වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




පාප්ප බාල්දියයි පෝස්ටර් මිටියයි

පාප්ප බාල්දියයි පෝස්ටර් මිටියයි

ඉකුත් දිනයක රාත්‍රියකදී මරදානෙ පැත්තේ එක්තරා තැනක අමුතු ලෙසට ඇඳ පැලඳගත් තැනැත්තෙකු පෝස්ටර් අලවනවා. ඔහු ලොකු තොප්පියක් එහෙම පැලඳලා හිටිය. ඒ නිසා හරියටම කවුද කියලා හඳුනාගන්නට අපහසුයි. මෙය අලවන පෝස්ර්වල තියෙන්නෙ වේදිකා නාට්‍යයක් ගැන අනූවදශකයේ අතිශය ජනප්‍රිය වුණු රැලිය නාට්‍ය රීමික්ස් කරලා නැවත වේදිකාගතවෙනවා කියලයි පෝස්ටර්වල තියෙන්නෙ. ඒ නාට්‍යහි ප්‍රධාන චරිතය මැව්වෙ ටෙනිසන් කුරේ. රීමික්ස් වෙච්ච නව නිෂ්පාදනයෙන් රඟපාන්නෙ ඔහු දැන්තමයි පෝස්ටර් බෝයිව හඳුනගත්තෙ.

ඔහු සිසිල් ගුණසේකර. තවත් විදිහකින් කිව්වොත් මෙම නාට්‍යයේ අධ්‍යක්ෂ. තමන්ගෙ වැඩවලට අනුන් මොකටද කියලා වෙන්න ඇති පෝස්ටර් ටික මෙහෙම අලවන්නට පටන් ගත්තෙ. කොහොම වුණත් එතැන තියෙන්නෙ එක්තරා අන්දමක කැපකිරීමක්. වේදිකා නාට්‍යයක් කියලා කියන්නෙ කැපවීමේ උපරිම කලාවක්නෙ. ඒ නිසා අධ්‍යක්ෂවරයා කියලා වෙනසක් නැහැ. තමන්ගෙ වැඩේ ගොඩදාගන්න තමන්ම මහන්සි වෙන්න ඕන. රැලිය තවත් අදියරක් මෙම මස 30 වැනිදා ටවර් රඟහලේදී පැවැත්වනු ඇත.