කරළිය

මාර්තු 08 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා’ කළුතර නගර ශාලාවේදී.

* ලලිතා සරච්චන්ද්‍රයන්ගේ ‘රත්නාවලී’ කළුතර නගර ශාලාවේ.

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

09 වැනිදා

* ‘රත්නාවලී’ මතුගම ශ්‍රවණාගාරයේදි.

* ‘බල්ලොත් එක්ක බෑ’ හලාවත සුදසුන රංග ශාලාවේ.

* ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

10 වැනිදා

* ‘බල්ලොත් එක්ක බෑ’ කළුතර පුරහලේ.

* කමල් තිලකරත්නගේ ‘වෙස් මාරුව’ අනුරාධපුර සමුපකාර ශ්‍රවණාගාරයේ.

11 වැනිදා

* ඇන්ටන් ජූඩ් ගේ ‘සකිසඳ මඬල’ දෙහිවල එස්. ද එස්. ජයසිංහ සමරු රඟහලේ.

* ‘බල්ලොත් එක්ක බෑ’ මරදාන ටවර් රඟහලේ.

බුද්ධික දමයන්තගේ ‘සින්දු කිරිල්ලී’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

12 වැනිදා

* උදයසිරි වික්‍රමනායකගේ සුද්දෙක් ඔබ අමතයි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ.

* සින්දු කිරිල්ලී පේරාදෙණිය එළිමන් රංග පීඨයේ.

14 වැනිදා

* ‘රත්නාවලී’ මොරටුව සර්වීදය විශ්ව සමාධි ශාලාවේ.

15 වැනිදා

* ‘රත්නාවලී’ රත්නපුර නගර ශාලාවේ.

ගු.ලි. ගුණ සමරුව 14

කලාසූරි ගුණදාස ලියනගේ මහතාගේ 14 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මාර්තු 31 වැනිදා දහවල් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණේ 50 නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවකි. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක සද්ධම්ම ජෝතිකධජ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කෙරේ.

මෙම පින්කමට සහභාගි වන මෙන් කලාසූරි ගුණදාස ලියනගේ පදනමේ සභාපති ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා සැමට විවෘත ආරාධනාවක් කරයි.

භාව විරේක 10 දා

ජගත් ජයසේකරගේ භාව විරේක නම් පර්යේෂණාත්මක නාටකය මෙම මස 10 වැනිදා පස්වරු 7.00 ට සුදර්ශී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

සුසන්ත ප්‍රදීප්, නදීකා බණඩාර, අර්ජුන සුමින්ද, නාමල් කුමාර, රෝෂන් මිල්රෝයි රත්න විභූෂණ හා ජගත් වීරසේකර මේ නාටකය සඳහා රංගනයෙන් දායක වේ. සංගීතය හා නර්තන නිර්මාණය එරංග ද, වෙස් මුහුණු සැකසුම හා නිර්මාණය මේනකා ඈගල්ල සහ කරුණාදාස ඔලබොඩුව ද, ආලෝකකරණය උදය චාමරසිංහ ද, අංග රචකය බුවනෙක කෞෂල්‍ය ද සිදු කෙරේ. රචනය නදීකා බණ්ඩාරගෙනි.

නව වැනිදා නවයට විශිෂ්ටයන් අගයන TOP 20

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මෙ මස 9 වනදා පෙරවරු 9.00 ට මහරගම ශ්‍රී ලකා යූත් පරිශ්‍රයේදී විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් විසි දෙනෙක් ඇගයීමට සූදානම් වෙයි.

ටොප් 20 ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටතම යොවුන් නිවේදකයා, මාධ්‍යවේදියා, ඡායාරූප ශිල්පියා ඇතුළු විශිෂ්ටයින් විසි දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මෙම සම්මාන උළෙල යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ සංකල්පයක් මත හා ගරු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ මඟ පෙන්වීම මත ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරාගේ උපදෙස් මත සිදු කෙරේ.

මෙවර සංහිඳ මැක්ස්වෙල් මෙන්ඩිස් වෙනුවෙන්

මෙවර ‘සංහිඳ’ වෙන් වන්නේ බයිලා ගීත ක්ෂේත්‍රයෙහි නම රැන්දූ ගායන ශිල්පී මැක්ස්වෙල් මෙන්ඩිස් වෙනුවෙන්. දශක තුනකට අධික කාලයක් මෙරට රසිකයන් පින වූ මැක්ස්වෙල් මෙන්ඩිස්ගේ ගීතයන් සංහිෙඳ්දී ගයන්නේ මයිකල් පෙරේරා සමඟින් සමන් ද සිල්වා. බයිලා ගීත රස විඳිමින් රසවත් සෞන්දර්ය චාරිකාවක් යන්න ඔබත් මාර්තු 11 රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනිය සමඟ එක්වන්න. උදය තෙන්නකෝන් ගේ නිෂ්පාදනයක් වන සංහිඳට කථනයෙන් දායක වෙන්නේ ඉන්ද්‍රසිරි සුරවීර.

ස්වර්ණ රශ්මි කලා උළෙල හෙට

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ අ.පො.ස. උසස් පෙළ කලා අංශය සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ රශ්මි’ කලා උළෙල මාර්තු මස 9 වන සිකුරාදා පෙරවරු 10.00 ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලවේදී පැවැත්වේ.

ජනක ප්‍රියංකර සුභාෂිණී සමඟ වේදිකාවට

ජනක ප්‍රියංකර අධ්‍යක්ෂණය කරන ‘සුභාෂිණී’ වේදිකා නාට්‍ය මෙම මස 10 වැනිදා දෙමටගොඩ ප්‍රජා ශාලවේදී වේදිකා ගතවේ.

සමන්ත ධර්මප්‍රිය, නයනි සමරවීර, විජේසිරි මෙන්ඩිස්, දිස්නා ප්‍රනාන්දු, බුද්ධික බෝධිනායක, මයුරා ප්‍රියශාන්ති, ලාල් නිරෝෂන්, නීලා ධම්මිකා, රොබට් ස්ටිඕක්, සරත් ශාන්ත, මොහොමඩ් හුසේන්, එරන්දි මේනකා, මොහොමඩ් රිස්වානි, සෝමසිරි, අබ්දුල් ආශීඩ් යන පිරිස රංගනයෙන් දායකවේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු