|
බන්දු 50 සමරන්න ඇවිත්
සිංහල සිනමාවට අනූව දශකයේ හාස්‍ය ශිල්පීන් දෙදෙනා වූ බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ වසර 10 කට පසු යළිත් දායක වූ 'යම රජ සිරි' සිනමාපටයේ 50 වැනි දිනය සැමරූහ. ඒ සඳහා අනෙක් රංගන ශිල්පීන්ද සභාගී වීමට අමතක නොකළේය. 50 වැනි දිනය සමරන්න ඔවුන් තෝරා ගෙන තිබුණේ නාවික හමුදාවේ ලයිට් හවුස් අවන්හලයි. එහිදී චිත්‍රපට ප්‍රදර්ශකයන් වූ රංජිත් පෙරේරා සහ පී.එස්.පී. පීරිස් යන දෙදෙනාට කියා සිටියේ හාස්‍ය උත්පාදන සිනමාපට නිර්මාණය වූ යුගය අඩු වී ඇති බවයි. ඒත් රසිකයන් සිනහ සාගරයක තැබීමට හැකි වන්නේ හාස්‍ය රංගන ශිල්පීන්ට පමණි. එනිසා තව තවත් හාස්‍ය උත්පාදන නිර්මාණ බිහි වීම වඩාත් උචිත බවයි බන්දු එහිදී කියා සිටියේ. පරසතු මල් පිපුණ වස්සානයේ සඳ
පෙරදා පරසතු මල්, තුංමං හන්දිය නිෂ්පාදනය කළ චිත්‍ර බාලසූරිය අපට සිටින ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදකයෙකු වෙයි. එමෙන්ම එච්. ඩී. ප්‍රේමසිරි ද අද අපට සිටින එවැනිම නිෂ්පාදකවරයකු ද වේ. අතීතයේ චිත්‍ර බාලසූරිය ද වර්තමානයේ යශෝධරා මෙන්ම වස්සානයේ සඳ ඇතුළු චිත්‍රපට රැසක නිෂ්පාදක එච්. ඩි. ප්‍රේමසිරියන් ද මේ හමු වූයේ 'වස්සානය සඳ' චිත්‍රපටයේ මංගල දර්ශනයේදීය. වස්සානයේ සඳ උදයකාන්ත වර්ණසූරිය විසින් නවකතාවක් ලෙස ගෙන ඒමත් එහි ප්‍රකාශකයා ලෙස එච්. ඩී. ප්‍රේමසිරි මුල පුරන්නට විය. මේ චිත්‍ර බාලසූරියත් එච්. ඩී.ප්‍රේමසිරිත් එදින පොත එළිදැක්වීම හා සංයුක්ත තැටිය හා තිර පිටපත ජනගත කිරීමේදී කියූ රහස සියලු දෙනාට කුතුහලයක් විය. ඒත් රහස නොඇසුණත් මගේ කැමරා කාචයට මෙය රහසක් නොවීය. හින්දි ගීත රසික හද තුළ රැන්දූ
ලාංකීය ශ්රාවකයාට හා ප්‍රේක්ෂකයාට පැරැණි හින්දි ගීත රස විඳින්නට ඉඩ ප්‍රස්ථාව සැලසූ නිවේදකයකු ලෙස රංජිත් එදිරිසිංහ කා අතරත් ජනප්‍රිය චරිතයකි. ඒ වගේම අපට සිටින රංගන ශිල්පීන් යුවළක් වන රෝයි ද සිල්වාත්, සුමනා අමරසිංහත් ඒ තරම්ම අප අතර මතකයේ රැඳුණේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ බිහි වුණු රංගන ශිල්පීන් දෙදෙනකු නිසාය. මේ පසුගිය රියැලිටි ප්‍රසංගයකදී රංජිත් එදිරිසිංහ ඔවුන් දෙදෙනා සමීපයට පැමිණියේය. එහිදී රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ ඔහු සමඟ කතා කරන්නට වූයේ හින්දි ගීත කලාව හඳුන්වා දුන්නත් අද එය නොඇසෙන්නේ ඇයි කියාය. එයට පිළිතුරු නුදුන් රංජිත් එදිරිසිංහයන් තවත් නොබෝ දිනකින් හින්දි ගීත ඔබට ඇසෙනු ඇතැයි ඉඟියෙන් පැවසුවේය. රහසක් නැති රහසක්
මැද මාවතේ ගමන් කරන අධ්‍යක්ෂවරයකුත්, රංගධරයකුත් පසුගිය දිනෙක හමු විය. ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණත්, රංගධර සතිශ්චන්ද්‍ර එදිරිසිංහත්ය. ඔවුන් දෙදෙනා හමු වන සෑම විටම කතාබහ කරනුයේ කලාවේ උන්නතිය වෙනුවෙනි. මේත් එවැනිම දේකට දෙදෙනා රහසක් නොරහසක් ලෙස කතා කළේය. ඇගේ ආදරේ හැටි
මේ දිනවල සියත ටී. වී. විකාශනය වන අපේ ආදරේ රංගනයේ යෙදෙන අම්මාවරුන් දෙදෙනකු පසුගිය දිනක හමු විය. ඒ පවිත්‍රා වික්‍රමසිංහ හා උදේනි නදීකායි. ඔවුන්ට මැදි වූ නව පරපුරේ තවත් රංගන ශිල්පිනියක් වන අනූෂා දිල්හානි එකවරම ඔවුන් දෙදෙනා සමීපයට පැමිණ කියා සිටියේ ඔයාලා දෙන්නා මාර ගේමක් නේද ගහන්නේ යයි ඇසූහ. ඒත් අනූෂාගේ කියමනට පවිත්‍රා හා නදීකා බයෙන් තක්බීර් වී සිටි බව කාටත් පෙනුණි. පසුව අනූෂා සිනාසෙමින් කියා සිටියේ මේ දිනවල සියත ටී. වී. හි විකාශනය වන අපේ ආදරේ ටෙලි නාට්‍යයේ අම්මාවරුන් දෙදෙනාගේ චරිතය ගැනයි මම කිව්වේ. එවිටයි දෙදෙනාටම සිනාහ ගියේය. one and only රෙක්ස්නවක අධ්යක්ෂවරයකු වූ සජීව සංකල්පගේ පසුගිය දින 50 වන දිනය ජයපැන් බීමට අමතක නොකළේය. ඒ ඔහුගේ සිනමාපටය වන 'යම රජ සිරි' 50 වැනි දිනය පසු කිරීම නිසාය. මේ එයට වඩා වෙනස් වැළඳ ගැනීමකි. අප කවුරුත් නොසිතූ ලෙස 50 වැනි සැමරුමට පැමිණි රෙක්ස් කොඩිප්පිලිත් මියුරු සංගීත නාද රටාවන්ට මැදි කර ගනිමින් ගීතයක් ගයමින් සංකල්පට සුබ පැතුවේය. වෙනදා මෙන් රෙක්ස් සිනාමුසු මුහුණින් දැක ගැනීමට හැකි වුණත් චිත්‍රපටයේ අධ්යක්ෂ සංකල්පත්, ආනන්දත් මැදි කර ගනිමින් කව්බෝයි හිස පලනාවක් ද පැලඳ සංගීත කණ්ඩායමක ශිල්පියකු ලෙස සංගීත නාද රටාවන් මුමුණන්නට විය. ඔහු පනහ සැමරුවේ එලෙසිනි. |