|
|
තෙවැනි අධ්‍යක්ෂකගේ ස්තූතිය
එය පසුගියදා විකාශය නිම වූවා. සුසුමට පවා රහසින් අවසන් අදියරේ අධ්‍යක්ෂණය කළේ චමින්ද වෙල්ලාලගේ. අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු එම ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කොට තෙවැනි අධ්‍යක්ෂවරයා වෙත එනම් චමින්දට වැඩේ පැවරුවාම ඔහු ටිකක් බිය වුණාලු. ඒ තමන්ගේ අධ්‍යක්ෂණ කාර්ය කොහොම පිළිගනීවිද කියලා. නමුත් හිතුවටත් වඩා ඔවුන් චමින්දට සහාය දැක්වූවාලු. ඒ සහාය කොතෙක් හිතට දැනුණා ද කිව්වොත් සරසවිය හරහා ඔවුනට කට ඇරලා ස්තූතියි කියන්නට චමින්දට හිතුණලු. |




සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයකු තමන්ගේ නිර්මාණයකට දායක වූ ශිල්පීන්ට ප්‍රසිද්ධියේ තුති
පිදීම සුලබව සිදු නොවන කටයුත්තක්. එය එසේ නොවීමට හේතු කාරණාව වන්නේ ඇතැම්
නිර්මාණවලට දායක වන බොහෝ දෙනා ඉන් නික්ම යන්නේ නොයෙකුත් ප්‍රශ්න මතභේද ඇතිකරගෙන.
අතළොස්සක් නිර්මාණ සහෝදර ප්‍රේමයෙන් යුතුව කෙරෙනවා. සිරස නාළිකාවේ විකාශය වූ සුසුමට
පවා රහසින් ටෙලි සිතුවම එවැන්නක්.