සයුර සදිසි පැහැ අරගත් සයුරංගි – අසංග විවාහයේ චමත්කාරය

මැදින් මහ උදාවීමත් සමඟම පසුගිය පළමුවැනිදා ‘තරු’ රැසක් පෑයූ මංගල උත්සවයකට සහභාගීවීමට වරම් ලැබුණා. මේ මංගල උත්සවයේ කතා නායිකාව හිමාලි සයුරංගියි. රූපවාහිනි නිවේදිකාවක් ලෙසින් තම කලා ජීවිතයේ ගමන් ඇරැඹි සයුරංගි අද පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් ඇගේ රංගන කුසලතා මැනැවින් පිළිබිඹු කළ දක්ෂ රංගන ශිල්පිනියක්. 2007 වසර සඳහා පැවැති ‘සරසවිය’ සම්මාන උළෙලේ නැඟි එන නිළියට හිමි සම්මාන දිනා ගැනීමෙන් සයුරංගි ඒ බව ඔප්පු කළා.

සයුර සිහිගැන් වූ ක්ලෙමන්ට් ගේ මංගල කේක් ආකෘතිය

සයුරංගිගේ අත ගත්තේ ‘ඇඩ් ලෑන්ඩ්’ දැන්වීම් ප්‍රචාරක ආයතනනයේ හිමිකරු අසංග ජයලත්ය. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති මංගල උත්සවයට නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ සිට නව පරපුරේ නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ප්‍රභූවරුන් රැසක් ආරාධනා ලැබ සිටියා. බුදු දහමට ඉතා ලැදි නව යුවළ පෝරුවේ චාරිත්‍ර සිදු කිරීමට තොරා් ගෙන තිබුණේ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථාන භූමියයි.

‘සයුරංගි’ නමේ අරුතට ඈ සයුර තේමා කොට ගෙන ඇගේ මංගල උත්සවය විචිත්‍රවත් කොට තිබුණා. ශාලාව ආලෝකකරණය කටයුත්ත කැමැත්තෙන්ම බාරගෙන තිබුණේ ජනප්‍රිය නළු සුරාජ් මාපායි. සයුර හා සබැඳි නිල් වර්ණයෙන් උත්සව ශාලාව ඒකාලෝක වී තිබුණා. සයුර හා සබැඳි සිප්පි කටු රටාවකින් ඇගේ මංගල කේක් ආකෘතිය මනාව නිර්මාණය කොට තිබුණේ ආර්. ක්ලෙමන්ට් ප්‍රවීණ ශිල්පියා අතිනුයි. මේසවල මල් සැරසිලි කලාත්මකව නිම කර තිබූ ලස්සන ෆ්ලෝරා ආයතනය ඒ සඳහා ද සිප්පි කටු උපයෝගී කොට තිබුණා. වරින් වර ඉදිරිපත් කළ නැටුම් සංදර්ශන සඳහා දායකත්වය ලබා දී තිබුණේ ‘සිසිලා’ රංගායතනයේ සිසු සිසුවියන්ය.

සයුරංගිගේ මංගල සාරිය ලබා දී තිබුණේ ‘මාතා’ චිත්‍රපටයේ නිෂ්පාදක සරත් රණවීරයි. සයුර වර්ණ ගන්වමින් නිල් පාටට ඇගේ දෙවෙනි මනාලියන්ගේ සහ මල් කුමාරියන්ගේ ඇඳුම් නිර්මාණය කොට තිබුණේ චරිත් සහ ශලනියි. සයුරංගිව උඩරට මානලියක් ලෙස හැඩ ගැන් වුණේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහයි. ඇගේ දෙවෙනි මනාලියන් ලෙස හැඩ වැඩ වී සිටියේ නව පරපුරේ යොවුන් නිළි ශේෂද්‍රි ප්‍රියසාද් සහ ඥාති සොහොයුරියක වූ රවීෂායි. අසංගගේ දෙවෙනි මනාලයන් ලෙස පෙනී සිටියේ රවීන්ද්‍ර යසස් ගේ පුතු හපන් පැදුරෙන් කරළිියට ආ කසුන් චාමර සහ ඥාති සොහොයුරකු වූ ශානිකයි.

උත්සව ශාලාව පුරා අමුත්තන්ගේ දෙසවන් පින වූයේ කපිල පූගලආරච්චි සහ නෙලූ අධිකාරී මෙහෙය වූ වාද්‍ය වෘන්දයයි. මංගල ඇල්බමයේ ඡායාරූප ගැනීම රවි සිල්වාත් විඩියෝ ගත කිරීම අර්නස්ට් ප්‍රනාන්දුත් බාරගෙන තිබුණි. සරසවිය පාඨකයන් වෙනුවෙන්අපි නව යුවළට සුබ පතමු.

උත්සව ශාලාව ගීයෙන් මන්මත් කළ කපිල සහ නෙලූ

චාන්දනී සමඟ නව යුවළ

නිළි රැජන මාලිනී සහ යශෝධාට එකතු වූ රූපලාවන්‍ය ශිල්පිනී මරීනා

චතුරිකා, කාංචනා, මුතු, දමිතා, සුජානි, නිලන්ති . . . සයුරංගිට සුබ පතන්න ඇවිත්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු