වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව

බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව

එදා නොම්මර 17, පුදුමයි ඒත් ඇත්තයි නිපදවූ
ප්‍රීතිරාජ් යළි සිනමාවට

ඇත්ත සමහරුන්ට තිත්තය. එහෙයින් බොහෝ දෙනෙකු ඇත්තට කැමැති නැත. වලිසිංහ ඇමැතිද එසේමය. ඔහුට ද ඇත්ත තිත්තය. එහෙත් බොරුව පැණි රසය. මොන දේ වුණත් වලිසිංහ අන්ත මෝඩයෙකි. කරන්නේම මෝඩ වැඩය. බොරුවෙන් ජීවත් වන්නට ද උපන් හපනෙකි. වලිසිංහට උපදේශකවරයෙක් සිටියි. ඔහුගේ ද උපදෙස් වලිසිංහගේ මෝඩ වැඩවලට ඉනිමං බැන්දා හා සමානය. අතේ සතේ නැතුව දේශපාලනයට පිවිසුණු වලිසිංහ ඇමතිවරයකු බවට පත් වූදා සිට යහමින් මුදල් උපයයි.

දේශපාලනයෙන් කිසිවකුට සෙතක් නැත. සෙතක් ඇත්තේ වලිංසිංහට සහ මෝඩ උපදේශකටම පමණි. ඔවුන්ගේ කතාව එලෙස යද්දී වලිසිංහගේ හොරකම් මැරකම් වීඩියෝ කරන කොලු ගැටයෙකි. ඔහු විසේකුරුට්ටාය. තම ජංගම දුරකතනයට වලිසිංහගේ දුරාචාරාත්මක ක්‍රියාකාරකම් පටිගත කර ගන්නා ඔහු ඔවුන්ව බ්ලැක්මේල් කිරීමට පටන් ගනියි. මේ අතර හිඟන නායකයකු සිටියි. ඔහු ගෙම්බාය. හිඟන්නෙකු කිවුව ද බාහිරින් ඔහුට කිසිදු හිඟන ලක්ෂණයක් නැත. එහෙත් ගෙම්බා හිඟන වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ අවධානයෙන් පසු වෙයි. මේ අතර වලිසිංහ ඇමති කඹයක් අතැතිව උපදේශකගේ උපදෙස් මත රාජ්‍ය සේවකයකු ගසක් ළඟට රැගෙන යයි. මෙහි කතාව ඇරැඹෙන්නේ එතැනිනි.රසමුසු අවස්ථා මධ්‍යයේ වලිසිංහගේ ජීවිත කතාව හාස්‍යෝත්පාදක අන්දමින් එලෙස ගලා යන්නේය.

තිත්ත ඇත්ත එම සිනමා සිතුවම වේ. එය රැගෙන එන්නා සුවිශේෂී තැනැත්තෙකි. ඔහු ප්‍රීතිරාජ් වීරරත්නය. නොම්මර 17, පුදුමයි ඒත් ඇත්තයි ආදී ජනකාන්ත සිනමා සිතුවම් ඔබට තිළිණ කළේ ඔහුය. ප්‍රීතිරාජ් අවසන් නිපැයුම සූරවීර චණ්ඩියෝය. ඉන් පසුව ඉතා දිගු කලෙක විරාමයකින් අනතුරුව ප්‍රීතිරාජ් මෙලෙස වලිසිංහගේ කතා පුවත රැගත් සිනමා සිතුවම ගෙන එන්නේය. කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ප්‍රීතිරාජ් වීරරත්නගෙනි.

තිත්ත ඇත්ත නළු නිළි පිරිවර:

සනත් ගුණතිලක, ටෙනිසන් කුරේ, විල්සන් කරු, දොන් ගයි, රජිත හිරාන් චාමිකර, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, නිල්මිණි කෝට්ටේගොඩ, උදය කුමාරි, ඩී. බී. ගංගොඩතැන්න, සැන්ඩෝ හැරිස්, කිරන් සොයිසා, චතු චතුරංගනී, රවී උඩත්තාව, දිල්කි මිහිරාජි, මධුශානි ප්‍රදීපා වික්‍රමසිංහ (හඳුන්වා දෙන) රහුල් රිෂික (හඳුන්වා දෙන) සමඟ හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා

තිත්ත ඇතත් නිෂ්පාදන පිරිවර:

කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරප්පෙරුම (ෂැගී)

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය - ඉරාජ් වීරරත්න

අංග රචනය - උභය දිසානායක

කලා අධ්‍යක්ෂණය - සුරංජිත් බණ්ඩාර

නිෂ්පාදන කළමනාකරු - අජිත් ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ

නිශ්චල ඡායාරූප - චින්තක දේවප්‍රිය