|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283
මහා ගාන්ධර්වයාණන් නික්ම ගොස් වසරකිහොඳම ගායකයා ලෙසින් අටවරක් සරසවිය සම්මාන ලබමින් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින්ද සම්මාන ලබා 1994 වසරේදී සරසවිය රණ තිසර සම්මානය ද ලබමින් මේ සිරිලකට අග්‍රගණ්‍ය සංගීඥතයා වූයේ පණ්ඩිත් අමරදේවයන් ය. 2001 වසරේදී මෙරටට කීර්තියක් ගෙන දෙමින් පිලිපීන රමෝන් මැග්සෙසේ සම්මානයෙන් ද පිදුම් ලබා ගායනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් රටම නැළ වූ එතුමා අප හැර ගොස් හෙටට (නොවැ.03) වසරක් සපිරේ. ඩඩ්ලි ගෝමස් හෙළ ගී කෙත අස්වැද්දූ සුනිලුන්සුභාවිත ගීතය ශ්‍රාවකයන්ට සමීප කරවමින් හෙළ ගීත ක්ෂේත්‍රය අස්වද්දන්නට සුනිල් ආරියරත්නයන් දරන ප්‍රයත්නය අතිශයෙන්ම ප්‍රශංසනීය යි. හරවත් ගී පද වැල් පබඳීමින් රසික රසඥතාව ඉහළ තලයකට ගෙන ආ සුනිලුන් සිංහල ගීත රචනා ක්ෂේත්‍රයේ පර්යේෂකයකු ලෙසින් හැඳීන්විය හැකිය. අනුර කුලවර්ධන රංජිමේ දිනවල ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින හාරකෝටිය ටෙලි නිර්මාණයේ රංජි ලෙසින් රොහාන් විජේතුංගගේ රංගනය විශිෂ්ටයි. රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ඔබට සුබ පැතුම්. මනහර මහින්ද වෑකඩ සෙනෙහසේ නවාතැනජාතික රූපවාහිනියෙන් අඟහරුවාදා විකාශය කෙරෙන සෙනෙහසේ නවාතැන ඉතාම කාලෝචිත යටගියාව ප්‍රේක්ෂකයන්ට හොඳීන් වටහා දෙන වැඩසටහනකි. විනිතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයක් ලෙසින් එන එහිදී ස්වර්ණා කහවිටගේ තොරතුරු ගෙන ඒම පිළිබඳ ස්තූතිය. ආතර් ජයකොඩි නන්දා මාලිනියට ප්රණාමයවිශාරද නන්දා මාලිනිය මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ අමිල මෙහෙවර වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පුද කිරීම අගයමි. හෙළ ගායන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වන නන්දා මාලිනියට අපගේ ප්‍රණාමය. කිත්සිරි ගුණසේකර ඩිනක්ෂිට සුබ පැතුම්කලා පවුලකින් පැමිණ පුංචි තිරය, සිනමාව ජය ගනිමින් සාර්ථක ගමනක යෙදෙන ඩිනක්ෂි ප්‍රියසාද් වෙත කලා ලොවේ නොනවතින ගමනකට සුබ පැතුම්. චන්දන වන්නිආරච්චි අමතකන නොවූ මාලිනිය
සිනමාවට මෙන්ම හෙළ ගායන ක්ෂේත්‍රයට මාලනි බුලත්සිංහල කළ සේවය අප අමතක නොකළ යුතුය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණවලට පවා දායක වූ ඇයගේ ගායනා ඉතාම හැඟුම්බර විය. එය, එම ගීත අප හදවත්වලට වඩ වඩාත් දැනෙන්නට වූ කරුණකි. ප්‍රභාත් රාජපක්ෂ ධර්මදාස වල්පොල ගී රාවයවසර ගණනාවකට ඉහත සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී චිත්‍රපට ගීත රැසකට හඬ මුසු කළ ඔබ කලා ලොව බැබළවූ මිණි පහනකි. ලතා වල්පොල සමඟින් ඔබ එදා ගැයූ ගී අදත් රැව් පිළි රැව් දේ. මිල්ටන් ප්‍රනාන්දු ක්ලැරිස් ද සිල්වා දකින්න ආසයිඅපට සිටි පැරණි නිළියක් වූ ක්ලැරිස් ද සිල්වා ගැන කිසිම ආරංචියක් නැත. ඇය රඟපෑ 'මාතලන්', 'ආදරයයි කරුණාවයි', 'අටවෙනි පුදුමය', 'ආත්ම පුජා', 'උතුම් ස්ත්‍රිය' චිත්‍රපට අපගේ මතකයේ තවමත් රැඳී ඇත. නැවතත් සිනමාවේ ඇය දකින්න ආසයි. කෙනත් පෙරේරා චැට් ඇන්ඩ් මියුසික්ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම සිකුරාදාවකම විකාශය කෙරෙන විශාරද මනෝජ් පීරිස් සංගීතය මෙහෙයවන හිරාන් සුමීර ඉදිරිපත් කරන 'චැට් ඇන්ඩ් මියුසික්' වැඩසටහන රසික සිත් වසඟ කරන ඉතා සුන්දර වැඩසටහනකි. එහි නැවත විකාශයක් ද අරඹන්නේ නම් වැඩසටහන මඟහැරෙන අයට සතුටකි. දයාරත්න ගනේගොඩ අවාසනාව කෙතරම් ද ?ඇතැම් නාලිකාවලින් ප්‍රචාරය කෙරෙන දුක් අඳෝනා ගී ඇසීමට රසික අප කෙතරම් අවාසනාවන්ත වීද? සුනිල් චන්ද්‍රසේකර ළමා සිත් සනසන කලබල පැංචානෙත් එෆ්. එම් නාලිකාවෙන් විකාශය කෙරෙන 'කලබල පැංචා' ළමා වැඩසටහන කුඩා ළමා ළපටින් අතර ජනප්‍රිය ළමා වැඩසටහනකි. එයට පූර්වාදර්ශ දෙමින් කසුනි නැන්දා සහ සුරේෂ් මාමා සිත් ගන්නා අයුරින් වැඩසටහන ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය යි. සැමදා ළමා සිත් සනසන කලබල පැංචා දිනෙන් දින ළමා මනසේ වැජඹේවා. එච්. ඉන්ද්‍රපාල සම්පතා සාර්ථකයි'පිනි' ටෙලි නිර්මාණයේ සම්පතා ලෙසින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ රංගනය සැබැවින්ම සාර්ථකයි. එහි ඔබ "අනේ" යන වචනය උච්ඡාරණය කරන අයුරු හරිම අපූරුයි. ඔබේ අනාගත කලා දිවියට අපේ සුබ පැතුම්. සුසිලා පතිරාජ මිල්ලෑව වලව්වේ අප්පෝධනංජය සිරිවර්ධන 'මිල්ලෑව වලව්ව' ටෙලි නාට්‍යයේ අප්පෝ ලෙස පණ පොවන චරිතය තාත්විකයි. ඒ වෙනුවෙන් වේශ නිරූපණය ද අගෙයි. ප්‍රේක්ෂකයා තුළ චරිතය කෙරෙහි ද්වේශයක් ඇතිවන අයුරින් කරනා රංගනය විශිෂ්ටයි. එම චරිතයට ඔබ සැබෑම සාධාරණයක් ඉටුකර ඇත. ඔබට සුබ අනාගතයක්. ජගත් චන්ද්‍රසිරි සැබෑ ප්‍රේමයේ ශෝකය ප්‍රකාශ කළ ත්‍යාගා එන්. එඩ්වඩ්"රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" ගීතය එදා ත්‍යාගා එන්. එඩ්වඩ්, අබේවර්ධන බාලසූරිය සමඟින් ගායනා කළේ තරුණ හදවත් සසල කරවන අයුරිනි. සැබෑ ප්‍රේමයේ ශෝකය ප්‍රකාශ කෙරෙන අයුරින් ගැයූ මේ ගීතය අප මතකයේ සැමදා රැඳී තිබේ. එසේම මෙම ගීය අබේවර්ධන නාමයට ද උපහාරයක් වේවා. එස්. ඒ ප්‍රේමලතා ජීවිතය හැර ගිය දසුන්ටතව බොහො දුර යන්න සිතුණෙම නැද්ද සරත් සේනාධීර පරාක්‍රම පෙරේරාටදොස්තර හොඳ හිත වෙලා ධම්මික දුමේන්ද්‍ර ජෝ ඔබේ නාමය ඇත මතකයෙ රැඳීලාගැමිකම රැඳුනෙ ඔබෙ ගත සිත වෙළා ගෙන සෝමා එච්. පතිරණ |