FEEDBACK

හෙළ සිනමා සක්විති නැති අඩුව තදින් දැනේ

හෙළ සිනමාවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ උපන් දිනය යෙදී ඇත්තේ මාර්තු 21 වැනි දිනටය. උපන් දිනයට ඔහුට සුබ පතන්නට තරම් අප වාසනාවන්තයින් නොවෙමු.

හෙළ සිනමාවට අනුපමේය මෙහෙවරක් කළ මහා රංගධරයා වූ ඔහු දැයෙන් සමුගෙන ගොස් වසර ගණනාවක්ම ගත වී ඇතත් ඔහු හා රංගනයෙන් සම කළ හැකි නළුවකු මේ වන තෙක්ම බිහි වී නැත.

මේ නිසා ඔහු වැනි රංගවේදියකු නැති අඩුව හෙළ සිනමා රසිකයන් වූ අපට බෙහෙවින් දැනේ. ඔහු රඟපෑ නිධානය, පරසතු මල්, වැලිකතර, ගම්පෙරළිය වැනි චිත්‍රපට රාශියකම මතකය අමරණීයයි.

මාතලේ-ධර්මා ඒකනායක


විරහ ගීතයේ උත්තරීතර රාවය

මිල්ටන් මල්ලවආරච්චි

ඔරුවක පාවී ආ සීතල වතුර සිප ගත් රාවය ඔහුගේ රිද්මයේ ආරම්භය විය. සිනහව අතරින් පායා ආ සඳ එදා රෑ ගුවන් තොටුපළ පරයා සුළඟේ පාවී සුවහසක් ප්‍රේමන්තයන් සුවපත් කළ ඝණ අඳුරේ රළ පතරේ ජීවිතය පරදුවට තබා යන්න ගියා ඔහු.

බන්දුල මල්ලවආරච්චි

ගම්පහ.


ත්‍යාගා එන්. එඩ්වඩ්ට දිගු ගමනකට ආසිරි

දක්ෂ ගායිකාවක වන ඔබ ගැයූ ගීත අතුරින් ‘සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා’ ගීය ඇතුළු බොහෝ ගී අදත් හෙටත් මතු දිනයෙත් බොහෝ වටිනවා. අලුත් නිර්මාණ තුළින් ඔබට තව දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවා.

නිමල් කුලසේකර - අඟුලාන.


ජිප්සීස් නායක සුනිල් කවදත් අලුත් දෙයක් කළා

ජිප්සීස් යනු එළිමහන් ප්‍රසංග කලාවට නව අරුතක් එක් කළ ගීත කලාවේ නැවුම් ගීත රැසක් තිළිණ කළ කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීත කණ්ඩායමකි.

දේශපාලන ප්‍රහසන ගීත කලාවට ද කැපී පෙනෙන විනෝදබර ගීත රැසක් හඳුන්වා දුන් ජිප්සීස් අභිබවා යාමට තරම් වෙනත් සංගීත කණ්ඩායමක් තවමත් බිහි වී නැතැයි මට සිතේ.

වෙළඳ දැන්වීම් අතර සුවිශේෂී චරිතයක් වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා ගීත ගායනය තුළින් සැම විටම අලුත් දෙයක් නිර්මාණය කිරීමට කැප වී ක්‍රියා කරන කලාකරුවකි.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ - ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු


චන්දන, ප්‍රියන්ත වෙන්න එපා

සිරස ලක්ෂපති වැඩසටහන මම බොහෝ කාලයක සිට නරඹන්නෙමි. මෑත කාලයේ සිට එය ඉදිරිපත් කරන චන්දන සූරියබණ්ඩාර, ප්‍රියන්ත විජේසිංහ අනුකරණය කරනු පෙනේ. අප බලාපොරොත්තු වන්නේ චන්දන සූරියබණ්ඩාරගෙන් චන්දන සූරියබණ්ඩාර කෙනෙකු මිස ප්‍රියන්ත විජේසිංහ කෙනෙකු නොවේ. එහෙයින් ඔබගේ අනන්‍යතාවයෙන් යුතුව නිවේදන කටයුතුවල යෙදෙන්න.

ඇන්ටන් දහනායක - මහර හන්දිය.


සුබසිංහලා තිදෙනාගේ ගීතය හරිම රසවත්

මේ දිනවල වෙළඳ සේවය සිටි එෆ්. එම්. සේවය, රුහුණු සේවය තුළින් ප්‍රචාරය වන පුංචි මුනුබුරෙක් ගීතය ඉතාම රසවත්. මෙහි විශේෂත්වය වන්නේ සුබසිංහලා තිදෙනෙකුගේ දායකක්වයෙන් නිර්මාණය වීමය. පද රචනය ගාමා ගාමිණී සුබසිංහ. ගායනය උපසේන සුබසිංහ (පාල) සහ සංගීතය සමීර සුබසිංහ ඒ අය වේ.

ඉහළ තල්දූවේ - ආනන්ද වික්‍රමආරච්චි


අබා 2 එළිදක්වන්න

ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදයේ මීළඟ නිෂ්පාදනය ලෙස අබා 2 (පඬු අබා) ඓතිහාසික දැවැන්ත චිත්‍රපටය එළි දක්වන මෙන් ඉල්ලා සිටිමි.

එච්. ඒ. ජයසේන - රනාල.


පියාගේ අඩි පාරේ යන මාරියෝට සුබපැතුම්

ආදරණීය පියාණන්ගේ හඬින් ගායන ක්ෂේත්‍රයේ අඩි පාරේ පියමං කර තම ගායන කුසලතා ඔපවත් කර ගනිමින් පැමිණි ග්‍රේෂන් පුත් මාරියෝ ආනන්ද, ඔබ අපට ඉමහත් ආඩම්බරයකි. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට අපි ඔබට සුබ පතමු.

හැඳල අල්විස් ටවුම - පාලක සමන් පෙරේරා


රොම්ලස්ගේ මුල්ම ගී තැටියට ප්‍රණාමය

රොම්ලස්

පෙරේරාගේ මුල් ගීත ඇතුළත් සී. ඩීී. තැටියක් නිකුත් කළ බව ආරංචි වුණා. එය ඇසීමෙන් බොහෝ සේ මා සතුටු වුණේ ඒ ගීත මා අප්‍රමාණව රස විඳි නිසා. නමුත් පසුකාලීනව අපට අසන්නට ලැබුණේ නව සංගීතයට මුසු කළ විකෘති කළ ගීතය.

ඇත්තටම ඒ මුල් ගීත ඇසීමට නොහැකි වීම ගැන දැඩි කණස්සල්ලෙන් මා හිටියේ. ඉතින් ඔබ ඒ දුන් දායාදයට මාගේ ප්‍රණාමය.

මත්තේගෙඩ - පොල්ගස්ඕවිට

අජිත් ජෝතිය කරසිංහ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු