කරළිය

මාර්තු 22 වැනිදා

* අනුර මාපිටිගමගේගේ ‘පරපෝෂිතයෝ’ බදුල්ල ඌව මහ විදුහල් රඟහලේ.

23 වැනිදා

* ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බෝ කලම්බෝ’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

* ‘පරපෝෂිතයෝ’ බදුල්ල විහාර මහා දේවී බාලිකා මහ විදුහල් රඟහලේ.

24 වැනිදා

* ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ මරදාන ටවර් රඟහලේ.

* ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකා අධිපති’ මරදාන ටවර් රඟහලේ.

* යශෝධරා සරච්චන්ද්‍රගේ හා කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

* අජිත් හේමසිරි ගේ ‘අසව් ලාස් වේගාස්’ හැව්ලොක්ටවුන් හි ලුම්බිණි රඟහලේ.

25 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ.

* ජයලත් මනෝරත්නගේ ‘තල මල පිපිලා’ වරකාපොළ නගර ශාලාවේ.

* හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

* නාලක විතානගේගේ ‘බ්‍රේකින් නිවුස්’ පිටකෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශාලාවේ.

* ටෙනිසන් කුරේ ගේ ‘අයි ඈම් ශ්‍රී ලංකා’ ගාල්ල පින්නදූවේ.

* සුනිල් ශ්‍රී ගේ ‘බූවල්ලා’ පානදුර පුරහලේ.

27 වැනිදා

* ‘සිංහබාහු’ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ.

28 වැනිදා

* ‘තල මල පිපිලා’ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ.


සෙනෙහසේ නාමයෙන්

මිල්රෝයි පීරිස්ගේ ‘සෙනෙහසේ නාමයෙන්’ නම් ඔහුගේ කුළුඳුල් සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.

ගීත දාහතරකින් යුත් මෙම සංයුක්ත තැටියෙහි ගීත රචනා කර ඇත්තේ ප්‍රදීප් කුමාරසිංහ, උත්පලා මුණසිංහ, මිල්රෝයි පීරිස්ය. තනු නිර්මාණය මිල්රෝයි පීරිස් විසින් සිදු කර ඇත.


ජනේලයෙන් පනින්නද නෙළුම් පොකුණේ

නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් පරිදි වසරේ හොඳම නාට්‍යය ලෙස රාජ්‍ය සම්මාන දිනූ නාට්‍යය, ලෝක නාට්‍යය දිනය වෙනුවෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වේදිකා ගතවනු ඇත.

ඒ අනුව මෙම මස 27 වැනිදා මෙවර රාජ්‍ය සම්මාන දිනූ ජනේලයෙන් පනින්නද වේදිකා ගතවේ. ධනුෂ්කා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ මෙම නාට්‍යය දැක්ම මෙවර සංවිධානය කරන්නේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයයි.


කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල දින අටක්

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල – 2012 මෙම මස 26 වැනිදා සිට අපේ‍්‍රල් 02 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.

26 වැනිදා

ගර්දා කොනිග් හා ගුස්ටාවෝ පිජෙල්කෝ ගේ ‘උනඩඥචමචත’

27 වැනිදා

සාරාදත් අසිමිනියා ‘ද ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ රොනිකා චාමලී සහ එස්. ලීලාවතීගේ ‘පැසෙන්ජර්’

28 වැනිදා

මොහා සේෆුල් ගේ ‘සිටොබෝ ලලාන්ග් ලිපා’

29 වැනිදා

ආචාර්ය අෂීප් ගෝෂ් ගේ ‘චුට්ටි’

30 වැනිදා

බ්රෙන්ඩන් ඕ කොනෙල්ගේ ‘ටෝක් ඉස් ස්මෝල්’

එස්. දයාලන්ගේ ‘එල්ෆී’

31 වැනිදා

අමීර් නවාස් ගේ ‘අකියාන් වලියෝ’

01 වැනිදා

මහාචාරියා විද්‍යානිධි වනරාසිගේ ‘ඩගල්නාමා’

02 වැනිදා

එම්. සෆීර්ගේ ‘කූඩු වෙලා’

මෙම දිනයන්හි පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, නාමෙල් වීරමුණි, ධර්මසිරි බණ්ඩාරනායක, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය එස්. මවුනගුරු, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යන ප්‍රවීණ ශිල්පීන්ට උපහාරයන් ද සිදු කිරීමට නියමිතය.


චිත්‍රකලා ඩිප්ලෝමා ප්‍රදානයක්

ඇප්ට් ආර්ට් ඇකඩමිය සංවිධානය කරනු ලබන චිත්‍රකලා ඩිප්ලෝමා ප්‍රදානය සහ අරුණලු චිත්‍ර මූර්ති ප්‍රදර්ශනය මෙම මස 24 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට කොළඹ ජාතික කලා භවනේදී ආරම්භ වේ. 24 හා 25 වැනි දිනයන්හි පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අවසාන දිනයෙහි (25 වැනිදා) පස්වරු 1.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සිසු - සිසුවියන්ගේ ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය ද සිදු කෙරේ. වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.


දෙවැනි ගජබා නිරිඳුන්ගේ කන්තලේ රාජධානිය එළි දකී

විශ්‍රාම ලත් උප්පැන්න විවාහ සහ මරණ ලේකම්වරයකු වූ සාම විනිසුරු කන්තලේ පී. එල්. සිරිසේන ලියූ අලුත්ම ඓතිහාසික ග්‍රන්ථය වන ‘දෙවැනි ගජබා නිරිඳුන්ගේ කන්තලේ රාජධානිය’ කෘතිය මෙම මස 27 වැනිදා පස්වරු 2.00 ට කන්තලේ අග්‍රබෝධි මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

මලක සුවඳක් සිතට ළං වී 22 දොරට වඩී

අසේල නිර්මාල් රන්දුනු බණ්ඩාරගේ ‘මලක සුවඳක් සිතට ළං වී’ කෘතිය මෙම මස 22 වැනිදා පස්වරු 2.00 ට මහවැලි කේන්ද්‍රිය ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

සියල්ල ජයගත් දරුවා 25 පාඨක සුරතට

ගුණරත්න ඒකනායකගේ ‘සියල්ල ජය ගත් දරුවා’ කෘතිය මෙම මස 25 වැනිදා පෙරවරු 9.00 ට සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වඩී.

අංජුලගෙන් පොත් දෙකක්

ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියේ සහකාර වැඩ සටහන් කළමනාකරුවකු වූ අංජුල ප්‍රියන්ත මනම්පේරිගේ ‘සුදු මල් හැඬුවා’, ‘සඳ රාජිණි’ නම් කෘති ද්විත්වය පසුගියදා දොරට වැඩිණ.


රන් පිහාටු

සෝමබන්දු කරුණාරත්න ලියූ ‘රන් පිහාටු’ නම් ළමා ග්‍රන්ථය පසුගියදා එළි දැක්විණ.

ස්වර්ණ හංස ජාතකය ඇසුරින් රචිත රන් පිහාටු ළමා කෘතිය චිත්‍ර ඇඳීමෙන් තරිඳු ප්‍රේමානන්ද සහාය වේ. ‘රන් පිහාටු’ සිතාරා ප්‍රකාශනයකි.


පැහැසරනී 25 වැනිදා

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ‘පැහැසරනී’ සංගීත ප්‍රසංගය මෙම මස 25 වැනිදා පස්වරු 5.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. අමරසිරි පීරිස්. ටී. එම්. ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, කසුන් කල්හාර ගී ගයන පැහැසරනී ප්‍රසංගය පැවැත්වෙන්නේ නීති විද්‍යාලයේ එකසිය තිස්අටවැනි සංවත්සරය වෙනුවෙනි.


ග්‍රැමෆෝන් යුගයේ සිට රිගින් ටෝන්

යුගයට කොළඹ කමතේදී

ග්‍රැමෆෝන් යුගයේ සිට රිගින් ටෝන් යුගය දක්වා ගැයෙන ගී සන්ධ්‍යාවක් මෙම මස 25 වැනිදා සවස 3.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පිහිටි කොළඹ කමතේදී පැවැත්වේ. සහන් රන්වල ප්‍රමුඛ රන්වල පදනම ඉදිරිපත් කරයි.


විකෘති පන්නල

සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ වේදිකා නාට්‍යය හෙට දින (23 වැනිදා) පන්නල පුරහලේදී වේදිකා ගතවේ. ප්‍රධාන සංවිධායක සරත් උදයසිරි සඳහන් කරනා අන්දමට මෙය සංවිධානය කර ඇත්තේ ව/ගිරි පන්නල ගලයාය රන්දිය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයයි.


ඉසිපතනයෙන් ඉසිසර 24 දා

ඉසිපතන විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන ‘ඉසිසර’ මෙම මස 24 වැනිදා පස්වරු 6.30 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ළමුන් අසූ පහකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ගායන වාදන මහා මංගල්‍යයේදී භාෂා ත්‍රිත්වයෙන්ම ජනප්‍රිය ගී ගැයීමට නියමිතය.

විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, ලක්ෂ්මන් විජේසේකර, දමයන්ති ජයසූරිය යන ගායක ගායිකාවෝ මෙම ප්‍රසංගය සඳහා ආරාධිත ශිල්පීන් ලෙස සහභාගි වේ.

විදුහලෙන් බිහි වූ රංග දසනායක, ඇන්තනී සුරේන්ද්‍ර, ලලිත් පොන්නම්පෙරුම, සුමිත් මන්දනායක, සරත් ද අල්විස් ඇතුළු ගායකයන් රැසක් සහභාගි වන සංගීත අංගයක් ද මෙම ප්‍රසංගයෙහි වේ.

විදුහල්පති අරුණ පෙරේරාගේ අනුශාසනාව යටතේ හා සංගීත ආචාර්ය තරංගනී පතිරාජගේ මග පෙන්වීම යටතේ ළමුන් පුරුදු පුහුණු කළේ අවිශ්ක හා මින්දද යන ආදි ශිෂ්‍යයන්ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු