වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




රන් කෙවිට II චිත්‍රපටය සී. ඊ. එල්. මණ්ඩලයට

රන් කෙවිට II චිත්‍රපටය සී. ඊ. එල්. මණ්ඩලයට

අර්බුදයකට ලක්ව ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඉවත් කරගත් උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට ධ්ධ් සිනමා සිතුවම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරෙන බව අධ්‍යක්ෂ උදයකාන්ත සරසවියට දන්වා සිටියි. එය මේ දිනවල එම මණ්ඩලයේ තිරගත වන නිකිණි වැස්ස සහ ඊළඟට තිරගතවීමට නියමිත ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ යන සිනමාපටවලින් අනතුරුව තිරගත වනු ඇත.

ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, බෙනට් රත්නායක, කුමාර තිරිමාදුර, ඉෂාම් සම්සුදීන්, හරිත් සමරසිංහ, දමිතා සළුවඩන, මධුශානි ජනත්‍රීන්, අසේල ජයකොඩි, දොන් ගයි, සමන් හේමරත්න, ආනන්ද අතුකෝරාල, ජනේශ් සිල්වා, චතුර පෙරේරා රන් කෙවිට ධ්ධ් රංගනයෙන් හැඩ කරයි.

රන් කෙවිට I මෙන්ම ත්‍රිමාණ ගොපළු යකාගේ වික්‍රමයන් අඩංගු මෙය මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසුරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වරණසූරියගේ නිෂ්පාදනයකි.

කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ප්‍රවීන් ජයරත්නගෙනි.

ත්‍රිමාණ සජීවිකරණයෙන් තිලංක පෙරේරා, අනලි පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද එක් වී ඇත.

ලක්ෂිකා - සමින්ද්‍ර අතිනත ගත්දා

සියත ටීවී ආයතනයේ මාධ්‍යවේදිනියක සහ රූපවාහිනි වැඩසටහන් හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරන ලක්ෂිකා තේනුවර සමින්ද්‍ර වින්ධ්‍යාන් ගනේවත්ත සමඟින් අතිනත ගත්තාය. ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා ගාල්ල ආරාධනා උත්සව ශාලාවේදී පැවැත්විණි.

යුනිවර්සල් සෝල්ජර්ස් 4 හෙට සිට මැජෙස්ටික්හිදී

යුනිවර්සල් සෝල්ජර් චිත්‍රපට මාලාවේ සිව්වැන්න යුනිවර්සල් සෝල්ජර් ඩේ ඔෆ් කෝනිං හෙට සිට මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ ගෝල්ඩි සිනමා ශාලාවේදී මෙරට තිරගත වීම ඇරැඹේ.

ජෝන් හයිමිස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි වෑන්ඩෑම් ප්‍රධාන චරිතය මවනු ලබයි.

ඩොල්ෆ් ලුන්ග්‍රන්, ස්කොට් ඇඩිකින්ස්, ඇන්ඩ්‍රෙ ආලොව්ස්කි, මාරියා බොනර් එහි සෙසු චරිත රංගනයේ යෙදෙති.

මේ මගේ කැදැල්ලයි’ 09 වැනිදා එළි දකී

මාධ්‍යවේදී ආරියවංශ කුලතිලක ලියූ ‘මේ මගේ කැදැල්ලයි’ නම් අලුත්ම නවකතාව මෙම මස 09 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.