|
ග්‍රීස් යකුන්ට බය නැති ළමුන් ගැන කියන ‘පුංචි අපිත් බය නැහැ දැන්’
මේ තත්ත්වය උඩු යටිකුරුවන්නට පටන්ගත්තේ ගමට ග්‍රීස් යකෙකුගේ පැමිණීමත් සමඟිනි. ගමේ ආරක්ෂාවටද මෙමගින් ඇතිවූයේ විශාල තර්ජනයකි. මේ හේතුවෙන් සියලු ගැමියන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමටද අපහසු විය. ක්‍රමක්‍රමයෙන් ගම වලපල්ලට ඇදුනද ගමේ එක් අයකු නම් සිටින්නෙ සතුටිනි. ඔහු ගමේ මුදලාලිය. ග්‍රීස් යකුන්ගේ කතාව යථාර්ථයක් යැයි පවසා ඔහු ගමේ උන් තවත් බියපත් කරවයි. දැන් ගැමියන් ගොම්මන් වේලාවක පවා එළිපහළියට යන්නේද දෙවතාවක් හිතමිනි. මේ වාසිය මුදලාලි අත්කරගන්නේ තම අපේක්ෂාවන් මුදුන් පත්කර ගැනීමටය. ඔහු ගමේ පන්සලේ නිධානයට ඇස ගසා සිටින්නේ සෑහෙන කාලෙකට පමණ පෙර සිටය. ඒ නිධානය බොහෝ වටිනාකමින් යුතු එකක් බවට මුදලාලි අසා ඇත්තේය. ග්‍රීස් යකුන්ගේ පිට දමා තම ගෝලයින් තිදෙනකුද ග්‍රීස් යකුන්ට අන්දා මුදලාලි නිධන් හෑරීමට සැලසුම සකස් කළේය. මේ අතර ගමට තවත් අමුත්තන් දෙදෙනෙකු පැමිණෙයි. ඔවුන් රහස් පොලිසියේ නිලධාරීන්ය. ඔවුන්ව ගමට එවා ඇත්තේ ග්‍රීස් යකුන් ලෙස රජකරනා උන් සොයා ගැනීමටය. වෙස් වලාගෙන පැමිණෙන නිලධාරින් දෙදෙනා කලම්බු ටාකුර් සහ දාගල දියසේන යනුවෙන් අනවර්ථ නම් දෙකකින් ගමේ වෙසෙයි.
අවසානදී ටාකර් සහ දියසේනව ගස් බඳියි. මුදලාලිගේ හොර වැඩ යටපත් වෙයි. එහෙත් රතී, බනුක, පසිඳු ඇතුළු ගමේ වෙසෙන නුවණක්කාර ළමෝගෙන් මුදලාලිට ගැලවුමක් නැත. මේ අය එකතුවී ඇත්ත ග්‍රීස් යකුන් සෙවීමට පටන් ගනියි. එතැන් පටන් කුමක් සිදුවෙයිද. පුංචි අපිත් බය නැහැ දැන් සිනමා පටයේ කතාව එලෙස ගලායයි. සහාය අධ්යක්ෂවරයකු ලෙස නමක් දිනා සිටි ප්‍රියන්ත පතිරගේ සිනමා අධ්යක්ෂණයට පිවිසෙන්නේ මෙම සිනමාපටයත් සමඟිනි. ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ් නිෂ්පාදනයෙන් දායක වූ මෙහි රංගනයේ යෙදෙනා නළු නිළියන් මෙසේය. ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, රජිත හිරාන් චාමිකර, සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරෙරා, සමන්ති ලැනරෝල්, නිල්මිණි බුවනෙක, වසන්ත කුමාරසිරි, තිස්ස බණ්ඩාරනායක, සුනෙත් මැල්සිරිපුර, කැළුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ්.
සහාය නිෂ්පාදනය – ෂයිඩ් ඕ. මව්ලානා නිෂ්පාදන විධායක - එස්. සුභසිංහ කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී චමින්ද සංස්කරණය - රන්දික විජේමාන්න සංගීතය - ලස්සන ජයසේකර තිර රචනය - විජේසිරි මල්ලිකාරච්චි සහාය අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. රවීන්ද්‍ර කලා අධ්‍යක්ෂණය - සුමති කුඩල්ගම අංග රතනය - හෙන්රි ප්‍රේමරත්න නිෂ්පාදන කළමානකරණය - පුබුදු රණසිංහ
|