ඉහිරුණු කිරි කතරගම රූපගත කෙරේ

මේ අවුරුදු කාලේ කොයි කවුරුත් සුබ පතන්නෙ නව අවුරුද්ද කිරි පැණි උතුරන්න කියලා. හැබැයි මේ කියන්න යන්නෙ උතුරණ කිරි ගැන නම් නොවෙයි. ‘ඉහිරුණු කිරි’ ගැන. ‘මතක මං පෙත’, ‘අමායා’, ‘ලාබයි ඇපල්’ ආදී ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳ ගත් ටෙලි නාට්‍යයන් අධ්‍යක්ෂණය කළ සංජය ගුණවර්ධනගේ දහවන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය ‘ඉහිරුණු කිරි’. මුහුරත් උළෙල අවසන් වූ සැනින්ම සංජය ප්‍රමුඛ කණ්ඩායම මේ දිනවල කතරගම ප්‍රදේශයේදී රූගත කිරීම් ආරම්භ කරලා.

සුසන්තා චන්ද්‍රමාලි, බිමල් ජයකොඩි, මුතු තරංගා, අසංක දේවමිත්‍ර, කීර්ති රංජිත් පීරිස්, නෙතලි නානායක්කාර, කුමාර වඳුරැස්ස, මියුරි සමරසිංහ, බියංකා ෆොන්සේකා, ශාලිකා එදිරිසිංහ, නිමාශා ද සිල්වා, චමන්ති ගණේගොඩ සහ කපිල සිගේරා ගේ රංගනයෙන් හැඩවෙන ‘ ඉහිරුණු කිරි’ දිලිප් පුස්වැල්ලගේ කැමරාකරණයක්.

ප්‍රියංකා අමරතුංග ගේ තිර රචනයක් වන ‘ඉහිරුණු කිරි’ සඳහා වසන්ත රාජා සමඟ ජානක නිශ්ශංක සහය අධ්‍යක්ෂණයෙන්, අරුණ ශාන්ත ජයසූරිය අංග රචනයෙන්, චමින්ද ඉලුක්වෙල කලා අධ්‍යක්ෂණයෙන්, රෝහණ ධර්මකීර්ති සංගීතයෙන් සහ චන්දන ශ්‍රී සුධාරක නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වෙනවා. නෙතුලි ක්‍රියේෂන් ඉදිරිපත් කරන ‘ඉහිරුණු කිරි’ සංජය ගුණවර්ධන ගේ සහ කුමාර වඳුරැස්සගේ නිෂ්පාදනයක්.


සේපාලිකා සතියේ දින පහේම

ඡ්‍යොතිර්වේදියා පැවසූ රහස සිතෙහි සඟවා ගෙන බලා සිටින පහන් එක පසක. අනෙක් පස, යටි සිතින් පමණක් ආලෙන් වෙලෙන ලාලිත්‍ය සමඟ සේපාලිකා. පන්ති භේදය නම් කඳු වැටිය ඔස්සේ ඉදිරියටම ගලා යන මොවුන්ගේ ආදර නදියේ අවසානය කෙබඳු වේද? එය හරියටම දැන ගන්න අප්‍රේල් 2 වනදා සිට සතියේ දින පහේම රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවන ‘සේපාලිකා’ නරඹන්න.

ආදරයට ආදරය කරන ඔබ වෙනුවෙන් ස්වර්ණවාහිනිය තිලිණ කරන ‘සේපාලිකා’ ටෙලි සිතුවම ජනක චමින්ද අත්තනායකගේ අධ්‍යක්ෂණයක් සහ කැමරාකරණයක්. අනුලා කරුණාතිලක, සුමින්ද සිරිසේන, ගීීතා කාන්ති ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, ලයනල් වික්‍රම, සුරාජ් මාපා, චතුරිකා පීරිස්, ගයාන් වික්‍රමතිලක, මනෝරි විමලතුංග, කුමාරි මුණසිංහ, මාධනී මල්වත්තගේ, පියුමි පුරසිංහ, නිරෝෂා තලගල, තිස්ස බණ්ඩාරනායක, මහේන්ද්‍ර වීරරත්න, ශානිකා බණ්ඩාරනායක, කපිල සමරකෝන්, නිමාලි කපුගේ, දිනූෂා ලක්මාලි, දයාසිරි හෙට්ටිආරච්චි සහ කුමුදු අධිකාරි ගේ රංගනයෙන් අපූරුවට හැඩවන සේපාලිකා සනත් සමරනායක ගේ තිර රචනයක්.

සංස්කරණයෙන් අසුන් මල්වත්ත, සහය අධ්‍යක්ෂණයෙන් කපිල සමරකෝන්, අංග රචනයෙන් විශ්වනාත් විජේසූරිය, කලා අධ්‍යක්ෂණයෙන් චාමින්ද වාස්, සංගීතයෙන් ප්‍රියන්ත නාවලගේ දායක වන ‘සේපාලිකා’ රංජිත් ප්‍රේමලාල් (රන්සිළු වීඩියෝ) නිෂ්පාදනයක්.


හද රැඳි ගී නැවතත්

රූපවාහිනියට

ඔබේ හද රැඳි ගී රස විඳින්න යළිත් ළඟදීම දවසක ඔබට අවස්ථාව උදා වෙනවා. වසර දහ අටකට පසු ඔබ හමුවට ජාතික රූපවාහිනිය ඔස්සේ එන ‘හද රැඳි ගී’ සිරිතුංග පෙරේරා ගේ අධ්‍යක්ෂණයක්.

ඔබේ ගී වින්දනය උදෙසා ජනප්‍රිය ගායක ගායිකාවන් සම්බන්ධීකරණය සිදු කරන්නේ මහේෂ් ජයසිංහ. නුදුරු දිනක වින්දනීය අඩ හෝරාවක් සමඟ එක් වන්න ඔබත් සූදානම් වන්න.


රෝෂන් මිණි මුතු සමඟ

සැබෑ ආලයත් ව්‍යාජ ආලයත් අතර දෝලනය වන යෞවනියකගේ කතා පුවත රැගත් ටෙලි සිතුවම ‘මිණි මුතු’ ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, කුසුම් රේණු, අනුර බණ්ඩාර රාජගුරු, අමිල අබේසේකර, ඩබ්. ජයසිරි, අනර්කලී ආකර්ෂා, නිලන්ති විජේසිංහ, මහේෂි මදුසංක, සංජය මොරගොල්ල, සම්පත් ජයවීර සහ නිර්මා සුරංජි ගේ රංගනයෙන් මිණි මුතුහැඩ වෙනවා.

සම්පත් ශ්‍රී රෝෂන් නම් මිණි මුතු සඳහා අධ්‍යක්ෂණයෙන් විතරක් නෙවෙයි, රංගනයෙනුත් දායක වෙනවා. ‘මිණි මුතු’ අරුණ ප්‍රේමරත්නගේ නිෂ්පාදනයක්. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වෙනවා. සෙන්ට්‍රිග්‍රේඩ්ස් සංගීතයෙන් හැඩ වුණු කැළුම් ශ්‍රීමාල්ගේ ගේය පද ගයන්නේ සෙන්ට්‍්‍රග්‍රේඩ්ස් සමඟින් සමිතා මුදුන්කොටුව. සඳමාලි මොරගොල්ල, සංජය මොරගොල්ල සහ ආචාර්ය අසේල ශ්‍රී ලාල් පණ්ඩිත නිෂ්පාදනය කරන ‘මිණි මුතු’ ටෙලි නිර්මාණයේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ එච්. එම්. සුගත් සිසිර.


‘ශ්‍රද්ධාංජලී’ ස්වදේශීය සේවයෙන්

ප්‍රවීණ කවියකු, ගීත රචකයකු, මෙන්ම පුවත්පත් ලේඛකයකු ද වන ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමණාකරුවකු වූ ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි පිටපත ලියූ ‘ශ්‍රද්ධාංජලී’ විශේෂ ගී සමාධිය මේ මස පොහෝදා (06) දහවල් 12 සිට 12.45 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරණය වේ.

දිල්කා විමර්ශනී කථනයෙන් දායක වන ‘ශ්‍රද්ධාංජලී’ රෝහණ ධර්මකීර්ති ගේ නිෂ්පාදනයකි.


කවරයේ කතාව

අද සරසවිය කවරය හැඩවන්නේ ‘ ඉර බට තරුව’ ටෙලි සිත්තමෙන් කලා අඹර ස්වකීය රංගන හැකියාවෙන් හැඩ ගැන් වූ සේමිණි ඉද්දමල්ගොඩගේ රුවිනි. සරසවිය, සුමති ආදී සම්මාන උළෙලවන්හිදී සම්මානයට පාත්‍ර වූ ඕ සිය රංගන හැකියාව වේදිකාවේදී සහ පුංචි තිරයේදී මෙන්ම රිදී තිරයේදී ද විදහා දැක් වූවාය. නේත්‍රා මංගල්‍යය, කළුවර ගෙදර, ස්වයංජාත යන ආදී ටෙලි නාට්‍ය ඔස්සේ ද, යකඩ පිහාටු, සුදු හංසි, දකින දකින මල් ආදී සිනමාපට ඔස්සේ ද ඔබ හමු වූ සේමිණි රිදී තිරයෙන් මෙන්ම පුංචි තිරයෙන් ද ළඟදීම දවසක ඔබ හමුවේවි.


සෙව්වන්දි රුවන්පුරේ දී ඇරැඹේ

සුරේෂ් කුමාරසිංහගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය ‘සෙව්වන්දි’ එහි මුහුරත් උළෙල පසුගියදා කුරුවිට ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඩග්ලස් රණසිංහ, උමයංගනා වික්‍රමසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, මංජුල මොරගහ, අකිල සඳකැළුම්, නිර්ධා උයන්හේවා, සමන්ති ලැනරෝල්, සරත් දික්කුඹුර, ජීවන් හඳුන්නෙත්ති, ප්‍රමිලා සුරංගනී, ලක්ෂිකා ෆොන්සේකා, අනුර බණ්ඩාර රාජගුරු, ස්වර්ණලතා රණසිංහ, කුමුදුනී අධිකාරි, ඩී. බී. ගංගොඩතැන්න, රෝමා රෝෂි ජයකොඩි, රොහාන් ප්‍රියදර්ශන, කවීෂා අයේෂානි, කුමාර රණේපුර, ගාමිණී කුමාර, චාන්දනී කුරුවිට හා නිශාන්ත කුමාර රංගනයෙන් දායක වන ‘සෙව්වන්දි’ රූපවාහිනියට ලියන්නේ රිහාන් රවීන්ද්‍ර.

කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ප්‍රදීප් සහ දමිත් අල්විස්, සංස්කරණයෙන් රංදික නදීෂාන්, කලා අධ්‍යක්ෂණයෙන් හේමචන්ද්‍ර පෙරේරා සහ වේශ නිරූපණයෙන් රසික තෙන්නකෝන් සුරේෂ්ට සහාය වෙනවා. ‘සෙව්වන්දි’ රංජිත් ජයසේකර ගේ නිෂ්පාදනයක් වන අතර පී. වික්‍රමනායක ‘සෙව්වන්දි’ සඳහා විධායක නිෂ්පාදනයෙන් දායක වෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු