|
|
මගේ රංගනයට දින දෙන්නේ බිරිය
නිහාල් ප්‍රනාන්දු
නිහාල් ප්‍රනාන්දු අප කලා ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක්. නම කියූ
සැණින් රසික ඔබ ඔහු හඳුනා ගන්නේ රංගන
1973 අග භාගයේදී සයිමන් නවගත්තේගම ගේ ‘ස්ත්‍රී’ වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පිවිස ‘සුභ සහ යස’, ‘අන්ගාරා ගඟ ගලා බසී’, ‘ඒකාධිපති’, ‘මකරාක්ෂයා’, ‘සෙනෙහෙබර ඩොලි’ වැනි වේදිකා නාට්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව පෙන්නූ නිහාල් ටෙලි නාට්‍ය රැසක රඟමින් පුංචි තිරය ද හැඩ කළේය. ‘උඩු ගං බලා’, ‘තවත් එක් ගැහැනියක්’, ‘නේරංජනා’, ‘අඹරාවක්’, ‘වංසක්කාරයෝ’, ‘අන්තස්සරයෝ’, ‘බොරදිය කඳුර’ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ඔහු ‘අමාන්තය’ චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසියේය. නිහාල් ප්‍රනාන්දු නම් වූ මේ සුවිශේෂ කලාකරුවාගේ නවතම ටෙලි නිර්මාණය ‘මකුළු දැල්’. සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන මේ ටෙලි සිත්තම සමඟින් ඔහුගේ කලා තතු විමසන්නයි සරසවියේ මේ සූදානම.
* ‘මකුළු දැල්’ ගැන සටහනක් තබමින් අපි මේ කතාබහ අරඹමු? මම අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නිර්මාණය තමයි මකුළු දැල්. එහි තිර පිටපත ලියවුණෙත් මවිසින්මයි. පියසේන රතුවිතාන මහතාගේ ‘බාලොලි’ සහ ‘ළඳකගේ කතාව’ නම් වූ කෘති දෙක ඇසුරින් තමයි මකුළු දැල් නිර්මාණය වුණේ. ග්‍රාමීය දිවි පෙවෙතක් ගත කරන මිනිසුන්ගේ ජීවිත සහ ආදරය ගැන කතා කරන අපූරු ටෙලි නිර්මාණයක් ලෙස මකුළු දැල් හඳුන්වා දෙන්න පුළුවන්.
* කෘති දෙකක්. එක තිර රචනයක්. ටෙලි නාට්‍යයකට නැඟීමේදී ඔබේ නිර්මාණ කාර්යයට එය අභියෝගයක් වුණේ නැද්ද? ‘බාලොලි’ වගේම ‘ළඳකගේ කතාව’ කෘති දෙකම ගම ආශ්‍රය කරගෙන ලියවුණ නිර්මාණ දෙකක්. ඒ නිසා එය ලොකු පහසුවක් වුණා. මකුළු දැල් තිර පිටපතේදී මම බාලොලි කෘතියෙන් ආරම්භයත් රැගෙන ටික දුරකදී ළඳකගේ කතාව එයට සම්බන්ධ කළා. එහිදී චරිතවලට මෙන්ම කතාවේ හරයට හානියක් නොවන්න මම හැම විටම වග බලා ගත්තා. ඒ වගේම කතා දෙකේ යම් යම් චරිත අතර සම්බන්ධයක් ගොඩ නඟමින් එය එක් කතා පුවතක් බවට පරිවර්තනය කළා.
* මේ කටයුත්තේදී කෘති රචකයා ඔබගේ අදහසට දැක් වූ ප්‍රතිචාරය මොන වගේද?
ඇත්තටම මුලින්ම රතුවිතාන මහතාටත් එය ගැටළුවක් වෙලා තිබුණා. නමුත් මම පිටපත එතුමා
අතට දුන්නාම ඒ පිළිබඳ ඔහු ගොඩාක් සතුටු වුණා.
* අද බොහොමයක් ටෙලි නාට්‍ය නිර්මාණය කෙරෙන්නේ රූපවාහිනී නාලිකාවල අවශ්‍යතාව අනුව. ඔබත් මේ ගැටළුවට මුහුණ දුන් අධ්‍යක්ෂවරයෙක්ද? මට නම් මේ දක්වා එහෙම බලපෑමක් වෙලා නැහැ. ඒ වගේම මගේ නිර්මාණ ප්‍රතික්ෂේප වෙලත් නැහැ. මගේ නිර්මාණ විකාශය වූ හැම නාලිකාවකින්ම මට විශාල සහයෝගයක් ලැබුණා. මගේ නිර්මාණ සියල්ලම වැඩ අවසන් වූ පසුවයි අදාළ නාලිකාව වෙත රැගෙන ගියේ. ඔවුන් එය බලා සුදුසු තැන ලබා දුන්නා. එහිදී මට නම් කිසිම බලපෑමක් වුණේ නැහැ. ඔවුන්ගෙන් දිරි ගැන්වීම් තමයි ලැබුණේ. ඒ දිරි ගැන්වීම තවත් උසස් නිර්මාණ බිහි කරන්න ශක්තියක් වුණා.
* නිහාල් ප්‍රනාන්දු නම් අධ්‍යක්ෂවරයා හමුවේ නිහාල් ප්‍රනාන්දු නම් වූ රංගන ශිල්පියා කරළියට පැමිණීම සීමා වෙලාද?
රංගන ජීවිතය පිළිබඳ කතා කරන්න පෙර ප්‍රවීණ නවකතා රචක මෙන්ම නාට්‍යවේදියකු වන සයිමන්
නවගත්තේගම සහ ආචාර්ය තිස්ස අබේසේකර මහත්වරුන් කෘතවේදීව සිහිපත් කරන්න ඕනෑ. ඒ දෙපොළ
තමයි මා මේ තැනට ඔසවා තැබුවේ. සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස වේදිකා නාට්‍යයට 1976
වසරේ සිට අද දක්වාම මගේ දායකත්වය ලබා දෙනවා.
ප්‍රේක්ෂකයන් මා හඳුනා ගන්නේ නළුවෙක් විදියට. පිළිගැනීම ලැබුණේ රංගනයට. රංගනයෙන් ඉවත් වෙන්නට බාපොරොත්තුවක් නම් නැහැ. මේ දවස්වල සුදත් රෝහණගේ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ ඉස්කෝලේ මහත්තයාගේ චරිතය වගේම වීදි පහන් ටෙලි නාට්‍යයේත් රංගනයෙන් දායක වෙනවා.
සමහර වෙලාවට රංගනයට මම ටිකක් කම්මැලියි. අධ්‍යක්ෂවරු කතා කළාම දින නැහැ කියලත් තියෙනවා. බිරිය තමාරා තමයි කතා කරලා ඔවුන්ට දින ලබා දෙන්න කටයුතු කරන්නේ. ඇත්තටම ඇය මගේ මේ ගමනට විශාල ශක්තියක්. ඇය තුළත් කලාව පිහිටලා තියෙනවා. ඒ සහයෝගය මට ගොඩක් වටිනවා. මකුළු දැල් ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කරන්නෙත් ඇය විසින්.
* ‘අමාන්තය’ ඔබේ පළමු සිනමා නිර්මාණය. ඉන් පසුවට ඔබ අතින් සිනමා නිර්මාණ බිහි නොවුණේ කලකිරීමක් නිසා ද? ක්ෂේත්‍රය ගැන කලකිරීමක් නැහැ. සිනමා නිර්මාණ බිහි නොකළාට ටෙලි නිර්මාණ 18 ක් විතර නිර්මාණය කළා. කෙටි නාට්‍ය රැසක් නිර්මාණය කළා. දැන් මම මගේ දෙවැනි සිනමා නිර්මාණයට සූදානම්. එහි පිටපත සුනිල් ධර්මසිරි විසින් රචනා වුණේ. නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු. ලබන වසරේ අප්‍රේල් මාසයේදී විතර රූගත කිරීම් කටයුතු සිදු කරන්න තමයි බලාපොරොත්තුව. වැඩිදුර විස්තර ඉදිරියේදී සරසවිය පාඨක ඔබට කියන්නම්. ඒ වගේම බොර දිය කඳුර ටෙලි නාට්‍යයෙන් ලද අත්දැකීම් සමඟින් තවත් අලුත් ටෙලි නිර්මාණයක් කරන්නත් සූදානම් වෙනවා. සත්‍ය සිදුවීමක් ඇසුරින් කෙරෙන මේ ටෙලි නිර්මාණය මගේ ජීවිතයේ වටිනාම නිර්මාණය ලෙස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
|



ශිල්පියෙක් විදියටයි. වේදිකාව පුංචි තිරය සිය
රංගනයෙන් විචිත්‍රවත් කළ ඔහුගේ රංගන දිවියේ මේ ගෙවෙන්නේ 40 වැනි වසරයි. නමුත් මේ
වසර ගණනාව පුරාවටම නිහාල් ප්‍රනාන්දු නම් වූ ඔහුගේ කලා දිවිය රංගනයට සීමා වූ එකක්
නම් නොවේ. ඒ ඔහු රංගනය සේම අධ්‍යක්ෂණය, තිර රචනය හරහා සිය හැකියාවෙන් මෙරට කලා
ක්ෂේත්‍රයේ උන්නතියට දායක කරමින් සිටින බැවිනි.
රතුවිතාන මහත්තයා එදා මකුළු දැල් ටෙලි
නිර්මාණයේ පිටපත අතට ගත්තේ හරියට කුඩා දරුවෙක් දෝතට ගන්නවා වගේ. එය කියවා බලා ගොඩක්
ස්තුති කළා.

මකුළු දැල් හි මගේ පොඩි චරිතයක්
තියෙනවා. මගේ අධ්‍යක්ෂණයන් තුළදී මගේ රංගනයට මම මූලිකතත්වය දෙන්නේ නැහැ.