වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 119

සිංහල සිනමා විස්තරය - 119

රන්මිණි මුතු

තිරගත වූ දිනය – 1983 ජනවාරි 19
ඉදිරිපත් කිරීම – ජිස්ති ෆිල්ම්ස්
නිෂ්පාදනය – ඇම්. හුසේන් මොහොමඩ්
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සහාය අධ්‍යක්ෂණය – මර්වින් කළුආරච්චි
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
සංස්කරණය - සිරි කේ. විතාරණ සහාය - ඇම්. ඇස්. අලිමාන්
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු - සහාය නිමල්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන්, එම්. ඒ. ඒබ්‍රහම්, ඩී. සිරිසේන පෙරේරා
රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – පෑලියගොඩ දයානන්ද
නිෂ්පාදන කළමනාකරණය - ඩී. එස්. පුවක්පිටිය
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස් / සමරසිංහ ෆිල්ම්ස්
වෙඩි පිපිරවීම – කරුණාදාස ඇතුරුගිරිය
නිශ්චල ඡායාරූප – බර්නාඩ් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර, සිරිල් ඒ. සීලවිමල, ආර්. ප්‍රේමදාස සූරීන්, උපාලි ධනවලවිතාන

ගීත -

සිරිමා බෝ සෙවණේ සිහිල් ළපලු - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව - පද රචනය – කරුණාරත්න අබේසේකර
පැඟිරි වයසේ කොමල ළඳුන් - එච්. ආර්. ජෝතිපාල / ලතා වල්පොල සහ පිරිස - පද රචනය – උපාලි ධනවලවිතාන
මාලා මාලා අශෝක මාලා - වික්ටර් රත්නායක / චන්ද්‍රිකා සිරිවර්ධන – පද රචනය – ආර්. ප්‍රේමදාස සූරීන්
නා ලොවින් පාවූ - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක – පද රචනය - සිරිල් ඒ. සීලවිමල

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, ශ්‍රියානි අමරසේන, විජය නන්දසිරි, ජෙනිටා සමරවීර, මර්වින් ජයතුංග, සමන්ති ලැනරෝල්, වින්සන්ට් වාස්, පර්ල් වාසුදේවි, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, රංජිත් පෙරේරා, ටියුඩර් කරුණාතිලක, විල්බට් විජේසිංහ, ඩී. ගුණපාල, රාජා ලියනගේ, සුනිල්සෝම පීරිස්, ඩී. එස්. පුවක්පිටිය, ජී. එම්. විජේසිංහ, චමින්ද ජයසිරි, ආරියදාස ඇඹුල්දෙනිය, එඩී අමරසිංහ, චන්ද්‍රදාස කොඩිතුවක්කු, ඒ. ස්ටීවන්, ජයසේන කරුණාරත්න, සී. ටී. වික්ටර්, රංජිත් ලාල් වීරක්කොඩි, එච්. පීටර් පෙරේරා, ජී. ගුණදාස, ඉන්ද්‍රාණි අබේවර්ධන

චන්දිරා

තිරගත වූ දිනය – 1983 ජනවාරි 21
ඉදිරිපත් කිරීම - රුවන් ෆිල්ම්ස්
නිෂ්පාදනය – ජී. ඇල්. පියදාස
අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
තිර නාටකය – අර්නස්ට් වඩුගේ
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
කැමරා සහාය – ජී. නන්දසේන
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය – රංජිත් මතඟවීර – උපදෙස් - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා / ප්‍රේමදාස හීනටිගල / ඇම්. සුගත්
සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන / ඒ. අයි. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය / සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු
කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා
වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය / ගාමිණී ජයසුන්දර
විදුලි කාර්මික – බන්දුසේන
සහාය ශිල්පින් – ආරියදාස විතානගේ / අනුර විජේරත්න / ඒ. එස්. පී.ගුණතිලක
නිෂ්පාදන කළමනාකරණය - ජෝර්්ජ් වීරසිංහ / ඩී. ඇම්. හේරත් බණ්ඩාර
නිෂ්පාදන විධායක - ප්‍රේමසිරි සමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ / සුනිල් ආරියරත්න / දයා රාජපක්ෂ / උපාලි ධනවලවිතාන

ගීත -
මං රොමියෝ - සුජාතා අත්තනායක / ග්‍රේෂන් ආනන්ද / ගුණදාස කපුගේ /ඉන්ද්‍රා නාලිනි ලියනගේ
ජම්බෝරේ ජම්බෝරේ – මිල්ටන් මල්ලවආරච්චි සහ පිරිසගල්කුළු යායේ - ඉන්ද්‍රා නාලිනි ලියනගේ
පාවෙන ලා හිරු රැසේ - ටී. එම්. ජයරත්න

ධාවන කාලය – පැය 2 විනාඩි 10
දිග ප්‍රමාණය - අඩි 11,400

නළු නිළියන් -

රෙක්ස් කොඩිප්පිලි (සක්කර මාමා), ශ්‍රියාණි අමරසේන (සීතම්මා), සබීතා පෙරේරා (චන්දිරා), මර්වින් ජයතුංග (ගිඩිරියන්), විමල් කුමාර් ද කොස්තා (අන්ඩුවා), සරත් කුමාර විජයරත්න (චාරෝ), රිචාඩ් වීරක්කොඩි (යකා මාමා), දයාසිරි හෙට්ටිආරච්චි (සාතුවා), වේහැල්ලේ පියතිලක (සයියර්), රොබට් රේනර් (සුදු මහත්තයා), සිසිර කුමාරතුංග, පියසේන ජයවන්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ජයසේන ජයරුවන්, ටෙඩී විජේසිරි

මංගල දර්ශනය - එන්. යූ. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වන දින මරදාන එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී.

ප්‍රදර්ශනය - එල්ෆින්ස්ටන් – මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, විජයන්ති – කඩුවෙල, ජයමිනි – පානදුර, මුවිටෝන් – දළුගම, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, ජෝති – රත්නපුරය, ශ්‍රීී ලංකා- වෙන්නප්පුව, මොඩර්න් – කුරුණෑගල, විජය – අම්පාර

සඳමාලි

තිරගත වූ දිනය – 1983 ජනවාරි 29
ඉදිරිපත් කිරීම - සිරිකත චිත්‍රපට
නිෂ්පාදනය - මෙල්රෝයි සල්ගාදු
අධ්‍යක්ෂණය – මිල්ටන් ජයවර්ධන
කතාව - තොම්සන් ඒ. වැන්දබෝනා
දෙබස් සහ තිර නාටකය - කේ. ඩී. නිකලස්
සහාය නිෂ්පාදනය - ආනන්ද මුණසිංහ
සහාය අධ්‍යක්ෂණය – බන්දුල පද්මකුමාර
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
කැමරා සහාය – රංජිත් පෙරේරා
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් / කාලිංග ද සිල්වා
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු සහාය නිමල්
තාක්ෂණික සහාය - සිංහගිරි චිත්‍රපට / ඩී. එන්. එෆ්. සී. ආයතනය
ප්‍රචාරක අධිකාරි සහ ප්‍රදර්ශන සැලැස්ම – අර්නස්ට් වඩුගේ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
සැකසුම – ලංකා චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය / සරසවි චිත්‍රාගාරය
නාමාවලිය - ප්‍රේම් ජයන්ත්
නිෂ්පාදන කළමනාකරු සහ නිශ්චල ඡායාරූප – ජයන්ත සුමනදාස
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ,
ප්‍රේමකීර්ති ද අල්විස්, වේහැල්ලේ පියතිලක

ගීත සංඛ්‍යාව - 04

ගීත -
අතුරු මිතුරු ළඟට වරෙල්ලා - එච්. ආර්. ජෝතිපාල
චින්තන පැතුම් දිගන්තේ – ඇන්ජලින් ගුණතිලක
මා සිහින මංජුසාවේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පෙම් චාරිකා යමු රෑ යාමේ - ඩබ්ලිව්. ඩී. අමරදේව / ලතා වල්පොල

නළු නිළියන් - ටෝනි රණසිංහ, සුවිනීතා කෝන්ගහගේ, ජෝ අබේවික්‍රම, අග්‍රා සජීවනී, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, ලැටීෂියා පීරිස්, සේනක පෙරේරා, විජය කුමාරණතුංග, ආනන්ද වික්‍රමගේ, විජය කොරයා, නිලන්ති විජේසිංහ, එඩී ජයමාන්න, රුක්මණී දේවි, සෝමසිරි දෙහිපිටිය, බන්දුල උදය කුමාර්

ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන් – මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රාජ් – මීගමුව, ඕඩියන් – මහනුවර, ඡායා - කෑගල්ල, නිව් සිනමා - කුරුණෑගල, ජීවනී – අලව්ව, පර්ල් - හලාවත, චන්ද්‍රා - අවිස්සාවේල්ල, චිත්‍රා - කළුතර, ක්වින්ස් - ගාල්ල, පබ්ලික් හෝල් - ගම්පහ

සුමිතුරෝ

තිරගත වූ දිනය – 1983 පෙබරවාරි 12
ඉදිරිපත් කිරීම - ජෝති ෆිල්ම්ස්
නිෂ්පාදනය (සම) – එච්. ආර්. ජෝතිපාල – පී. එම්. ජිනදාස
අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
කතාව, දෙබස්, තිර නාටකය – පද්මසිරි කොඩිකාර
සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර, රංජිත් සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සංස්කරණය - ඇම්. ඒ. රූපසේන / සිරි කේ. විතාරණ
සංස්කරණ සහාය – ප්‍රභාත් කුමාර / රංජිත් සිරිවර්ධන
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය - ඩෙරික් ප්‍රනාන්දු
කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන
ඇඳුම් නිර්මාණ සහ සැපයීම - ස්මාට් වෙස්ටන් ට්‍රේලර්ස්
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විස් / දිසානායක චිත්‍රපට
ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම – මර්වින් බෙන්ස් / එල්රෝයි අල්මේදා
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
සැකසුම - ලංකා චිත්‍රාගාරය / සරසවි චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – නිහාල් කුමාර පතිරණ
නාමාවලිය - සාලිය ඩයස්
නිෂ්පාදන කළමනාකරු - යූ. ඇස්. ඇස්. හමිඩ්
නිෂ්පාදක විධායක - ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ, කුලරත්න ආරියවංශ

ගීත -

රුං රුං රුං රඟන්නේ- එච්. ආර්. ජෝතිපාල
මහදේ වේදනාවෝ - එච්. ආර්. ජෝතිපාල
හද සුසානේ ප්‍රේම චිතකයේ - එච්. ආර්. ජෝතිපාල
සඳ උදා වූ - එච්. ආර්. ජෝතිපාල
යොවුන් වියේ සිතේ - එච්. ආර්. ජෝතිපාල
මෙ ගී රාවේ ලොවට ඇසේවා - එච්. ආර්. ජෝතිපාල
ඉරෙන්දෝ හඳෙන්දෝ - ඇන්ජලින් ගුණතිලක / ෆෙ‍්‍රඩී සිල්වා

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, එච්. ආර්. ජෝතිපාල, සුමනා අමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, කුමුදිනි විජේනායක, පියදාස විජේකෝන්, නවනන්දන විජේසිංහ, සමන්ති ලැනරෝල්, බී. ඇස්. පෙරේරා, පද්මසිරි කොඩිකාර, නිහාල් කුමාර පතිරණ, මියුරි සමරසිංහ, අර්නස්ට් සොයිසා, සරත් දසනායක, රොබින් ප්‍රනාන්දු, දොන් සිරිසේන

ධාවන කාලය – පැය 2 විනාඩි 30

දිග ප්‍රමාණය – අඩි 12500

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, ට්‍රියෝ - දෙහිවල, අනූෂා - මහරගම, ජයන්ත – ගම්පහ, හිමාලි - කිරිබත්ගොඩ, නිව් ඉම්පීරියල් - පානදුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ටජ්මහල් - මාතලේ, ෂැම්රොක් – වෙන්නප්පුව, ටාසන් – කෑගල්ල, කිංග්ස් -- බදුල්ල, සරසවි – ගාල්ල, ජයන්ති - පොළොන්නරුව