|
SARASAVIYA MODEL BANK
මානෙල් පෙරේරා SMBGP 45
වයස අවුරුදු හැත්තෑ එකක් වන මනෙල් පෙරේරා චිත්‍රපට ගණනාවකම චරිත මැව්වා. ඇය පදිංචි දෙල්ගොඩ. නමුත් තමන්ට නිසි චරිතයක් නොලැබුණු බව ඇය කියනවා. සරසවිය මොඩ්ල් බෑන්ක් හා ඇය එකතු වුණේ මහත් වූ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනයි. ආචාර්ය සෝමරත්න දිසානායකගේ චිත්‍රපටවලට දායකවීමටයි මානෙල්ගේ අදහස.
චන්දන මෙන්ඩිස් SMBGP 47
චන්දන මෙන්ඩිස්ගේ වයස අවුරුදු හතළිස් හයයි. ඔහුගේ පදිංචිය දූනගහ. ගමේ කලා ආයතනයෙහි ඉගෙන ගනිමින් සිටින අතරතුරදී ඔහු රංගනයේ යෙදෙනවා. චන්දන මේ වන විට වේදිකා නිර්මාණ කිහිපයකටම දායක වී තිබෙනවා. ඔහු රංගනයට වගේම බටනලා වාදනයටත් දක්ෂයි. චන්දන සුගත් සමරකෝන්ගේ නිර්මාණවලට එකතු වන්නට කැමැත්තෙන් ඉන්නවා.
මල්රාජ් මහානාම SMBGP 46
මල්රාජ් මහානාම පුංචි කාලයේ සිටම උනන්දුවක් දැක්වූයේ සංගීතයට. ඒ හේතුවෙන් ඔහුට ටෙලි නිර්මාණ කිහිපයකටම ගායන අවස්ථා ලැබුණා. එහෙම පියවර කිහිපයක් ඉදිරියට ගිය මල්රාජ්ට රඟපාන්න හිතිලා. ඔහු ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් තමයි ගම්පහ සරසවිය මොඩ්ල් බෑන්ක් එකට ආවේ. ඔහුට රංගන අත්දැකීම් නැහැ. ඒත් රංගනයට කැමැත්තෙන් ඉන්නවා. මල්රාජ්ගේ පදිංචිය කාක්කපල්ලිය. වයස අවුරුදු පනහයි. කැමැතිම අධ්‍යක්ෂවරයා වන්නේ සුදේශ් වසන්ත පීරිස්.
තෙවුණි දෙවත්මි SMBGP 48
සුදත් රෝහණගේ ගිරිකුල ටෙලි සිතුවමේ කාන්චනා මෙන්ඩිස්ගේ දියණියගේ චරිතයට පණ පෙවූ ළමා නිළියව ඔබට මතකද. ඇය තමයි මේ ඉන්නේ. නම තෙවුණි දෙවත්මි. වයස අවුරුදු දහයයි. කැලණිය ශ්‍රී සංඝමිත්තා බාලිකාවේ ඇය ඉගෙනුම ලබනවා. තෙවුණිගේ පදිංචිය දළුගම. ගිරිකුලට අමතරව ප්‍රවේගය චිත්‍රපටයෙත් ඇය රඟපෑවා. තෙවුණිගේ බලාපොරොත්තුව උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඩ් ජයන්ත ආදී අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායකවන්න. |