍යක්ෂණය ද භාර කෙරුණේ බ්‍රැඩ්ලි කූපර් වෙතටයි.

අමෙරිකානු, සංගීතමය, ප්‍රේමණීය චිත්‍රපටයක් වන  A Star Is Born  නව ප්‍රතිනිර්මාණයේ තිරපිටපත කූපර් ඇතුළුව එරික් රූත් සහ විල් ෆෙටර්ස් විසින් රචනා වූවකි. බ්‍රැඩ්ලි කූපර් සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක මෙන්ම නිළියක ද වන ලේඩි ගාගා විසිනි. පළමු ප්‍රතිනිර්මාණයට දායක වූ ජූඩි ගාර්ලන්ඩ් සේම දෙවැන්නේ බාබරා ස්ටෙරිසන්ඩ් සහ ක්‍රිස් ක්‍රිස්ටොෆර්සන් රංගන ක්ෂේත්‍රයේ මෙන්ම ගායන ක්ෂේත්‍රයේ ද තරු වීම විශේෂත්වයකි.

2001 වසරේදී යොවුන් ගායිකාවක ලෙසින් ගායක ක්ෂේත්‍රයට පැමිණි ස්ටෙෆනි ජොආන් ඇන්ජලීනා ජර්මනෝටා හෙවත් ‘ලේඩි ගාගා’ ගිනස් ලෝක වාර්තා ද ඇතුලුව සම්මාන රැසකට හිමිකම් කියන ගායිකාවකි. American Horror Story: Hotel  රූපවාහිනි කතා මාලාවේ රංගන වෙනුවෙන් 2016 වසරේදී හොඳම නිළියට (රූපවාහිනි කතාමාලා) හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. 2016 වසර වන විට ඇයගේ ගීත ඇල්බම මිලියන 27ක අලෙවියක් ද තනි ගීත මිලියන 146ක අලෙවියක් ද වාර්තා කර තිබුණි.

කුලුදුලේ අධ්‍යක්ෂණයට පිවිසි බ්‍රැඩ්ලි කූපර් පිළිබඳවද විශේෂ සටහනක් තැබිය යුතුම වේ. ඔහු සිනමා ක්ෂේත්‍රයේ සුප්‍රකට සිනමා උලෙළ රැසකම සම්මාන රැසකට නිර්දේශ නාම අතරට ඇතුලත් වූ නළුවෙකි. ඔස්කාර් සම්මාන හතරක්, බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකක් ද වෙනුවෙන් වූ නිර්දේශ නාම ඒ අතර වේ. American Sniper, Avengers: Infinity War, Guardians of the Galaxy, American Hustle ඇතුලු චිත්‍රපට රැසකට සහ රූපවාහිනි කතාමාලා රැසකද ඔහුගේ රංගනය විශේෂ විය. එපමණක් නොව වසර කිහිපයකම හොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන නළුවන්ගේ නම් ලැයිස්තුවට කූපර්ගේ නම ද ඇතුලත් වී තිබුණි.

 A Star Is Born  චිත්‍රපටයේ නව ප්‍රතිනිර්මාණයට IMDb  දර්ශකයේ ලකුණු 8.8/10ක් හිමි වී ඇති අතර රොටෙන් ටොමැටෝස්හි 95%ක් සමඟින් ඉහළ විචාරක ප්‍රතිචාරයක් හිමි වී ඇත. බ්‍රැඩ්ලි කූපර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය, ප්‍රධාන චරිත බෙහෙවින් සෘජු දිශාවකට යොමු කරන්නා වූ ආකර්ෂණීය ආදර කතාවක් ගෙන එන චිත්‍රපටයක් සේම ඉතාම නිවැරදි ලෙසින් කළ ප්‍රතිනිර්මාණයක් බව විචාරක අදහසයි. ඇතැම් පැරණි කතා නැවත නැවත කීම සාර්ථක මෙන්ම ප්‍රතිඵලදායක බවට මෙය කදිම උදාහරණයක් බව තවත් විචාරකයෙකුගේ අදහසයි. මෙහි කූපර්ගේ රංගනය සේම ලේඩි ගාගාගේ රංගනය ද විචාරකයන්ගේ විශේෂ අවධානයට ලක් වී ඇති අතර  A Star Is Born  යනු ලබන වසරේදී ඔස්කාර් බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිර්මාණයක් බවද විචාරක අදහස් අතර වේ.