FEEDBACK
FEEDBACK
නොනිමි තරුව රුක්මණී
අවරින් ගිලිහී ගිය ලෙස සොද මඬල සඳ
අඳුරුය පාළු කතරක තනි වුණා හද
සාළිස් වසක් ගෙවුණත් ඔබ නැතිව අද අඬනව රසික කැල හැමදා කඳුළු මැද
සුන්දර සිනාවෙන් සරසාගෙන වුවන
ගැයු ගී රසය තවමත් පැතිරෙයිගුවන
සරසවි තත් අතර ඉදිවුණු රස විමන
නොසිතුව ලෙසින් නිවුණේ ඇයි මිණිපහන
ඇස්වල කඳුළු නැත තව නම් අඩන්නට
තව එක දෙයක් ඇත ඔබටම කියන්නට
හිස් වූ හිඩැස ඔබගෙන් බැහැ මකන්නට
සිනමා රැජින ලෙස යළි මෙහි එන්න හෙට
චාන්දනී ජයසිංහ
මඩපාත
අපිට තෑගි එපා
මේ දිනවල විවිධ රූපවාහිනි නාලිකා තුළින් ටෙලි නාට්‍ය බැලීමට අපට තෑගි බෝග දෙමින්
අප රඳවා ගැනීමට උත්සාහ දරයි. ඔවුන් ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ කසිකබල් හඬ කැවූ
ඉන්දියානු ටෙලි නාට්‍ය. ඔවුන් ලාංකික කලාකරුවාගේ ජීවත්වීමේ ඉරණම ද කෙටි කරන අතර
ලාංකික ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවය ද මොට කරයි.
පී. අජිත් ලක්මාල්
මීගමුව
හරවත් ගීතයට අත්පුඩි නැතිද?
2018. 09. 14 දින දෙරණ ටී. වී. තුළින් උදෑසන විකාශය වූ 'මල්බර දෙරණ' සංගීතමය
වැඩසටහන වෙත සහභාගී වූ සංගීත කණ්ඩායමෙහි ශිල්පියෙකු පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන
ලද 'මළ හිරු බසිනා' යන ගීතය ගයන ලද්දේ එය නරඹන ලද ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය නිබඳවම
එම ශිල්පියා වෙත නතු කරමිනි.
එහෙත් එහි සිටියවුන් එය පසෙකලා හුදු විනෝදය පමණක් පිළිබඳ සිතා බොළඳ ගණයෙහි
ගීතයක් ගැයුවේ නම් නැළවෙමින් දෙඅත් ලතාවකට යවමින් ඇතැම් විටෙකදී විසිල් ද ගසමින්
හෝරාව රසවත් කිරීම වරදක් ලෙස නොදකිමි. එනමුදු පාසැල් සමයෙහි සිට අමරදේවයන් ගයන ලද
ප්‍රබුද්ධ ගීත ඉමහත් අභිරුචියකින් ශ්‍රවණය කරන ලද ප්‍රබුද්ධ රසිකයින් හට නම් මෙම
දසුන විගඩමකි, කෝලමකි. මන්ද යත් හරවත් ගීතයක් ගයා අවසානයෙහිදී ඊට ප්‍රතිචාර ලෙස එහි
අසා සිටි පිරිස අත්පුඩියක් හෝ ගැසුවේ නම් එවන් වූ නිර්මාණවල යෙදෙන, අගයන සැමට තම
ඉදිරි දායකත්වය උදෙසා මහත් වූ රුකුලක් ශක්තියක් එමඟින් සැලසෙන හෙයිනි. ක්ෂේත්‍රයක
පැවැත්ම රඳා පැවැතීමට ජනප්‍රිය මෙන්ම හරවත් ප්‍රබුද්ධ නිර්මාණයන් ද ඇවැසිය.
රන්මුතුගල
සරත් ලියනගේ
විජය අමතක නොවෙයි
විජය කුමාරණතුංගයාණෙනි, ඔබේ උපන් දිනය ඔක්තෝම්බර් මස 09 වනදායි. මගේ පුතත්
ඉපදුණේ එදිනමයි. ඔහු විමුක්ති සංජයයි. අප පවුලට ඔබ කිසිදා අමතක නොවෙයි. ඔබ නැවත අප
අතරම ඉපදේවා.
දීපානි සාගරිකා ප්‍රනාන්දු
කොළඹ 14
හිරු ස්ටාර් නිවේදක උද්දික ප්‍රේමරත්න හට
හිරු ටී. වී. ඔස්සේ විකාශය වන හිරු ස්ටාර් වැඩසටහන නිවේදකයකු ලෙස මෙහෙයවන උද්දික
ප්‍රේමරත්න ඔබේ මුවෙන් පිටවන වචන කිසිදු අර්ථයක් නොමැති බැවින් නිවේදකයකු ලෙස මෙහෙය
වන විට අපට ඇසෙන්නේ කුණුහරුප වචන ලෙසයි. නැරැඹීමට අපහසුයි. ඉදිරියේදී මෙවැනි දේ
නොවීමට වග බලා ගැනීම හිරු ටී. වී. කාර්ය මණ්ඩලය සතු වේ.
පාලක සමන් පෙරේරා
හැඳල
ජෝති රාත්‍රියට සුබාශිංසන
අයි. ටී. එන්. එෆ්. එම්. ගුවන් විදුලියෙන් ඉරු දින රාත්‍රී 10 සිට 12 දක්වා
ප්‍රචාරය වන ගී ලොව කිරුළ පැලඳූ අමරණීය ගීත කෝකිල එච්. ආර්. ජෝතිපාලගේ සුමියුරු
ගීතාවලිය ජෝති රාත්‍රිය සුවහසක් රසිකයන්ගේ හදවත් දිනාගත් වැඩ සටහනකි. එය ඉදිරිපත්
කරන අනිල් මහගමගේ ඇතුළු අයි. ටී. එන් එෆ්. එම්. කාර්ය මණ්ඩලයට සුභාශිංසන පිරිනමමි.
ප්‍රියන්ත හෙට්ටිආරච්චි
යක්කල
සටන් නළු රොබින් ප්‍රනාන්දුට
කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රැකියාවක් කරමින් සිට
අහම්බෙන් කලා ලෝකයට එක් වෙමින් සිංහල සිනමාවේ මුල් අවදියේම සිනමාවට ප්‍රවිෂ්ට
වෙමින් විවිධ චරිත නිරූපණය කරමින් සටන් නළුවෙක් ලෙස අති දක්ෂ රංගනයන් හි යෙදෙමින්ම
පමණක් නොව ඇතැම් චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් ද බිහිසුණු සටන් මෙහෙයවමින්
ඔබ සිනමාවේ අපරාජිත නාමයක් හිමි කරගත් මානුෂීය ගති ගුණවලින් පිරුණු උතුම් මිනිසෙකි.
මිනිසුන් අතර නොමියෙන මිනිසෙකි. ඒ වගේම බුදු දහමේ දර්ශනවාදයට අනුව තම ජීවිතය මේ
දක්වා පවත්වාගෙන එමින් සිනමාවේ රන් අකුරින් ලිවීමට හැකි නොනැසෙන නාමයක් වන්නේ
ආදරණීය රොබින් ප්‍රනාන්දුයි.
මිල්ටන් ප්‍රනාන්දු
මූදුකටුව
සරසවිය පුවත්පතට
වයසක් තරාතිරමක් නැති පත්තරය
සිනමාවට දෙන්නෙ උපරිම පන්නරය
මම පෙම් කරන කොට ඇය ශත විසිපහය
සිරි ලංකාවෙ අග බිසවනෙ සරසවිය
සිරිල් හේවගේ
හිබුටුවැල්ගොඩ
කල්පයක් ගියත්
සිංහල සිනමාව නඟා සිටුවීම සඳහා අනුපමය සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ රංගධර ගාමිණී
ෆොන්සේකා ශ්‍රීමතාණන් දැයෙන් සදහටම සමුගෙන සැප්තැම්බර් 30 දිනට වසර දහහතරකි. වසර
දහහතරක් නොව කල්පයක් ගිය ද ඔබතුමා රසික අප රංගනයෙන් පින වූ අයුරු කිසිදා අමතක නොවේ.
දයාරත්න ගනේගොඩ
කැලණිය
ෆරීනා ආයෙත් අප අතරට එන්න
අතීත සිංහල සිනමාවේ රංගනයට මෙන්ම නැටුමට උපන් හපන් දක්ෂ නිළියක් අප සතුව සිටියා.
ඈ නමින් ෆරීනා ලායිය. විශේෂයෙන් සිංහල චිත්‍රපටවල සමාජ ශාලා දර්ශනවල ඇගේ නර්තන කැපී
පෙනුණා. තවත් සමහර චිත්‍රපටයන් හි චිත්‍රපට නාමාවලිය ද ඇගේ නර්තනය මැදින් ගලා යන සේ
සකසා තිබිණ. 'චිං චිං මෝනා' චිත්‍රපටය ඊට කදිම උදාහරණයකි. ජිම්නාස්ටික් මිශ්‍ර ඇගේ
නර්තන රටාවට එකල රසික රසිකාවෝ වශී වී සිටියහ. තවත් වරෙක ඇය දක්ෂ චරිතාංග නිළියක ද
වූවාය. ඇය කාගේත් කතාබහට ලක් වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ 'සරුංගලේ'
චිත්‍රපටයේ කළ අද්විතීය රංගනයයි. 'නිවෙන ගින්න','රතු මකරා' ආදී චිත්‍රපට ගණනාවක
රඟපෑ ෆරීනා ලායි ගැන කිසිදු තොරතුරක් වත්මනේ නැත. ෆරීනා ආයෙත් අප අතරට එන්න.
ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
පස්යාල
පියෝ ලෙජන්ඩ් හරි වටිනවා
අගෝස්තු 10 දින සිකුරාදා රාත්‍රී 10.30 සිට විකාශය කළ පියෝ ලෙජන්ඩ් සංගීත
වැඩසටහන හරහා මියුරු ගීත කිහිපයක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ නිමල් මෙන්ඩිස් මහතා
පිළිබඳ අවර්ජනයක් විකාශනය කරන ලදී. ගඟ අද්දර, අහසින් පොළොවට, ගැහැනු ළමයි සහ සමහර
සිනමාපටවලට එතුමා ලියූ සංගීතය සැපයූ මියුරු ගීත ප්‍රමාණය ශ්‍රවණය කිරීමට සලසා දෙන
ලදී. ගීත ප්‍රමාණය ස්වල්ප වුව ද එම ගීත මියුරු අර්ථවත්, සරල ගීතය. එතුමාගේ නොදන්නා
තොරතුරු ද මාස්ටර් සර් ගීතයට පසුබිම් වූ සිද්ධිය ද සරසවිය හිටපු කර්තෘ රංජිත් කුමාර
මහතා විසින් නියම ආකාරයට විස්තර කරන ලදී.
දිනේෂ් ගුණසේකර
මාතර
පාරාට
ස්වර්ණවාහිනියේ නිමා වූ පාරා හි අති විශිෂ්ට රංගනයක යෙදුණු හිස උදුම්වා ගත්
හාමුගේ චරිතයට ජීවය දුන් ලකී ඩයස්ට මගේ හද පිරි ප්‍රණාමය. එහි රඟපෑ සියලුම නළු නිළි
කැලට මාගේ උණුසුම් සුභපැතුම්.
ශාන්ති බන්දුනාථ
මහනුවර
ගී හර සරණියට තුති
ප්‍රවීණ මාධ්‍යවේදී නිවේදක අරුණ බාලසූරිය මහතා විසින් සෑම බ්‍රහස්පතින්දා දිනකම
රාත්‍රී 7.30 ට ගුවන් විදුලි ස්වදේශීය සේවයෙන් ගෙනෙන 'ගී හර සරණිය' අගය කළ යුතු
වැඩසටහනකි. නිතර නෑසෙන ගීත තෝරා එම ගීතයේ අරුත මනාව පැහැදිලි කොට ඉදිරිපත් කිරීම
ගැන ඔබට බෙහෙවින්ම තුති.
ජයන්ත අමරතුංග
ළොන්නරුව
මෙහිදින් බෙග් සමරු මුද්දරයක්
උපතින් හෙළයකු හෝ බෞද්ධයකු නොවුණත් අප රට ජාතිය බුදු දහම පිළිබඳව ඉමහත්
භක්තියකින් තම අභිමානවත් මධුර හඬින් ලොවට බෙදා හල එකම ගායන ශිල්පියා අල්හාජ් කරීම්
මොහිදීන් බෙග්ය. එය පුරා වසර හැටක් අඛණ්ඩවය. ඔහු එය කළේ තැටියෙන් පටියෙන් ගුවන්
විදුලියෙන් ප්‍රසංග වේදිකාවෙන් සිනමාවෙන් පමණක් නොව පුංචි තිරය ද ඔස්සේය. ඔහු අපෙන්
සමුගෙන වසර 27 කි. ඒ ද ජීවයෙන් පමණි. බුදු දහම පවතින කල් නාමයෙන් ඔහු අප අතරය. ඔහු
අද ජීවත්ව සිටියා නම් මෙම දෙසැම්බර් මස 05 වැනි දිනට සියවන උපන් දිනය සමරන්නේය.
ඉතින් සිංහලයින් ලෙස අප ඔහුට උපහාරයක් ලෙස ඔහුගේ නාමයට සමරු මුද්දරයක් නිකුත්
කරන්නේ නම් ඉතා අගනේය.
ලක්ෂ්මන් රණසිංහ
වත්තල
අංජන ප්‍රේමරත්නට
කළු අරලිය, මිණිගං දෑල, හරස් පාර, රාජ යෝගය, දෙයියන්ගේ රටේ, කෝටිපතියෝ, මොනර
කඩදාසි, සුදු අඟුරු සහ රාහු වැනි ටෙලි වෘතාන්ත රාශියක රසික හදවත් ග්‍රහණය කරගත හැකි
චරිත තුළින් පුංචි තිරයෙන් අප හමුවට එන අංජන ප්‍රේමරත්න රංගන ශිල්පියා බොහෝ දුර
රංගනයෙන් දක්ෂතා පෙන්වා ඉදිරියට යන සම්මානනීය නළුවකු වේවායි අප පැතුමයි.
චන්ද්‍රකාන්ති පියතුංග
කැලණිය
සාරංග දක්ෂයි
වෙස් ටෙලි නාට්‍යයේ සාරංග දිසාසේකර රඟන රයන්ගේ චරිතය ඉතාම දක්ෂ ලෙස රඟපානවා.
ඔහුට මගේ උණුසුම් සුභපැතුම්.
ක්‍රිෂා ක්‍රිෂාන්ති
දළුවකොටුව
පැකේජ් මරු
ස්වර්ණවාහිනියේ සතියේ දිනවල 9.30 ට විකාශය වන පැකේජ් ටෙලි නාට්‍යයෙහි කුසුම්
රේණු සහ ගිරිරාජ් කෞශල්‍ය හරිම අපූරුයි. මොවුන් දෙදෙනා නැතිනම් මෙම නාට්‍යයෙහි
කිසිම රසයක් නොමැත.
සරත් රණසිංහ
කපුගොඩ, මාළිද
නිහාල් නෙල්සන්ට සුබපැතුම්
පනස් පස් වසක් පුරා ගායන විජිතයේ ජය දද නංවමින් රසික ජනාදරය ලද නිහාල් නෙල්සන්
දෑ අබිමන් පෑ ගායන ශිල්පියෙකි. ඔහුටම අනන්‍ය වූ ගීත දෝතක් තුළින් රසික ආදරය ලද
නිහාල් මොරටු පුත්‍ර අබිමානි ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම නිහාල් ලැබූ සුවිශේෂී
භාග්‍යයකි. නිහාල් කොතැනද රසිකයන් ඔහු වටා ඇත. ඒ ඔහු සතු සහජ ගායන ගුණයත් උතුම්
මිනිස්කමත් නිසාය. ගායන දිවියේ ප්‍රතාපවත් ඉන්ද්‍රඛීලයක් වූ නිහාල් නෙල්සන්
සහෘදයාණනි ඔබගේ ගායන දිවියට රසික අපි සුබපතමු. ඔබට ජය ශ්‍රී.
එච්. ඉන්ද්‍රපාල
මුංහේන
සදා නොමියන ගී හඬ ජී. එස්. බී. රාණි
සිරිසේන විමලවීරගේ අසෝකා චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පැමිණි ඔබ ගැයූ සෑම ගීයක්ම
ඉතා ජනප්‍රිය විය. ඒ ගී අතරින් සුරඟනාවි මාගේ, පෙම් පහන නිවී, වැල්ලේ කිරි වැල්ලේ,
සීදේවි රූබරි මා, චන්ද්‍රා කාන්ති සාගරේ, සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා, ලාලිත
රූපේ, කිරි මුහුද කැලැම්බිලා, වලාකුළක් මෙන්, සාගර මත සඳ කිරණ වැටී, ඈත චන්දන හිමේ,
ප්‍රේමේ ගී විනෝදෙන්, කෝ මාගේ දරුවෝ, පරම රමණී මෙවැනි ගී අප අතරට දායාද කළ ඔබ අප
අතරින් වෙන් වීම අපගේ අවාසනාවකි. ඔබට නිවන් සුව අත්වේවා!
රත්නසිරි අමරසේකර
පාණදුර
ජෝ මහත්තයා
සිරිබෝ අයියා, දඬුමොණරයේ නැඟී යන විට ශත පනහක් අහුලාගෙන ස්විප් ටිකට් එකක් මිලදී
ගත් විට හාර ලක්ෂයක් ඇදුණි. එය කීමට රත්තරන් අම්මා සොයා ගෙදරට විත් දොරට ටක් ටුක්
ටික් කියා ගැසූ විට තුෂාරි එහි විය. එදා සිට අඹු සැමියන් විය. ලක්සෙට කොඩිය දා
සිනමාවේ දිගු කලක් වැජඹිණි.
දයානන්ද ද සිල්වා
හික්කඩුව
|