|
බලනවා නම් චිත්‍රපටChirstmas in Compton ‘ක්‍රිස්මස් ඉන් කොම්ප්ටන්’ නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. ඩේවිඩ් රෙනර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම විකට චිත්‍රපටයේ කීත් ඩේවිඩ්, ඔමාර් ගෝඩ්න්, එරික් රොබර්ට්, ෂෙයිල් ලී රැල්ප් ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘සේෆ්’ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ බොආස් යාකින් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක්. ජේසන් ස්ටැතම්, ක්‍රිස් සැරන්ඩන්, රොබට් ජෝන් බර්ක් සහ ජේම්ස් හොන්ග් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
Nature Calls
‘නේච කෝල්ස්’ ටුඩ් රොහල් අධ්‍යක්ෂණය කළ විකට චිත්‍රපටයක්. ජොනි නොක්ස්වයිල්, පැටොන් ඔස්වල්, රොබ් රිග්ගල්, මවුරා ටයිර්නි මෙහි චරිත සඳහා දායකත්වය ලබා දෙති.
‘රොක් ඔෆ් ඒජස්’ හොලිවුඩ් සංගීතමය විකට චිත්‍රපටයකි. ඇඩම් ෂැන්ක්මන් විසින් අධ්‍යක්සණය කළ මෙහි ජුලියන් හොග්, ඩියාගෝ බොනිටා, රුසෙල් බ්‍රැන්ඩ්, පාවල් ගිමැට්,කැතරින් සීටා ජෝන්ස්, මාලින් ඒකටන්, මාරි ජේ. බ්ලිග්, ඇලිස් බැල්ඩ්වින්, ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
Price Check
‘ප්‍රයිස් චෙක්’ මධ්‍යම පාන්තික ජීවිත වටා ගෙතුන හොලිවුඩ් විකට චිත්‍රපටයකි. මයිකල් වෝල්කර් විසින් අධ්‍යක්ෂණය කළ මේ සඳහා පාකර් පොසේ, එරික් මාබියුස්, මෙලින්ඩා පේජ් හැමිල්ටන් ප්‍රධාන චරිත නිරූපණය කරති.
The Cold Light of Day
‘ද කෝල්ඩ් ලයිට් ඔෆ් ඩේ’ මාබ්‍රවුට් එල් ටෙක්රි විසින් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක්.
Ajab GaZabb Love
සන්ජේ ගාධීව් විසින් අධ්‍යක්ෂණය කළ ‘අජබ් ගසබ් ලව්’ චිත්‍රපටය ආදර කතාවක් ඇතුළත් විකට චිත්‍රපටයක්. ජැකි භගනානි, නිධී සුභායා, අර්ජුන් රාම්පාල් මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.
Cover Story
‘කවර් ස්ටෝරි’ ලෝරන්ස් පොස්ටමා විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක කතා පුවතක් ඇතුළත් චිත්‍රපටයකි.
ෂීනා නායර්, ජැකී ෂැරොෆ්, අසිෆ් බස්රා, යුරි සුරි මෙහි ප්‍රධාන චරිත
සඳහා දායකත්වය ලබා දෙති.
|