|
|
මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය
මේ ගීතය ගයන්නේ සිවිල් වොයිස් නම් වූ සංගීත කණ්ඩායමක්. මේ වන විට මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු නරඹා ඇති මෙය වෙනස්ම තේමාවක් ඔස්සේ රචනා වූවක්. අඬන ගීත අතරේ මෙම ගීතය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණෙත් ඒ වෙනස නිසා වෙන්න ඇති. බාප්පාගේ අක්කගෙ දුව යනුවෙන් නම් කොට ඇති මෙය සිවිල් වොයිල්ස්ලාගේ පළමුවැනි ගීතය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නනේ සචින්ත පුලස්ති. ඔහු තමයි මෙම ගීතය ලියලා සංගීතවත් කළේ.
මෙහිදී කියන්න ඕනෑ මෙම ගීතයේ අවසාන පේළි කිහිපය සකසා දුන් විකුම් ලක්ෂිත ගැන. ඔහු මේ වන විට අප අතරින් සදහටම සමු අරගෙන ඉන්නේ. මගේ ගම කළුබෝවිල. ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලෙන්. ඉස්කෝලේ යන කාලේ ඉඳලා බෑන්ඩ්වල හිටියා. මේ ළඟදී දවසක තමයි සිවිල් වොයිස් නමින් අපි එළියට ආවේ. ඒකාකාරී රාමුවෙන් මිදිලා ගීතයක් කරන්නට ලොකු වුවමනාවක් තිබුණා. අපි ඒ අභියෝගය ජය ගත්තා. මෙහි වීඩියෝව කළේ චමත් අසංක. යුරේනි නොෂිකා සමඟ මම සහ අපේ බෑන්ඩ් එකේ ලසිත ගුණවර්ධන, චතුල ඉන්ද්‍රචාප යන අය රඟපෑවා. ගාල්ල කොටුව ඇතුළෙයි ෂූට් කළේ. වීඩියෝවේ තියෙනවා මං ගිටාර් එක කරකවන දර්ශනයක්. මං ඒක හරි බයෙන් කළේ. කලින් වතාවේ ඔය වගේ වැඩක් කරලා ගිටාර් එකේ කෑලි ටික තමයි එකතු කර ගත්තේ. ඒත් වාසනාවට මෙවර එහෙම වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණ ඔස්සේ සිවිල් වොයිස් සංගීත ලෝලින් හමුවන්නට හිතාගෙන ඉන්නවා. බාප්පාගේ අක්කගේ දුව ගීතය ගැන ඒ කතා කළේ සචින්තයි.
|



.jpg)
අපෙ
පුංචි බැඳපු බාප්පාගේ.jpg)
මේ
වගේ ගීතයක් කරන්න ඕනෑ කියලා අයිඩියා එකක් මගේ ඔළුවෙ තිබුණේ නැහැ. දිනක් මං ගිටාර්
එක අරගෙන එය වාදනය කරමින් සිටින කොට මේ තනුව මගේ ඔළුවට ආවා. වචන ටිකත් එකට සෙට්
කළා. හරි අපූරු ගීතයක් නිර්මාණය වුණා.