Saturday Night Movie

Saturday
Night Movie
Fiddler on the Roof
ස්වාධීන රූපවාහිනි සේවයේ සිනමා පෙළ ගැස්මේ නොවැම්බර් 04 වැනි සෙනසුරාදා රාත්‍රි
10.30ට විකාශය කිරීමට නියමිතව ඇත්තේ, කැනේඩියානු අධ්‍යක්ෂ නෝර්මන් ජිව්සන් විසින්
අධ්‍යක්ෂණය කර 1971 වසරේ නොවැම්බර් 03 වැනිදා තිරගත කිරීම ඇරඹි Fiddler on the Roof
Fiddler on the Roof චිත්‍රපටය යි.
මෙම චිත්‍රපටය නිර්මාණය කෙරුණේ 1964 වසරේ වේදිකා ගත කෙරුණු Fiddler on the Roof
සංගීතමය වේදිකා නාට්‍ය නිර්මාණය ඇසුරිනි. ෂීල්ඩ්න් හර්නික් විසින් පද රචනය වී ජෙරී
බෝක් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ එය නිර්මාණය කෙරුණේ ජෝසප් ස්ටෙයින් විසින් රචිත එම
නමින්ම යුතු වූ කෘතිය ඇසුරින්.
රුසියාවේ බලගතු රජෙකුගේ කෲරත්වයට මුහුණ දිමට ටිව්යේ නම් දිළිඳු කිරි ගෙන යන
මිනිසාගේ ආදරය, අභිමානය සහ භක්තිය ඔහුට උපකාර වන්නේ කෙසේ ද යන්න Fiddler on the
Roof ඔස්සේ දිග හැරේ.
ඊශ්‍රායල් ජාතික නළු ටොපෝල් සමඟින් නොර්මා ක්‍රේන්, ලෙනාඩ් ෆ්‍රේ, මෝලි පිකොන්,
පෝල් මාන් ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයන් දායක වී ඇති මෙහි සංගීත නිර්මාණය ජෙරී
බෝක් සහ ජෝන් විලියම්ස් විසින් සිදුකර ඇත. Fiddler on the Roof විචාරක පැසසුම්
ඉහළින් ලද චිත්‍රපටයක් ලෙසින් විශේෂ වේ. චිත්‍රපටයේ ආරම්භය තරමක කෘත්‍රිම බවක්
පෙන්නුම් කළ ද චිත්‍රපටය ඉදිරියට ඇදෙත්ම බෙහෙවින් එකඟ කරගත හැකි ස්වභාවික කතාවක්
බවට පත් බලගතු අවසානයක් ගෙන එන චිත්‍රපටයක් බව විචාරක අදහසයි.
Fiddler on the Roof 1972 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන
අටක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වී හොඳම සංගීතය, හොඳම ශබ්ද පරිපාලනය සහ හොඳම
කැමරාකරණයට හිමි සම්මාන ලබා ගන්නට සමත් විය. එම වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී
ද හොඳම චිත්‍රපටය (සංගීතමය හෝ හාස්‍යමය), හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍යමය)
සම්මානයන් ගෙන් එය පිදුම් ලැබීය.
- යතේජා
|