|
|
මුල්වරට හමුවුණු අම්මයි, දුවයි
ශ්‍රී දේවියත් අපේ මාලිනිත් ඉකුත් දවසක එකම වේදිකාවක හමු වුණා. ඒ හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළේදී. ඇත්තටම ඒක ඉතාමත් විරළ සිදුවීමක් වුණා. මේ මොහොතේදී අපට එක දෙයක් මතක් වුණා. ඒ මේ දෙන්නම එකම චිත්‍රපටයක රඟපෑවා නේද කියන කාරණයයි. පයිලට් ප්‍රේමනාත් තමයි ඒ චිත්‍රපටය. මාලිනී රඟපෑවේ ශ්‍රී දේවිගේ අම්මා හැටියට. ඒ කාලේ ශ්‍රී දේවි නැඟී එන නිළියක්. නමුත් ඔවුනොවුන් හමුවන එකම දර්ශනයක්වත් තිබුණේ නැහැ. එහෙම එක චිත්‍රපටයක රඟපාලා නැති දෙන්නා එම සම්මාන උලෙළේදී එකට හමු වුණා. මේ වෙලාවේ මාලිනී ශ්‍රී දේවිට පයිලට් ප්‍රේ්මනාත් ගැන මතක් කළාලු. |




කලක් බොලිවුඩ් සිනමවේ නිළි රැජන වූයේ ශ්‍රී දේවි. ඇය එරට පළමු සුපිරි තාරකාව ලෙසින්
ද ඇතැම් විචාරකයන් හඳුන්වනවා. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. ශ්‍රී දේවිගෙන් මේ වන
විට නිළි රැජන කිරුළ ගිලිහී තිබුණ ද ඊයේත් අදත් හෙටත් මතුවටත් අප් නිළි රැජන නම්
මාලිනී. ඒක වෙනස් වෙන්නේ නම් නැති වේවි.