වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 18 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි
රෝයල් ඉබ්බෙක් 23 දා
මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි

කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි

‘පුදුම ලාම්පුව‘, ‘ගුවන් කරනම්‘, ‘රැල්ල‘ සහ ‘රැලිය‘ වැනි වේදිකා නාට්‍ය නිර්මාණය කළ සිසිල් ගුණසේකරගේ කලා දිවියට හතළිස් වසරක් පිරිම නිමිත්තෙන් නිර්මාණය වූ ඔහුගේ නවතම වේදිකා නාට්‍ය වෙස් ගත් බොස් නමින් ජූනි මස 03 වන දා සහ 09 වන දා ටවර් රඟහලේදී වේදිකාගත වීමට නියමිතව තිබුණද රටේ අයහපත් තත්ත්වය නිසා දින නියමයක් නොමැතිව කල්දමා ඇත.

නව නිර්මාණයෙන්ම අපේ කතා බහ අරඹමු?

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් හතළිස් වසරක් පිරෙනවා. ඉතින් මට හිතුණා නැවත මම නිර්මාණයක් කළ යුතුයි කියලා.

මේ අතරතුර ලංකාවේ හිතවතුන්ගෙන් මට ආරාධනා ලැබුණු නිසාම මට හිතුණා මෙහෙ ඇවිත් බලන්න. ආවට පසු තමයි තීරණය කළේ අලුත් නාට්‍යක් කළ යුතුයි කියලා. ඒ අතරම ‘රැල්ල‘ කියන මගේ අතිශය ජනප්‍රිය වු වේදිකා නාට්‍ය ප්‍රතිනිර්මාණයක් වශයෙන් එහි වැඩකටයුතු අරඹන්නටත් මේ දිනවල ලහි ලහියේ සුදානම් වෙමිනුයි ඉන්නේ..

මේවර ඔබේ නිර්මාණයේ විශේෂත්වය කුමක්ද?

මම හරි කැමැතියි ඉතාලි වේදිකා නාට්‍ය වලට. ඒ නිසාම ඉතාලි වේදිකා නාට්‍යයක අනුවර්තනයක් නව අර්ථකථනයකින්

නිෂ්පාදනය කළා ‘වෙස් ගත් බොස් ‘ කියලා. .තම ලොක්කන් දෙන්නා රවටන එක සේවකයෙකුගේ රංගනයක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හාස්‍ය මෙන්ම ගුණාත්ම රංගනයක් පිළිබිඹු කෙරෙන නාට්‍යක් ලෙසයි මෙය ප්‍රෙක්ෂකයා අතරට යාවි. වර්තමානයේ අපි හැමෝම හැමවෙලේම කිසි යම් පීඩනයකින් ඉන්නවා යැයි දැනෙනවා.අන්න ඒ ස්ට්‍රෙස් එක නැති කරලා රිලැක්ස් වෙන්න දෙන විකල්පමක් ලෙසයි මේ නාට්‍ය වේදිකා ගත වෙන්නේ.

‘වෙස් ගත් බොස් ‘ තරමක් අමුතු නමක් නේද?

ඔව්. මම හැන්දෑවරුවක මගේ රාජකාරී වැඩ කටයුතු අහවර කරලා වාරය අයිනෙන් හිමින් හිමින් ඇවිදගෙන යනකොට මේ පදික වේදිකාවල ඉන්නවා වෙස් වලා ගෙන පිළිමය සේ ඉන්න මිනිස්සු. අන්න ඒය දකිද්දි මගේ පුංචි මොළ ගෙඩියට එක වර ආව නමක් තමයි ඔය ‘වෙස් ගත් බොස්‘ කියන්නේ..

මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන කලා කරුවන් ගැනත් අප කතා කළහොත්?

සරත්කුලාංග, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ලාල් සරත් කුමාර, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, සුරංගි කෝසලා, ධනුෂ්ක ජයරත්න, සාලිය කුමාර සහ තක්ෂිලා සෙව්වන්දි යන නළු නිළි කැල මෙයට දායක වනවා.

වෙස් ගත් බොස් ඔබේ කී වන නිර්මාණය ලෙසද වේදිකා ගත වන්නේ?

මගේ පහළොස් වෙනි නිර්මාණය ලෙසයි.

වසර කිහිපයකට පසුයි සිසිල් ගුණසේකර කියන නිර්මාණවේදියා නැවත අවදි වන්නේ?

ඔව්. වසර තුන හතරකට පසුයි. මගේ රැකියාව සහ ඊට තිබෙන ආදරය තමයි ප්‍රධාන හේතුව. මගේ පදිංචිව ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. වැඩ කරන්නේ ඔස්ට්‍රෙලියානූ වරාය අධිකාරියේ. එය රජයේ රැකියාවක් නේ. ඉතින් ඊට අදාළ බොහෝ දෑ මට අධ්‍යයනය කරන්න වුණා. නමුත් මම කලාවත් එක්කත් ජීවත් වුණා. විටෙන් විට 70,80 දශකයට මම මනසින් යන වාර අනන්තයි...

එහිදි කලා කටයුතුවල නියැළීමට ඔබට අවස්ථාක් ලැබුණාද?

ඔව්. එහිදි අපි ‘නෙල්සන් මැන්ඩෙලා ගේ ජීවිත කතාව‘ එතුමාගේ අශිර්වාදයෙන්ම මට නිර්මාණය කරන්නට හැකි වුණා. එහෙදි සිඩ්නි වල ඉන්න රඟපෑම් පසු බිමක් තිබෙන නියම අප්‍රිකානු නවක නළු නිළියෝ සමගයි සිඩ්නි නගරයේ අපි නාට්‍යය පෙන්නුයේ. එය ඉතා සාර්ථක වුණා. ලංකාවෙත් මෙහේ නළු නිළියන් යොදා ගනිමින් නාට්‍ය කිහිපයක්ම ප්‍ර‍දර්ශනය කරන්නට හැකි වුණා.

‘වෙස් ගත් බොස්‘ දැක ගත හැකි වෙන්නේ කොළඹ ප්‍රෙක්ෂකයාට පමණද?

රට පුරාම ප්‍ර‍ර්ශන ලැස්ති කරලා තියෙන්නේ. නමුත් කොළඹ දර්ශන තරමක් වැඩියි. මගෙ අදහස ලංකාව පුරාම දර්ශන 100 පමණ පෙන්වන්න. ඊට පස්සේ මේ නිර්මාණය ඔස්ට්‍රේලියාව, යුරෝපය හා මැද පෙරදිග පදිංචි අපේ ශ්‍රී ලාංකිකයින් අතරට ගෙන යන්නත් සැලසුමක් තිබෙනවා.