වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු: Sarasaviya e edition - Lake House - Sri Lanka

මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

සජීවගේ නවතම ගීතය දෙවියන්ලු මැව්වේ මා වෙත ඔයා

මට ලැබුණු හැමදේට
වැඩියෙන් සදා වටිනම දේ වූ ඔයා
පෙර පිනට මුණ ගැසුණ
බව තේරුණා දුටු මුල් දිනේදී පවා
ඉක්මන් වෙලා අනන්තෙන් එහා
පියාඹන්නෙ නෑ මා වසන්තය දමා
ආදරය ප්‍රාතිහාර්යක් වී ඔයා
කළුවර මාගේ දිවිය එළි කළ නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුණා
දෙවියන්ලු මැව්වෙ මා වෙත ඔයා

කෙතරම් බාධා ආවත් අප සොයා
හැරයන්න හැකි වූයේ සැනෙකින් එදා
පණටත් වඩා කාටත් අත නොපා
ඔබෙන් ලද සදා නිකැලැල් ආදරය නිසා

ගායනය - සජීව දිසානායක
පද රචනය - සඳුන් පෙරේරා
සංගීතය - භාෂි දෙවංග
මියුසික් වීඩියෝව අධ්‍යක්ෂ - වාසව බදුගේ

සාමාන්‍යයෙන් මේ දිනවල මියුසික් වීඩියෝවක් රූගත කරන්නේ කොළඹ අවටයි. නමුත් සජීව තම නවතම මියුසික් වීඩියෝවේ දර්ශන තල ලෙස යොදා ගන්නට තීරණය කළේ හික්කඩුව සහ ගාල්ල යන ප්‍රදේශවලයි. පාසල් ප්‍රේමයක් ආශ්‍රයෙන් මෙහි වීඩියෝව නිර්මාණය කොට තිබේ. සජීවගේ හතරවැනි ගීතය වන මෙය රූගත කරද්දී හරි හරි දේවල් සිදු වුණ බව සජීව කිව්වා. එක්තරා අවස්ථාවකදී සජීව පැදගෙන ගිය බයිසිකලය නතර වුණේ කුණු වලකට වැටිලු. අවට පිරිසගේ උදව්වෙන් ගොඩට ආ ඔහු නාගෙන ඇවිත් තමයි ඊළඟ දර්ශනවලට පෙනී ඉඳලා තියෙන්නේ.