හෙට පැතුම් සඳැල්ලට ගොඩ වෙමු

යොවුන් ගී, තුරුණු ශක්ති, තුරුණු තරු, තුරුණු යාත්‍රා යන සංගීත වැඩසටහන් ඔස්සේ ගීයෙන් ඔබ ඇමතූ ඔහු මාපලගම ජයන්ත සෙනෙවිරත්න. ජයන්ත මේ සූදානම් වෙන්නේ යළිත් වරක් ඔබේ රසික රසිකාවන්ව ගීයෙන් පිනවන්නද?

මගේ කුළුඳුල් කැසට්පටය ‘පැතුම් සඳැල්ල’ නමින් කැසට් පටයක් මගේ ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ඒ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් මාර්තු 23 වැනිදා පස්වරු 2.30 ට කාර්මික විද්‍යාලයේ රංග ශාලාවේදී ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සහ අතුල ශ්‍රී ගමගේ සමඟින් ‘පැතුම් සඳැල්ල’ තුන් සිතක ගී ප්‍රසංගය පවත්වනවා. එහි ප්‍රවේශපත් ඕනෑම කෙනෙකුට රත්මලාන කාර්මික විද්‍යාලයෙන් ලබා ගන්න පුළුවන්. මීට ප්‍රථමයෙන් ‘පැතුම් සඳැල්ල’ ඒක පුද්ගල ගී ප්‍රසංගයේදී මගේ හඬයි අවදි වුණේ. මාර්තු 23 කාර්මික විද්‍යාලයට පැමිණෙන ඔබට ගීත සමුච්චයක් සැබෑ ලෙසම රස විඳීන්න හැකි වේවි. ඒ වගේම එදින සවස් යාමයෙහි පැතුම්

සඳ ැල්ල ප්‍රසංගය සංගීතවත් කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී සංගීත කණ්ඩායම සහ නෙත් ආකර්ශණීය රංගනයන් ඉදිරිපත් කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම.

මගේ සංගීත දිවියට ගොඩක් උදව් කළ පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතියි කියන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.


අනූපමා මුහන්දිරම්ගේ මාපියාණෙනි දොරට වැඩුම අද

මිය ගිය අප්පච්චී ජීවිතය දුන් කවි අහුර

‘පිපුණු මල් මැද - සුවඳ මල වන

රහස මට දුන් මා පියාණනි

දුකට සතුටට – උනන කඳුළට

අගය මට දුන් මා පියාණනි’

‘පියෙක් පිය මැන ජීවන මඟ ඔබේ පා සලකුනු මතින් ඇවිදිමි. ජීවිත තක්සලාවේ මහා ඇදුරාණෝ ඔබය. පියාණෙනි ඔබට මේ ගීතය උපහාරයක් වේවා!’

දියණියකගේ සිතක නැඟුනු සොඳුරු සිතුවිලි ගොන්නක් ඇය මෙසේ සටහන් කළාය. ඒ පද පේළි අතරින් ඇය දුටුවේ සිය දයාබර අප්පච්චීය.

ඈ ‘අනූපමා මුහන්දිරම්’.

‘මගේ ජීවිතයේ හෙවනැල්ල වගේ උන් අප්පච්චී මිය ගිහින් වසරක් ගත වුණා. ජීවත්ව සිටින කාලයේදී මගේ ජීවිතයට ආලෝකයක් වුණු ඔහු නිසාම මගේ සිතේ උපන් කවි සිතුවිලිවලට ලැබුණේ පණක්. ඒ කවි සිතුවිලි වර්ධනය කර ගන්න, ඒවා ගීතයක් ලෙස එළි දකින්නට පෙර එහි විවේචකයා, රසිකයා වූයේ ඔහුයි.

ඔහු ජීවත්ව සිටින කාලයේදී ඔහු වෙනුවෙන්ම එසේ එළි දැකීමට නොහැකි වී ගිය සිතුවිලි හෙට දිනයේ ඔහු වෙනුවෙන්ම (23 වැනිදා) සවස 6.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී දොරට වඩිනවා. ඒ ‘මා පියාණනි’ නම් සංයුක්ත තැටිය ඔස්සේ.

මේ සංයුක්ත තැටියෙහි ගීත 16 ක් අඩංගුයි. නිරෝෂා විරාජිණී, දයාරත්න රණතුංග, නෙලූ අධිකාරී, ජගත් වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස, මංගලිකා තෙන්නකෝන් යන ප්‍රවීණ ශිල්පීන් වගේම කුමුදු ජයසිංහ, ධනෝද්‍යා යාපා, උදාර කාරියප්පෙරුම, ඩිල්ෂාන්්‍යා ලක්ෂිකා, මල්ෂානි ඩයස්, බර්ට්‍රම් සාරංග, චතුරිකා නිර්මාලි, ධනුක ලක්ෂාන් යන නවක ශිල්පීන්ගේ මියුරු හඩින් හැඩ වෙන්නේ මා ලියූ සිතුවිලියි.

ඒ පද රචනා සඳහා සංගීතයෙන් නාලක අංජන කුමාර, රෝහණ ධර්මකීර්ති, රජිත් ගාමිණී, වික්ටර් රත්නායක, නවරත්න ගමගේ, නදීක ගුරුගේ වැනි සංගීත ශිල්පීන්ගේ මධුර වූ නාදය ඔබගේ සිතට අපූරු බවක් ගෙන එනු නියතයි.

ඒ වගේම මේ ගීත සියල්ලම හා තවත් ගීත කිහිපයක් සමඟ එදිනම ‘පියාණනි’ නමින් කෘතියක් එළි දක්වන්නටත් මා සූදානම්.’

එදින උත්සවයේ දේශනය සඳහා අප ආරාධනා කළේ බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ ගේය පද රචකයාටයි. එදාට ඔබත් එන්න. මම ඔබවත් බලාපොරොත්තු වෙනවා.

මහජන බැංකුවේ නීති නිලධාරිනියක් ලෙස සේවය කරන අනූපමා මුහන්දිරම්ගේ සැමියා වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය මෙන්ම දියණිය අනුත්තරාත්, පුතණුවන් සන්දිල්වත් ඈ සිහිපත් කළේ ආදරයෙනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු