|
|
මවට උපහාර
හොලිවුඩ් සිනමාවට ආර්මෝල්්ඩ් ස්වැසනේගර් ඉන්නවා වගේම අපේ සිනමාවටත් ඒ වගේ කායවර්ධන ප්‍රගුණ කළ නළුවෙක් හිටියා. ඔහු තමයි තිලක් ජයවීර. තිලක් තමන්ගේ අම්මට හරිම ආදරෙයි. ඔහු ක්ෂේත්රයට ආගමනය වුණායින් පසුව දිරිය ශක්තිය වෙලා තියෙන්නේ තමන්ගේ අම්මා. ඒ නිසා තිලක් ජයවීර තම මවට උපහාරයක් පිදුවා. ඒ ඔහුගේ කලා ජීවිතයේ තිස් පස් වැනි සංවත්සරය සැමරූ දින. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති එම උත්සවයේ සේයාරූ කිහිපයකි මේ. තිලක් ජයවීර තමා සමඟ සිනමාවට දායක වූ කලාකරුවන් කිහිප දෙනෙකුට ද උපහාර තිළිණ පිරිනැමුවා. මියුරි සමරසිංහ, රත්නා සුමනපාල, බුද්ධදාස විතානාච්චි, ලුවී වැන්ඩස්ට්‍රාටන්, සුනිල්සෝම පීරිස්, විල්සන් කරුණාරත්න, බී. සිරිතුංග පෙරේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඒ අතර වෙනවා. මේ අවස්ථාව සඳහා ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජනරාල් තුසිර මලවිතන්ත්රි, රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා. |





