වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




TOP 10 CHART FROM HOLLY WOOD

TOP 10 CHART FROM HOLLY WOOD

ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර මේ දිනවල ප්‍රමුඛස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටයයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි ත්‍රාසජනක අභ්‍යාවකාශ චාරිකාවක් ගැන කියැවෙන කතා පුවතක් ඇතුළත් වේ. සැන්ඩ්‍රා බ්ලොක්, ජෝර්ජ් ක්ලෝනි ප්‍රධාන චරිත මවන මෙම චිත්‍රපටය ඇමරිකානු ප්‍රදර්ශනයෙන් පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 55.8 ක ආදායමක් වාර්තාකර තිබුණි.

Cloudy with a chance of meatballs - 2 එම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටයයි. පසුගිය සති අන්තයේදී එය ඇමරිකාව තුළදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 22 ක්.

Runner Runner ඇමරිකානු බොක්ස් ඔෆීස් වර්තා චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත් වූ චිත්‍රපටයයි. බ්‍රැඩ් ෆර්මන් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තය තුළදී ඩොලර් මිලියන 5.75 ක ආදායමක් වාර්තාකර තිබුණි.

ඩෙනිස් විලින්වෙනූව් අධ්‍යක්ෂණය කළ Prisoners  චිත්‍රපටය දැනට සිව්වැනි ස්ථානයේ පසුවෙයි. හග් ජැක්මන්, ජෙක් ග්ලෙන්හාල්, වියෝලා ඩේවිස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Rush පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 4.48 ක් වාර්තා කරමින් 5 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඩොලර් මිලියන 4.16 ක් ඉපැයූ Don Jon  සහ Baggage Claim පිළිවෙළින් 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පැමිණ සිටී.

Insidious : Chpter 2 අට වැනි ස්ථානයටත් Pulling Strings නව වැනි ස්ථානයටත් පත්ව ඇති අතර Enough Said  ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර දැනට 10 වැනි ස්ථානයේ පසුවෙයි.