යමුනී රශ්මිකාට සම්මානයක්

ඡායාරූප මාධ්‍යවේදිනී යමුනී රශ්මිකා පෙරේරා ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයෙන් පිරිනමන AFIAP සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ සහකාර ඡායාරූප ශිල්පිනියක ලෙස සේවය කරන යමුනී රශ්මිකා මෙම සම්මානයෙන් පිදුම් ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මේ වනවිට ජාත්‍යන්තර සම්මානයෙන් ඇගයීමට ලක්ව ඇත්තේ ඡායාරූප කලාවේදීන් 15 දෙනෙකු පමණි.

ඒ අතරින් ජාත්‍යන්තර සම්මාන ලද යමුනී රශ්මිකා එකම කාන්තා ඡායාරූප කලාවේදිනිය වන්නීය. එමෙන්ම සම්මානය ලබාගත් ළාබාලම ඡායාරූප මාධ්‍යවේදිනිය ද වන්නීය.

යමුනී රශ්මිකා ඡායාරූප කලාවට අත්පොත් තබන්නේ 1994 වසරේදීය. ඒ ජාතික ඡායාරූප කලා සංගමය හරහාය. එතැනින් ඇරැඹී ඇගේ ගමන් මගෙහි විශිෂ්ට ඡායාරූප කෘති රැසක් බිහි කරමින් ඕ ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූවාය.

1998 දී ඡායාරූප කලාව පිළිබඳ ඩිප්ලෝමාව ලබාගත් යමුනී 2000 වසරේදී දිනපතා ලක්බිම පුවත්පත ආරම්භයේදීම ඊට සම්බන්ධ වෙන්නේ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පිනියක් ලෙසනි.

2002 වසරේදි ප්‍රධාන ඡායාරූප ශිල්පිනිය ලෙස ‘ලංකා’ සති අන්ත ජාතික පුවත්පතට බැඳෙන යමුනී 2005 දක්වා එහි සේවය කරන්නීය.

ප්‍රවෘත්ති ඡායාරූප මාධ්‍යවේදිනියක් ලෙස ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය FREE MIND  2004 දී පවත්වනු ලැබූ ඈ සෑම දෙනාගේම අවධානය තමා වෙතට ළඟා කර ගැනීමට සමත් විය.

මේ වන විට දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් හා පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වී සිටි යමුනී ජාතික ඡායාරූප කලා සංගමයේ ඡායාරූප කලාව පිළිබඳ දේශකවරිය ලෙසත්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඡායාරූප කලාව පිළිබඳ දේශකවරිය ලෙසත් සිය දැනුම බෙදමින් සිටියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු