ගෙවනවානම් මෙන්න බදු

තරු යුද්ධයෙන් අංක එක වීමට, වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත්වීමට තරුවල ඇත්තේ තරගයකි. එහෙත් කිසිම තරුවක් ආදායම් බදු ගෙවීමේ වාර්තා පිහිටුවීමට නම් අකැමැති බව ඒකාන්තයි.

මේ අකැමැතිම කාර්යයෙන් 2011 වසරේ වාර්තා පොතට එක් වී සිටින්නේ අක්ෂේ කුමාර්ය. ඔහුට පසුගිය වසරේ ඉන්දියානු රුපියල් කෝටි 20 ක ආදායම් බදු ගෙවීමට සිදු වී තිබේ.

ෂාරුක් හා සල්මන් ඉන්දියානු රුපියල් කෝටි 10 බැගින් ආදායම් බදු ගෙවා ඇති අතර ඛාන් ත්‍රිත්වයෙන් අඩුම බදු ගෙවා ඇත්තේ අමීර් ඛාන්ය. ඔහු ගෙවා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 6.5 කි.

බොලිවුඩයේ තාරකාවන්ගෙන් ආදායම් බදු ගෙවීම් අතින් ඉදිරියෙන්ම සිටින්නේ කරීනා කපූර්ය. ඇය ගෙවූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 4 කි.

පුදුමයකට මෙන් ඓශ්වර්යා රායි දෙවැනි තැනට පත් වී සිටින්නීය. ඇයට ගෙවීමට සිදු වී ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 2.5 කි. ගිය වසරේදී ඇය එතරම් රඟ නොපෑම මීට හේතුව වශයෙන් සැලකෙයි.

ඉන්දියානු රුපියල් කෝටි 1.5 ක් ගෙවමින් ප්‍රියංකා චොප්රා තෙවැනි තැනට පත් වී සිටින්නීය.


තහනම් ගහෙන් මංගල සීනු

තාරකාවක කාන්තිය වැඩිවන තරමට එය පැහැදිලිව පෙනෙනවා ද වැඩිය. එනිසාම කෙතරම් වලා පටලයකින් සැඟවීමට උත්සාහ කළ ද ඊට අවසරයක් නම් ලැබෙන්නේ නැත.

රාණි මුකර්ජි පසුගිය කාලවකවානුවේදී ආදිත්‍ය චොප්රා සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි බව සැඟවීමට කෙතරම් උත්සාහ ගත්ත ද එය සාර්ථක වෑයමක් නොවීය.

විවාහකයකු වූ ආදිත්‍ය චොප්රා සමඟ රාණිගේ ආදර අන්දරය ගොඩ නැගුණේ ආදිත්‍යගේ පියා යාෂ් රාජ්ගේ සිනමාපටවල රඟද්දීය.

රාණි රඟපෑ, යාෂ්ගේ සිනමාපට බොහොමයක් අති සාර්ථක විය. එහෙත් රාණි හා ආදිත්‍යගේ ප්‍රේමය හෙලිදරව් වීමෙන් පසු යාෂ්ගේ සිනමාපටවලට රාණි දායක වූයේ නැති තරම්ය. රාණි හා යාෂ් චොප්රා එකට මුණ නොගැසීම ද කාටත් පැහැදිලිව දකින්න ලැබුණු සිදුවීමකි.

පුතු ආදිත්‍යගේ විවාහය දෙදරා යාමට රාණි මුල් වූ බව යාෂ් චොප්රා විශ්වාස කළේය. මේ වෙන විට ආදිත්‍ය බිරියගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ද පවරා අවසන්ය.

අලුත්ම ආරංචිවලට අනුව රාණිට මංගල වරම් ගෙන දෙමින්, යාෂ් චොප්රා පවුලේ තිබූ වැරැදි වැටහීම් සියල්ල දැන් අවසන් වී ඇත. යාෂ් පවුල දෙදෙනාගේ විවාහයට සුබ පතන්නේ ආදිත්‍ය - රාණි අතරට තිබූ බාධකය ද අවසන් කරමිනි.

රාණි මාර්තු 21 වැනිදා සිය තිස් හතර වැනි උපන් දිනය සැමරුවේ පෙම්වතා ආදිත්‍ය සමඟයි. එහිදී ආදිත්‍යගේ පියා කියා සිටියේ රාණි ඉක්මනින්ම පිළිවෙළක් වෙන බවයි.

ඇය මේ දිනවල ෂාරුක් සහ කත්‍රිනා සමඟ ලන්ඩනයේ ‘තලාෂ්’ රූගත කිරීම්වල නිරත වන්නීය. මේ අනුව 2012 වසරේදී රාණිට ද මංගල සීනු හැඬ වෙනු ඇත.


ජැකලයින් බොලිවුඩ් හරහා හොලිවුඩ්

පෙරදිග මුතු ඇටයෙන් අසල්වැසියාට දායාද වුණු සොඳුරුම තිළිණයක් වන්නේ ජැකලයින් ෆර්නැන්ඩස්ය. අද ඇය බොලිවුඩයට නැතුවම බැරි තරුවකි.

නවතම ආරංචිවලට අනුව අපේ ජැකලයින් ළඟදීම හොලිවුඩයේ ද පායන තරුවක් බවට පත් වෙනු ඇත. ජේම්ස් සිම්ප්සන් අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් කැනේඩියානු - බ්‍රිතාන්‍ය නිෂ්පාදනයේ ඇය රඟන්නට නියමිතය. හිටපු ශ්‍රීී ලංකා රූප රාජිනිය බොලිවුඩයට දොරට වැඩියේ 2009 දී තිරගත වූ ‘ඇලඩීන්’ සිනමාපටයේ රඟමිනි. ඊළඟට ඇය රැඟුවේ ‘ජානේ කහාන් සේ ආයි හයි’ හාස්‍යජනක සහ ප්‍රේමණීය සිනමා වෘත්තාන්තයේයි. මේ සිනමාපට දෙකම ආදායම් වාර්තා අතින් අසාර්ථක වුවත් ඉන් පසු ඇය රැඟූ ‘මර්ඩර් 2’ 2011 දී වැඩිම ආදායමක් ලැබූ සිනමාපටයක් විය.

‘හවුස්ෆුල් 2’ ඇයගේ අලුත්ම බලාපොරොත්තුවයි.

‘ශ්‍රීී ලංකාවේ රසිකයන්ගෙන් මට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ලංකාවේ බොලිවුඩ් රසිකයෝ ඕනෑ තරම්. දැන් අපේ රටට නව ජීවයක් ලැබිලා. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේත් නව පිබිදීමක් දකින්න ලැබෙනවා. මං අපේ සිනමාපටයකත් රඟන්න කැමැත්තෙන් ඉන්නේ.’ ජැකලයින් මාධ්‍යයට මෑතකදී එසේ පවසා තිබේ. සැබැවින්ම එය අපේ රටේ රසිකයන්ට සතුට ගෙනෙන පුවතක් වනු නම් ඒකාන්තය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු