වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන උලෙළ අගෝස්තු BMICH

සම්මාන උලෙළ අගෝස්තු BMICH

මෙවර සරසවිය සම්මාන උලෙළ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා මරදානේ ට්‍රේස් එක්ස්ප්‍රස් සිටි ස්ථානයේදී පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ සහ සරසවිය සම්මාන උලෙළේ අනුග්‍රාහක දායකත්වය දරන කාගිල්ස් පුද්ගලික සමාගමේ දෙපාර්ශ්වය අතර සංකේතාත්මක ගිවිසුම් හුවමාරුව ද මෙදින සිදු වූ අතර එළඹෙන අගෝස්තු 03 වැනිදා සවස 6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මාන උලෙළ පැවැත්වීමට නියමිතය.

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සී. ටී. හෝල්ඩින්ග්ස් කාගිල්ස් කළමනාකර අධ්‍යක්ෂ සංජේ නායිල්, කාගිල්ස් සමූහ අලෙවි කළමනාකාරිණී මල්ජිනි ජයසේකර, සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ද ඒ සඳහා සහභාගි වූහ. සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් සරසවිය සිනමා සම්මානලාභීන් වන ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය, ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන, සබීතා පෙරේරා සහ දමිතා අබේරත්න මේ අවස්ථාවට සහභාගි වූහ.

2016 තිර ගත කළ චිත්‍රපට

01.සින්ඩ්‍රල්ලා-ඉනෝකා සත්්‍යාංගනී-2016.02.05

02.පටිභාන-රබීන් චන්ද්‍රසිරි-2016.02.19

03.නටන් නැතිව දින්නා-කල්යාණ චන්ද්‍රසේකර-2016.03.11

04.වීර වර්ණ-ශාහිරු රණසිංහ-2016.03.18

05.සිංහයා-වී.ශිවදාසන්-2016.03.30

06.ජූලි හතයි-සංජය නිර්මාල්-2016.04.07

07.සක්කාරං-ආචාර්ය ධර්මසේන පතිරාජ-2016.04.22

08.පත්තිනි-මහාචාර්ය සුනිල් ආරියරත්න-2016.05.05

09.ඇගේ ඇස අග-අශෝක හඳගම-2016.05.13

10.හොරා පොලිස්-සුරංග ද අල්විස්-2016.06.09

11.ආදරණීය කතාවක්-ප්‍රියන්ත කොළඹගේ-2016.06.10

12.පුතන්ඩියා-ත්‍රිශුල දීප තඹවිට-2016.07.22

13.උලත් එකයි පිළත් එකයි- හර්ෂ උඩකන්ද-2016.08.25

14.මෝටර් බයිසිකල්-සමීර රංගන නාඔටුන්නඹ-2016.08.26

15.මායා-ඩොනල්ඩ් ජයන්ත-2016.09.01

16.සුජාත පුත්‍ර-ශ්‍රීපාලි හෙට්ටිආරච්චි-2016.09.30

17.උසාවිය නිහඩයි-ප්‍රසන්න විතානගේ-2016.10.12

18.රන් දේදුන්නක්-නලීන් රාජපක්ෂ-2016.10.21

19.සය පෙති කුසුම-විශාකේශ චන්ද්‍රස්කර-2016.10.21

20.රජා මමයි-කල්යාණ චන්ද්‍රසේකර-2016.10.28

21.හීරෝ නීරෝ-ප්‍රදීප් මහේෂ් ලියනගේ-2016.11.11

22.64 මායම්-සුදේශ් වසන්ත පීරිස්-2016.12.02

23.සරිගම-සෝමරත්න දිසානායක-2016.12.02

24.අපේ කාලයේ පටාචාරා-සුගත් සමරකෝන්-2016.12.09

25.සූම්-සමීර වක්වැල්ල-2016.12.16

2017 තිර ගත කළ චිත්‍රපට

01.ආලෝකෝ උදපාදි-චත්‍ර වීරමන්-2017.01.20

02.රන් සයුර-සුදේශ් වසන්ත පීරිස්-2017.02.16

03.ප්‍රේමය නම් -කල්පන ආරියවංශ / වින්දන ආරියවංශ 2017.02.17

04.සුළඟ ගිනි අරන්-විමුක්ති ජයසුන්දර-2017.03.17

05.කොට උඩ එක්ස්ප්‍රස්-ඒ.ඒ.ජුනයිඩීන්-2017.03.31

06.බන්ධනය-උදයකාන්ත වර්ණසූරිය-2017.04.06

07.නිලංජනා-නාලක විතානගේ-2017.04.20

08.පැනි මකුළුවෝ-ඉසුරු වීරසිංහ මුදලි-2017.05.04

09.අලි කතාව-මහාචාර්ය සුනිල් ආරියරත්න-2017.05.18

10.නිමිනයක හුදකලාව-විශ්වනාත් බුද්ධික කීර්තිසේන-2017.05.19

11.නිනෝ ලයිව්-තිසර ඉඹුලාන-2017.05.26

12.28-ප්‍රසන්න ජයකොඩි-2017.06.02

13.හිම තාරකා-රොඩ්නි විදානපතිරණ-2017.06.16

14.දෙවෙනි වරම-ජී.නන්දසේන-2017.06.22

15.ධර්ම යුද්ධය-චෙය්යාර් රවී-2017.06.22

16.පුංචි අපිත් බය නෑ-ප්‍රියන්ත පතිරගේ-2017.07.21

17.හීන හොයන සමනල්ලු-රොහාන් පෙරේරා-2017.08.11

18.සෙල්ලම් නැත්නම් ලෙල්ලම්-තිස්ස ඩයස්-2017.09.06

19.අප්පට සිරි-ශ්‍රී ලාල් ප්‍රියදේව-2017.09.22

20.ස්වරූප-ආචාර්ය ධර්මසේන පතිරාජ-2017.09.29

21.දේදුනු ආකාසේ-ප්‍රියන්ත කොළඹගේ-2017.10.22

22.කාල-සුජීව ගුණරත්න-2017.10.27

23.සීමා නෑ ආකාසේ-නිහාල් බණ්ඩාර-2017.11.10

24.සමත්-ජයප්‍රකාශ් ශිවගුරුනාදන්-2017.11.30

25.ඩොක්ටර් නවරියන්-රන්ජන් රාමනායක-2017.12.07

26.ඒ ලෙවල්-රොහාන් පෙරේරා-2017.12.18

සම්මාන

විනිශ්චය මණ්ඩල තේරීම්

හොඳම චිත්‍රපටය

හොඳම අධ්‍යක්ෂණය

හොඳම නළුවා

හොඳම නිළිය

හොඳම සහාය නළුවා

හොඳම සහාය නිළිය

හොඳම තිර රචනය

හොඳම කැමරා අධ්‍යක්ෂණය

හොඳම සංස්කරණය

හොඳම කලා අධ්‍යක්ෂණය

හොඳම වේශ නිරූපණ ශිල්පි

හොඳම ශබ්ද පරිපාලක

හොදම සංගීත අධ්‍යක්ෂණය

හොඳම ගීත රවනය

හොඳම ගායකයා

හොඳම ගායිකාව

හොඳම නැඟී එන නළුවා

හොඳම නැඟී එන නිළිය

කුසලතා සම්මාන 06 කි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය (විශේෂ ජූරියක් මගිනි)

ස්වාධීන සම්මාන

රණ තිසර සම්මාන

රණපාල බෝධිනාගොඩ සිනමා සම්මාන

ප්‍රණාම සම්මාන

ජනප්‍රිය සම්මාන (පාඨක ඡන්දයෙන්)

ජනප්‍රිය සම්මානය-නළුවා

ජනප්‍රිය සම්මානය-නිළිය

ජනප්‍රිය චිත්‍රපටය (වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය)