සිංහළ සිනමා විස්තරය

හිතක පිපුණ මල්

තිරගත වූ දිනය – 1972 ජූනි 16
ඉදිරිපත් කිරීම - සන්රයිස් චිත්‍රපට
නිෂ්පාදනය – එච්. එම්. ආර්. ජයසුන්දර
අධ්‍යක්ෂණය – එස්. රාමනාදන්
කතාව – ඩී. වී. සෙනෙවිරත්න
තිර නාටකය හා දෙබස් - ඇන්ටන් අල්විස් (ශ්‍රියාලතා වේදිකා නාට්‍ය ඇසුරිනි)
කැමරා අධ්‍යක්ෂණය – ඇන්. සෙල්වදොරේ
සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලෝරන්ස් කුරේ
භාරත නැටුම් – ගීතාංජලී සිවාජී
නැටුම් අධ්‍යක්ෂණය – විල්සන් ඔලබොඩුව
සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න
සහාය සංගීීත අධ්‍යක්ෂණය – විමල් ජේ. ශ්‍රියාරත්න
ගීත ප්‍රබන්ධය – ගරු මර්සලින් ජයකොඩි පියතුමා, ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, යෝගා බාලචන්ද්‍රන්, දොස්තර ස්පිට්ල්
ගීත ගායනය - සුජාතා අත්තනායක, නන්දා මාලිනී, පී. වී. නන්දසිරි, ඩැල්රීන් ආනෝල්ඩා, වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර, එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, රංජනී පෙරේරා
ගායන සහාය – රංජිත් යාපා ද අල්විස්, සුදර්මා ඒකනායක, ටයිටස් සී. පෙරේරා
ගීත සංඛ්‍යාව - 08
ගීත -
මා මිනි මාමිනි මා දෙයියා - විමල් ජේ. සාගර (දොස්තර ස්පිට්ල්)
චංචල නූපුර කිංකිණි - සුජාතා අත්තනායක (ධර්මසිරි ගමගේ)
දමිළ ගීතය - සුජාතා අත්තනායක (යෝගා බාලචන්ද්‍රන්)
පුංචි පුංචි පුංචි පැංචි – එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
No West No East (ගරු මර්සලින් ජයකොඩි පියතුමා) ඩැල්රිලන් ආනෝල්ඩා රැඟුම් ගැයුම් වැයුම් (ධර්මසිරි ගමගේ)
නන්දා මාලිනී
ආශා දහසක් දෑසේ ලියැවේ - ජෝතිපාල, රංජනී පෙරේරා (පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
කිරි සයුරින් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
කමලාසනි (ශාස්ත්‍රීය ගීතය) පී. වී. නන්දසිරි (ධර්මසිරි ගමගේ)
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම, ආනන්ද පොත්හල
නළු නිළියන් -
ශ්‍රීමතී රණවීර (ශ්‍රියා), සේනාධීර රූපසිංහ (බන්දුල), ශාන්ති ලේඛා, එඩී ජූනියර් (පියා), නවනන්දන විජේසිිංහ (චාලි), ලක්ෂ්මී බායි, ප්‍රේමණී ගුණරත්න (සිල්වියා), දොන් සිරිසේන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු (රෝලන්ඩ්), බියුලා ඩයස් කරුණාරත්න, සින්තියා ක්‍රිස්ටිනා
ආරම්භක සිනමා ශාලා:
ගාමිණී, සැපයර් (මංගල දර්ශනය) මානෙල් - මොරටුව, ජයමිණි – පානදුර, රත්නාවලී – ජාඇල, රාජ් – මීගමුව, නිව් මිනර්වා - කළුතර, ජයන්තා - ගම්පහ, වෙම්බ්ලි - මහනුවර, අනුර – අම්බලන්ගොඩ, නීලා - දංකොටුව, සමන්තා - දෙමටගොඩ, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ක්වින්ලන් – නුගේගොඩ, ඇස්. කේ. සිනමා - මාතර, ඡායා - කෑගල්ල, අනූෂා - මහරගම, සමුද්‍රා - වත්තල, ජෝති - රත්නපුර, විජේන්ද්‍ර – අනුරාධපුරය.


හතර වටේ

තිරගත වූ දිනය – 1972 ජූනි 22
ඉදිරිපත් කිරීම - ශ්‍රීකර චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. එම්. චන්ද්‍රසේන,
එල්. එම්. පෙරේරා
කතාව, දෙබස්, තිර රචනය, සංගීතය සහ අධ්‍යක්ෂණය – එල්. එම්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - තිමති වීරරත්න,
එම්. ඒ. ගපූර්
සංස්කරණය – ඇම්. පී. රූපසේන
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය - කේ. සේන, සුජාතා අත්තනායක,
සනත් නන්දසිරි, එල්. එම්. පෙරේරා, නාරද දිසාසේකර
ගීත:
හාදුව දුප්පත් පොහොසත් කාටත් - කේ. සේන
සක්වල ගල මෙපිට උපන් වික්මැති - සනත්, නාරද, කේ. සේන, සුජාතා
යනු එනු බැරි වී අත පය කොර වී – කේ. සේන දහතෝ දහන්දිතෝ - එල්. එම්. පෙරේරා
නළු නිළියන්
වී. ටී. ජී. කරුණාරත්න (සේනක මුදලාලි), ස්ටැන්ලිපෙරේරා (රාහුල), රුක්මණී දේවි (මැණිකේ), රෝයි ද සිල්වා (රෝහණ), මාටින් ගුණදාස, ඩොමී ජයවර්ධන (ධම්මික), එල්. එම්. පෙරේරා (චන්ද්‍ර), හර්බට් අමරවික්‍රම, එඩී ජමාන්න (ගුණදාස), පියදාස ගුණසේකර, ඩී. ආර්. නානායක්කාර, ගර්ලි ගුණර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති,, පියදාස විජේකෝන්, විමලා ජයවර්ධන, නිහාල් ජයවර්ධන, නීලකන්ඩන් මුත්තයියා, සුමනා අමරසිංහ,, ඇල්ප්‍රඩ් එදිරිමාන්න
මෙහි මංගල දර්ශනය ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.


වීදුරු ගෙවල්

තිරගත වූ දිනය – 1972 ජූලි 14
ඉදිරිපත් කිරීම – ජීවාලෝක චිත්‍රපට
නිෂ්පාදනය හා සංස්කරණය - උපසේන විමලවීර
කැමරාව හා අධ්‍යක්ෂණය – දයා විමලවීර
තිර නාටකය හා දෙබස් - තිස්ස අබේසේකර
කලා අධ්‍යක්ෂණය හා නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
වේශ නිරූපණය - රෝහණ මුදන්නායක, බෙනට් ජයතුංග
නිෂ්පාදන කළමනාකරු - එම්. පී. ගැමුණු
නැටුම් - හෙලන් කුමාරි, ක්‍රිස්ටිනා
ගීත හා දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)
රසායනය – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ
ගීත ගායනය - සුජාතා අත්තනායක, රංජනී පෙරේරා, හරුන් කුමාර් ලන්ත්‍රා, මල්ලිකා කහවිට
ගීත සංඛ්‍යාව - 04
ගීත -
සීතල පාළුව - රංජනී පෙරේරා
ජීවිතේ යෞවන යාමේ – හරුන් කුමාර් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
පෙම් මල් පිපෙන කැලෑවේ – මල්ලිකා කහවිට
මා තනි වී - සුජාතා අත්තනායක
ගීත පොත්- ආනන්ද පොත් හල, මරදාන
නළු නිළියන් -
ජෝ අබේවික්‍රම, සේනාධීර රූපසිංහ, පර්ල් කුරේ, බැසිල් ද සේරම්, තලතා ගුණසේකර, රුක්මණී දේවි, පියදාස ගුණසේකර, නවනන්දන විජේසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, කුමාරි මානෙල්, එඩ්නා සුගතපාල, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, එම්. පී. ගැමුණු, හෙක්ටර් ද සිල්වා


ලොකුම හිනාව

තිරගත වූ දිනය – 1972 ජූලි 28
ඉදිරිපත් කිරීම – ඊ. ඒ. පී. ෆිල්ම්ස්
නිෂ්පාදනය – ඊ. ඒ. පී. එදිරිසිංහ
කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
සංස්කරණය - එඩ්වින් ලීටින්
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – එස්. අලගේෂන්, කුමාරදාස වාගිස්ඨ
නිෂ්පාදන පරිපාලනය – රාජා ජෝසුවා
ශබ්ද පරිපාලනය – ටී. සෝමසේකරන්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
සුනිල් ආරියරත්න, ඔගස්ටස් විනයාගරත්නම්, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – නන්දා මාලිනි, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ෆෙ‍්‍ර‍්‍රඩී සිල්වා
ගීීත:
ආකාසේ කඩන් - ජෝතිපාල (කරුණාරත්න අබේසේකර)
පරණ කෝට් - ෆෙ‍්‍රඩී සිල්වා (සුනිල් ආරියරත්න)
හැඟුම් විසිර දස අතේ – නන්දා මාලිනී (ඔගස්ටස් විනයාගරත්නම්)
කැකුළු මලක පෙති මත - ජෝතිපාල, ඇන්ජලින් (ප්‍රේමකීර්ති)


ගීත පොත්: ඇම්. කේ. පොන්නයියා පිල්ලෙයි සහ සමාගම
නළු නිළියන් -
ඔස්වල්ඩ් ජයසිංහ, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, රොබින් ප්‍රනාන්දු, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, හර්බට් අමරවික්‍රම, ශ්‍රියාණි ෆොන්සේකා, ජෝසප් සෙනෙවිරත්න, එච්. ආර්. ජෝතිපාල, ඒ. ජේ. ද සොයිසා, රෙක්ස් කොඩිප්පිලි, බී. ඇස්. පෙරේරා. සම්පත් ශ්‍රී නන්දලෝචන, ලැටීෂියා පීරිස්, ගැමුණු විජේසූරිය, ස්ටැන්ලි පෙරේරා, විමලා ජයවර්ධන, අනූෂා ගීතාංජලී, ඔලිවර් වීරවර්ධන, මිලී කහඳවල, ලිලියන් එදිරිසිංහ, දෙනවක හාමිනේ. එඩී ජූනියර්, ඩේවිඩ් ධර්මකීර්ති, පර්ල් වාසුදේවි, පූජිත මෙන්ඩිස්, ෆරීනා ලායි, ස්ටැන්ලි ද සිල්වා, ජී. එච්. ස්ටැන්ලි පෙරේරා


මේ දෑස කුමටද

තිරගත වූ දිනය – 1972 සැප්තැම්බර් 02
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය – තිමති වීරරත්න
කතාව සහ දෙබස් - ඩීමන් ආනන්ද
(ඩිඩාර් හිංදි චිත්‍රපටයේ අනුකරණයකි)
සහාය අධ්‍යක්ෂණය - කේ. ඩී. දිසානායක, ජී ඩී. පාන්ඩියන්
කැමරා ක්‍රියා කරවීම – ඇල්. ඇම්. ගුණවර්ධන
කොණ්ඩා මෝස්තර – මල්ලිකා ජයසිංහ
නිශ්චල ඡායාරූප - තිමති ස්ටුඩියෝ
කලා අධ්‍යක්ෂණය - සීඩින් ගමආරිය
නැටුම් – ගුණසිරි පීරිස්
නිෂ්පාදන කළමනාකරු - සරත් තලගල
ශබ්ද පරිපාලනය - සාරංග රාජා
සැකසුම – විජය චිත්‍රාගාරය
රසායනය – එස් . තිරනාවුකරසු
සංස්කරණය – සෙක්ස්ටස් අපොන්සු
සංගීත අධ්‍යක්ෂණය – ටී. ඇෆ්. ලතීප්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, හෙන්රි ධර්මසේන
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, සුජාතා
අත්තනායක, රෝස් තිලකරත්න
ගීත සංඛ්‍යාව - 06
නිල් අහසේ හිරු නැගලා - රෝස් තිලකරත්න
නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල
ඝන අන්ධකාරයෙන් වෙලී – ජෝතිපාල,
සුජාතා අත්තනායක
සෝභාව හංගා මේ ලෝ තලේ -
එච්. ආර්. ජෝතිපාල
ආලෝකයේ අතීතයේ කඳුළින්-
එච්. ආර්. ජෝතිපාල
ආලෝකේ රැස් විහිදලා -
ගීත පොත් –  ආනන්ද පොත් හල, මරදාන
නළු නිළියන් -
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, තලතා ගුණසේකර, ගාමිණී අබේසිංහ, එඩී ජූනියර්, ගාමිණී ඇස්. ජයවික්‍රම, මාක් සමරනායක, විමලා කුමාරි, ප්‍රදීපා රත්නායක, ලාල් මෙන්ඩිස් (ළමා), ප්‍රියන්ති ද සේරම් (ළමා)

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු