වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කවියි මායි අදටත් හොඳ යාළුවෝ

කවියි මායි අදටත් හොඳ යාළුවෝ

Devnaka Porage

'සඳරැස් එදිරිසිංහ' මේ දිනවල තිරගත වන 'ඝරසරප' චිත්‍රපටය නැරැඹූ ඔබට ආගන්තුක නමක් නොවෙයි. ගඩාගම දේවස්ථානයේදී දිව්‍යා සමඟ ප්‍රේමයෙන් බැඳෙන සඳරැස් කාගේත් අවධානයට මෙන්ම කතාබහට ලක් වූ චරිතයක් බවට මේ වන විට පත්ව ඇත. සඳරැස්ට පණ පොවන මේ කඩවසම් තරුණයා දෙවුනක පෝරගේය. දෙවුනක 'සඳරැස්'ව සරසවියට කැඳවාගෙන ආ මොහොතයි මේ.

මොනවද ඔබගේ නවතම තොරතුරු?

'ඝරසරප' චිත්‍රපටයෙන් පසුව නැවතත් මම මගේ සුපුරුදු ඉගෙනීමේ කටයුතුවල නියැළෙනවා. අධ්‍යාපන කටයුතුවල නිරතවෙන ගමන් අලුත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් එයට රංගනයෙන් දායක වෙනවා.

මොනවද ඔබ තවමත් ඉගෙන ගන්නේ?

මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීතිය හදාරමින් සිටිනවා. ඒ වෙනුවෙන් තමයි වැඩිපුර කාලය යොදවා තිබෙන්නේ.

ඔබ ඉගෙනුම ලැබුවේ?

මම අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්. සාමාන්‍ය පෙළ උසස් පෙළ විද්‍යා අංශයෙන් තමයි හැදෑරුවේ. උසස් පෙළ නිම වෙලා ජීව විද්‍යා අංශයෙන් උපාධිය හදාරන්න පටන් ගත්තත් නීති අංශයට තමයි මම නැඹුරු වුණේ. ඒ නිසා දිගටම දැන් නීතිය හදාරනවා.

ඔබ රංගනයට අත් පොත් තබන්නේ?

පුංචිම කාලෙ ඉඳලා. මුලින්ම මම ටී. වී. වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. ඒ වන විට මට අවුරුදු 5 ක් පමණ ඇති. ඉන්පසුව ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගනයට එක්කාසු වුණා.

මොනවද ඔබ මුලින්ම රඟපෑ චිත්‍රපට?

මට අවුරුදු දහයක් පමණ වන කාලෙදි සිරිමල් විජේසිංහගේ 'පිටසක්වල කුමාරයයි පැංචො 7 යි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් සුනිල් කොස්තාගේ 'සිහින වසන්තය' චිත්‍රපටයේත් මම රඟපෑවා. එය පසුව අධ්‍යක්ෂණය කළේ සාරංග මෙන්ඩිස්. ඊට අමතරව ටෙලි නිර්මාණ වු 'ගඟ අද්දර', 'ගැහැනු ළමයි', 'භාර්යාවෝ' හි මම රඟපෑවා.

'ඝරසරප' චිත්‍රපටය ඔබේ කලා ජීවිතයේ සංධිස්ථානයක් නොවේද?

ඇත්තටම. මම රඟපෑම අතහැර ඉන්න මොහොතක තමයි 'ඝරසරප'ට ආරාධනා කරන්නේ. මගේ මාමාගේ ඉල්ලීමකට අනුවයි ඒ. ඔහු මට කිව්වා ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂතුමාගේ චිත්‍රපටයකට ඔයාව තෝරාගෙන තිබෙනවා ඉජපඥඥද ඊඥඵබ එකට එන්න කියලා. කැම්පස් එකේ ලෙක්චර්ස්වලටත් ඉඳලා ඒ අතරතුර තමයි මම ඉජපඥඥද ඊඥඵබ එකට ගියේ. එදා තමයි මට කාවින්ද්‍යා හරියටම හමු වුණේ. දැන හඳුනා ගත්තේ. පසුව අපිට ඹධපඬ ඉඩධන කීපයක් පවත්වලා රඟපාන්න අවස්ථාව දුන්නා.

පළමුව රූගත කළ දර්ශනය මතකද?

ඔව්. මටයි කවීටයි ජ්ඪතථ එකේ ගීතයකට අනුව රඟපාන්න කිව්වා. එය එදාම රූගත කිරීම් කළා. සාර්ථකව ඒ දර්ශනයට අපි මුහුණ දුන්නා.

සඳරැස් චරිත රංගනය ගැන මොකද හිතෙන්නේ?

මේ ගැන ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒ කමෙන්ට් එක මට තාම මතකයි. 'කවීගෙයි මගෙයි රඟපෑම් පෙරාපු රත්තරං වගේ' කියලා. ඉතින් මට හරි ආස හිතුණා ඒ රංගනය ගැන. හැම දෙනාම කිව්වේ අපි ක්ෂේත්‍රයට ආධුනිකයන් වුණත් සිනමා නිර්මාණයේ වෘත්තීමය පළපුරුදු නළු නිළියන් වගේ රඟපානවා කියලයි.

ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම ගැන ඔබට මොකාද හිතෙන්නේ?

ඒකනම් මගේ රංගන ජීවිතයේ මම ලබපු ලොකු වාසනාවක්. ඒ වගේම ජැක්සන් ඇන්තනී, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි ප්‍රවීණයන් සමඟ එකම චිත්‍රපටයක රඟපාන්න ලැබීම ගැන ගොඩක් ආඩම්බරයි.

ඒ වෙන කොට සඳරැස්්ට වයස කීයද?

අවුරුදු 20 ක් විතර.

ඔබත් සමඟ රඟපාන කාවින්ද්‍යා ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මම මේ චිත්‍රපටයට එන්න පෙරාතුව කවීගේ නම දැනගෙන හිටියට ඇයව අඳුරගෙන ආශ්‍රය කරලා තිබුණේ නැහැ. නමුත් චිත්‍රපටයත් එක්ක ඇයව මට හඳුනාගන්න ලැබුණා. ඇය හරිම නිහතමානී චරිතයක්. ඇය මට ලොකු සහයෝගයක් දුන්නා. ඉතාම සැහැල්ලුවෙන් ඇගේ චරිතය රඟපෑවා. ඇයත් එක්ක රඟපාන්න හරිම පහසු වුණා. ඒ හැමදේටම ජයන්ත අංකල් අපිට පිටුපස සිට ලොකු අත්වැලක් සැපයුවා. කවී අදටත් මට හොඳ යාළුවෙක්.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාව ඔබ දැක්කේ කොහොමද?

ඔහු මට ගුරුවරයෙක්. අධ්‍යක්ෂවරයෙක් වුණත් ඊට වඩා ඔහු මට ගුරුවරයෙක්. මගේ රඟපෑම් ගැන එයා නොදැනුවත්වම මාත් නොදැනුවත්වම ඔහුගෙන් මට බොහෝ දේ ඉගෙන ගන්නට අවකාශ ලැබුණා. රංගනය ගැන පාසලකට ගිහින් ඉගෙන ගත්තා වගේ තමයි.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය?

හොඳයි. ගොඩක් හොඳ කියනවා.

සිනමාවේ වගේම ඔබ සැබෑ ලොවෙත් පෙම්වතෙක් ද?

අපෝ නැහැ. ආදරය කරලා තිබෙනවා. ඒත් පෙම්වතෙක් නම් නොවෙයි.

ඔබට ස්තූති කරන්නත් පිරිසක් ඇති?

ඔව්. මගේ අම්මටයි තාත්තටයි වගේම නැන්දටයි මාමටයි ස්තූති කරනවා. මේ අය නිසා තමයි කලා ලොවේ ගෙඩක් දුර මට එන්නට අවස්ථාව ලැබුණේ. මට උදව් කළ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.