|
සුහද කොකා නරඹා මන්ත්‍රීවරු කිව්ව කතාඅපි ගැනම චිත්‍රපට කරලා අපිටම පෙන්නනවා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන්රවීන්ද්ර ගුරුගේට චෝදනාවක්
රවී, මෙවන් වු දෙයක් සංවිධානය කරමු කියලා කවුද ප්‍රථමයෙන්ම යෝජනා කළේ? ඒක ටිකක් අමුතු කතාවක්. මටවත් ගිරාටවත් තුන් හිතක එවන් වූ අදහසක් තිබුණේ නැහැ. එහෙම හිතුණත් එච්චර වූ පිරිසකට ආරාධනා කරන්නවත් විදිහක් නැහැනේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක් තමයි මේ වගේ දෙයක් කරමු කිව්වේ? ඔව්. කවුද ඒ? අපේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා. එතුමාට පුදුම අදහස්නෙ පහළ වෙන්නේ? ඒක තමයි. සුහද කොකා චිත්‍රපටය ඇමතිතුමා නැරඹුවා. ඊට පස්සෙයි ඔහු කීවේ අපි මේක ජනපති සහ අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට පෙන්වමු කියලා. ඔබ මොනවද කීවේ? මං ටිකක් කල්පනා කළා. ඇත්තටම ඒක භාරදූර කටයුත්තක්. කොහොමද අපි එච්චර පිරිසකට ආරාධනා කරන්නේ, මේ චිත්‍රපටයෙන් කතා කරන අන්තර්ගතය ඔවුන් කොහොම පිළිගනියි ද කියන මතවල දෝලනය වෙමින් මං හිටියේ. අන්තිමේ ඇමතිතුමාම පිරිසට ආරාධනා කරනවා? ඔව්. කොහොමද ඊට ඔවුන් ප්‍රතිචාර දක්වලා තියෙන්නේ? හිතුවට වඩා හොඳයි. ඇතැම් අය ඒ දවස එනකම් ඉවසිල්ලක් නැතුව හිටියලු. විවිධ දේවල් කියලත් තියෙනවා.
සාමාන්‍යයෙන් විශේෂ උත්සවයකට ජනපති, අගමැති, මැති ඇමතිවරු එන එක පොදුයි. ඒ වගේම චිත්‍රපටයක විශේෂ දර්ශනයකට ජනපති, අගමැති, මන්ත්‍රී හෝ ඇමැතිවරු දෙදෙනෙක් තුන් දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එන එකත් පොදුයි. ඒත් මේක බලන්න ඔක්කොම එනවා. ඉතාම විරළ අවස්ථාවක්. ඔබ සඳහන් කළ පරිදි ලාංකේය සිනමා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිදු වෙලා නැහැ. හරිම නුහුරුයිනේ. ඒත් කිසිම දෙයක් අඩුපාඩුවක් නැතුව මං මෙය සංවිධානය කළා. සුහද කොකා බලන්න ජනාධිපතිතුමනුත් ආවා? ඒකනෙ. ඒත් එතුමාට චිත‍්‍රපටය ඉවර වෙනකම් ඉන්න බැරි වුණා? ඔව්. ජනාධිපතිතුමාට විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්නට තිබුණා ඒකයි ගියේ. චිත්‍රපටය ගැන ජනාධිපතිතුමන් මොන වගේ අදහසකින්ද හිටියේ? එතුමා පුදුම ආසාවකින් චිත්‍රපටය නැරඹුවේ. අවසානයට විනාඩි විස්සකට පෙර එතුමා පිටත්ව ගියා. නමුත් බලපු ටික එතුමාට හොඳින් දැනුණා. මට කතා කරද්දී ඒක තේරුණා. ආයෙත් දිනයක එතුමා චිත්‍රපටය සම්පූර්ණයෙන් බලමු කිව්වා. සුහද කොකා නරඹලා අගමැතිතුමාට වෙච්ච දේ ගැනයි මං ඊළඟට අහන්නේ? බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ අගමැතිතුමාගේ පැමිණීම. හිතුවා වගේම එතුමා ආවා. ඇවිත් චිත්‍රපටය ඉවර වෙනතෙක් හිටියා. හොඳට හිනාවෙනවත් මං දැක්කා. චිත්‍රපටය නරඹලා ශාලාවෙන් එළියට එන්න ලැබුණේ නැහැ මාධ්‍යයන් එතුමාව වට කර ගත්තා. මාධ්‍යයෙන් නොයෙක් දේ ඇසුවා. එතුමා අදහස් ප්‍රකාශ කළා. ටික වේලාවක් ගත වුණා. ඔහුව තමත් මාධ්‍යයෙන් වට කරගෙන ඉන්නවා. බැරිම තැන එතුමා කිව්වා 'මට යන්න දෙන්න කොකා පෙන්නන්න කලින්' කියලා. හිනාවෙවී ඔහු එහෙම පවසලා පිරිසෙන් මිදිලා වාහනේට නැංගා. අගමැතිතුමා චිත්‍රපටය ගැන බොහොම පැහැදීමෙන් නේද හිටියේ? එතුමා චිත්‍රපට නරඹලා ඇති. නමුත් මෑතකාලීනව මෙවන් වූ විනෝදාස්වාදයක් තිබෙන චිත්‍රපටයක් නරඹලා නැතුව ඇති. චිත්‍රපටය ගැන බෙහෙවින් ප්‍රශංසා කළා. මං හිතන්නේ එතුමාගේ කාර්යබහුල ජිවිතයට සුළු මොහොතක හෝ අස්වැසිල්ලක් ලැබෙන්න ඇති චිත්‍රපටය නැරැඹීම තුළින්. රාජිත ඇමතිතුමාත් නියම කතාවක් කිව්වලු එදා?
සුහද කොකා බලලා උරණ වෙචච අයකු එහෙම හිටියේ නැද්ද? මං එහෙම ඇහැව්වේ දේශපාලන ලෝකය සියුම්ව හාස්‍යයට ලක් කරන නිසා? මතු පිටින් පෙනෙන්න එහෙම කෙනෙකු හිටියේ නැහැ. නමුත් හිතින් අපට බැන්නද දන්නේ නැහැ. හැබැයි ඔක්කොමලා හිටියේ හරිම සන්තෝෂයෙන්. ගයන්ත ඇමතිතුමා අවසානයේ මොකද පැවසුවේ? හිතුවටත් වඩා වැඩේ සාර්ථකයි. ඒ හින්දා ඔහු බොහොම තෘප්තියෙන් එදා හිටියේ. මේ වන විට චිත්‍රපටයේ දර්ශන මට්ටම කොහොමද? සුහද කොකා අති සාර්ථකව ඉඟිලෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. බොහෝ ශාලාවල හවුස්ෆුල්. සරල වින්දනාත්මක චිත්‍රපටයක් හින්දා පොඩි ළමයි පවා මෙය බලන්න එක්කගෙන ඇවිත් තිබුණා. ඒක හොඳ ප්‍රවණාතාවයක්. පොඩි ළමයින්ව චිත්‍රපට ශාලාවලට රැගෙන නෙඑන කාලයක්නෙ මේක. මොනවද ඔබේ ඉදිරි නිෂ්පාදන කටයුතු? තවම චිත්‍රපටය දුවන නිසා ලොකුවට ඉදිරි කටයුතු ප්ලෑන් කරලා නැහැ. සුහද කොකාට තව ඉඟිල්ලෙන්න දීලා බලමු.
|