වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සල් සපු නා රඟපෑමට ලැබුණේ වාසනාවට

සල් සපු නා රඟපෑමට ලැබුණේ වාසනාවට

R a n g i    r a j a p a k s h a

මං මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීම්වල. එහෙම පහළොවක් විතර කළා. ඉන් අනතුරුව තමයි ටෙලි නාට්‍යවලට ඇරැයුම් ලැබුණේ.

නම?

රංගි රාජපක්ෂ.

වෘත්තීය?

රංගනය.

පළමු ටෙලි නාට්‍ය?

මායාදුන්න බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ගොම්මනේ අපි.

ඉකුත් දිනවලදී ඔබ ප්‍රධාන චරිතය මැවූ ටෙලි නාට්‍යයක් විකාශය වුණා?

ඔව්. ඒක තමයි සල්සපුනා.

මොකක්ද එහි ඔබේ චරිතය?

ක්‍රිෂ්ණි.

කාගේ කවුද ක්‍රිෂ්ණි කියන්නේ?

සුරේන් ඇමතිතුමා කසාද බඳින්න ඉන්න කෙනා. හරි අහිංසක පෙම්වතියක්.

රංගි කොහොමද රඟපාන්න ආවේ?

මං මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීම්වල. එහෙම පහළොවක් විතර කළා. ඉන් අනතුරුව තමයි ටෙලි නාට්‍යවලට ඇරැයුම් ලැබුණේ.

සල්සපුනා නාට්‍යයේ රඟපාලා ඔබ ගොඩක් ජනප්‍රිය වුණා නේ?

ඒක තමයි. අදටත් බොහෝ දෙනා මට කතා කරන්නේ ක්‍රිෂ්ණි කියලා. ඒතරම්ම එම චරිතය මිනිසුන් අතරට ගියා.

සල්සපුනා අධ්‍යක්ෂණය කළේ නාලන් මෙන්දිස්. කෙහොමද ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන්න ලැබීම පිළිබඳ මොකද කියන්න තියෙන්නේ?

ඒ අවස්ථාව මට ලැබුණේ මගේ පෙර වාසනාවකට. ඒ වගේම මං හරිම භාග්‍යවන්තයි නාලන් සර් වගේ කෙනෙකු යටතේ රඟපාන්නට ලැබීම.

මේ දවස්වල මොන මොන දර්ශන තලවලද ඔබේ ජීවිතය ගෙවෙන්නේ?

රාවණා මාලා නාටකය දර්ශන තලවල තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ. මම එහි රාක්කා නමැති ප්‍රධාන චරිතය රඟපානවා. මං හිතන්නේ මේ මට ලැබුණු ඉහළම අවස්ථාවක්. ඒ වගේම කෙදිනකවත් අමතක නොවේ මං මේ දර්ශන තලවල ගත කරපු කාලය.

ඇයි ඒ?

මේකෙ ලොකේෂන් තියෙන්ේන් රිවස්ටන් සහ අනුරාධපුර අවටයි. ඇතැම් තැන්වලට ෆෝන් සිග්නල්වත් නැහැ. කඳු නගින්නත් තිබුණා. බොහොම අමාරුවෙන් දුෂ්කරතා විඳ විඳ සුන්දරව මෙහි රඟපානවා.

රංගන ක්ෂේත්‍රය කොහොමද ඔබට දැනෙන්නේ?

හරිම සුන්දරයි.

අසුන්දර දේවල් වෙලාම නෑ?

නැහැ.

කරදරකාරී පුද්ගලයින් හමු වෙලාවත් නැතිද?

ඇත්තම කිව්වොත් මට එහෙම පුද්ගලයන් හමු වෙලා නැහැ.

රංගි අන්තිමයට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද?

යශෝධරා.

සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට නරඹන්නියක්ද?

ඔව්. දෙස් විදෙස් චිත්‍රපට ඕන එකක් නරඹනවා.

එහෙම නරඹපු වඩාත් සිත් ගත් චිත්‍රපටය කුමක්ද?

දිල්වාලේ චිත්‍රපටයට මං හරිම ආසයි. ඒක තුන් හතර පාරක් නැරැඹුවා.

රංගිගෙ ගම කොහෙද?

මීපෙ.

ඉගෙන ගත් පාසල?

හංවැල්ල රාජසිංහ විදුහල.

උපන් දිනය?

1989. 06. 20

මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

ඔහු කැමැතිද ඔබ රඟපානවට?

අකැමැත්තක් නැහැ. පෙම්වතා තමයි මාව නිතරම දිරි ගන්වන්නේ.

රංගි රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

එහෙම විශේෂයෙන් කියලා චරිතයක් නැහැ. වෙනස් චරිත රඟපාන්න තමා කැමැති.

ඔබ ගැන කෙටියෙන් හඳුවන්න?

ඉක්මනින් හිත උණුවෙන කෙනෙක්.