|
චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාගේ අවධානය පිණිසයි
හැඳුනුම්පතක් ගැන කතාබහක්
‘මෙක නිකං පරණ කොම්පැණියක අයිඩින්ටියක් වගේ’ එතනට ආපු ඩොනල්ඩ් ජයන්ත කිව්වේ ඉන්දියාවේදී වෙච්ච රසවත් සිද්ධියක්. එක්තරා චිත්‍රපටයක කටයුත්තකදී ඩොනල්ඩ්ට ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් කිහිප පොළක් මුණ ගැහුණලු. එතනදි ඩොනල්ඩ් අපේ චිත්‍රපට සංස්ථාවේ හැඳුනුම්පත පෙන්නුවම ඒ අය හොඳටම හිනා වුණාලු. මේ කරළියට ආපු හැමෝම ඩොනල්ඩ් ගේ කතාන්දරය අනුමත කළා. ඔවුන්ගේ ඉල්ලීම මේකයි. හැඳුනුම්පත හදන්න යන මුදල එකතු කරලා ඔවුන්ට ඕනෑ තැනක පෙන්නන්නට පුළුවන් හැඳුනුම්පතක් ලබා දෙන්න කියන එකයි. ඇත්තටම ඒක අතිශය වැදගත්. ඒ හැඳුනුම්පත දැක්කම අපට හිතුණෙ එච්චරයි. මේ කටයුත්ත වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමුවේ යයි කියලා අප හිතනවා. |