දෑස නොපෙනෙන යුවතියකගෙන් උපේක්ෂාට ආදරණිය ඉල්ලීමක්
ආදරණිය උපේක්ෂා
සුපුරුදු ළෙන්ගතුකමින් අදත් සූදානම් කටු කොහොලින් පිරි ඔබේ ජීවන ගමනට ශක්තියක්
වෙන්න. ඇගේ සිතුවිලි මෙලෙස පෙළ ගැසෙන්නේ ඔබේ විඩාබර සිතට සැනසිල්ලක් ගෙන ඒමේ ඒකායන
අරමුණින්.
මම අවුරුදු 27 ක තරුණියක්. දැනට මම පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක්
කරනවා. අපේ පවුලේ එකම දරුවා මම නිසා මා පිළිබඳ මාපියන්ගේ සිත්වල තියෙන බලාපොරොත්තු
අහස උසට තරම්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහුත් මට අවංකවම ආදරෙයි. ඒත් අක්කේ වෙලාවකට
මටහැම දේම එපා වෙලා මහණ වෙන්න හිතෙනවා. නමුත් මගේ පවුල් පසුබිමත් එක්ක මට ඒ වගේ
තීරණයක් ගන්න බෑ.
නිලුෂිකා හර්ෂනී
පෙරේරා
- පැපිලියාන
නංගියෝ මහණ වීම කියන්නේ උතුම් දෙයක්. ඔයා කියන විදිහට ඔයාට මහණවීමේ සිතුවිල්ල ඇති
වෙන්නේ එක මොහොතකදි පමණයි. ඒ නිසා මට හිතෙන විදිහට ඔයා මහණ වුණත් මහණ දම් පුරන්නට
අපහසු වේවි. ඔයාගේ ජීවිතේ සැලසුමක් නැතිව කලබලකාරී වුණාම නම් මේ සිතුවිල්ල ඇති
වෙන්නේ ඔයා ජීවිතය හොඳට සැලසුම් කර ගන්න.
මගේ වයස අවුරුදු 21 යි. මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන සාමාන්‍යවේදී
උපාධියක් හදාරන අතර වාරයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික නර්තන පන්තිවලටත් සහභාගි
වෙනවා. මට නිවේදන හැකියාවකුත් තිබෙන නිසා ඒ සඳහා යොමු වීමට ද කැමතියි. මේ හැම දේටම
මට කාලය වගේම ආර්ථිකයත් ලොකු බාධාවක් වෙලා අක්කේ.
උදයන්ත සිරිසේන
–
රුවන්වැල්ල
මල්ලි ප්‍රමුඛත්වය දිය යුත්තේ නම් ඔයාගේ උපාධියේ අධ්‍යයන කටයුතු සඳහා. ඔයා විශ්ව
විද්‍යාල ශිෂ්‍යයෙක් නිසා ඔයාට පෞද්ගලික පන්තිවලින් ලබා ගන්නවාට වැඩි දැනුමක්
විශ්වවිද්‍යාලය තුළින්ම ලබා ගත හැකි බව තමයි මගේ නම් විශ්වාසය. ඒ නිසා මල්ලිට
පුළුවන් නම් පෞද්ගලික පන්තිවල කාලය පාර්ට් ටයිම් ජොබ් එකක් වෙනුවෙන් කැප කරලා ඔයාගේ
උපාධියේ අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කර ගන්න.
අක්කේ මම ඉගෙන ගන්නේ 10 වසරේ. මම ක්‍රීඩාවට ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒත් අක්කේ මම
අධ්‍යාපනයට නම් එතරම්ම දක්ෂ නෑ. මගේ අයියලා දෙන්නම අධ්‍යාපනයට දක්ෂයි. අපේ පවුලේ අය
වගේම නෑදෑ හිතවතුනුත් අගය කරන්නේ අයියලාව විතරයි. මගේ ක්‍රීඩා හැකියාව ගැන ඒ
කවුරුවත්ම අඩුම තරමේ කතා කරන්නෙවත් නෑ. ගෙදර දී මම තනි වෙලා වගේ මට දැනෙනවා. මට හිත
හදා ගන්න මොනවා හරි කියන්නකෝ අක්කේ.
නිපුන් හංසික
– බඹරවාන
මල්ලි ගැන නම් මට දුකයි. එත් මල්ලි ඔයා අධෛර්යමත් වෙන්න එපා. ගහන ගහන ගලෙන් ගේ
හදන්න මල්ලියේ. ඔයා වෙන අයගේ ජීවිත තුළින් ඔයාගේ ජීවිතය දකින්න උත්සාහ කරන්න එපා.
ඔයා ඔයාගේ ක්‍රීඩා කටයුතු හොඳ දැනුවත් බවක් සහිතව සිදු කරන්න. සමහර විට ඔයාට ඔයාගේ
සහෝදරයන්ටත් වඩා අනාගතයක් තිියෙන්න පුළුවන්.
මම වයස අවුරුදු 26 ක පෙම්වතෙක් අක්කේ. මම, මගේ පෙම්වතියට ඇත්තටම ආදරෙයි. ඒ නිසා ම
මම ඇයට මගේ කලින් ප්‍රේම සබඳතාව ගැන සියලු තොරතුරු කිව්වා. නමුත් දැන් ඇය මාව
නිකරුණේ සැක කරනවා. මම ඇයට අවංකවම ආදරය කරන නිසා මේ සම්බන්ධය නවත්වන්න මගේ කිසිම
අදහසක් නෑ. මට අවශ්‍ය ඇගේ හිතේ තියෙන සැකය නැති කිරීම පමණයි. මට ඒකට උදව් කරන්න
අක්කේ.
විශ්මිත බිම්සර
– කහවත්ත
ඇය ඔබව සැක කරනවා කියන්නේ ඇයට ඔබව විශ්වාසවන්ත නෑ කියන එක. විශ්වාසය නැති තැන අවංක
ශක්තිමත් බැඳීමක් ගොඩ නැගෙන්නේ නෑ මල්ලි. විශ්වාසය තමයි අපේ පරම ඥාතියා. ඒ ඥාතියා
නැතිව අපට කිසිම සාර්ථක සම්බන්ධයක් ගොඩ නගා ගන්න බෑ බිම්සර. මට හිතෙන විදිහට නම්
ඇයව ඔබට ගැළපෙන්නේ නෑ. මම එහෙම කියන්නේ ඔබේ අවංකකම තේරුම් ගන්න ඇය අපොහොසත් නිසා.
ඔය ප්‍රශ්නය විවාහ ජීවිතයට ඇතුළත් වුණාමත් දිගින් දිගටම තිබුණොත් ඔබේ මුළු ජීවිතයම
අසාර්ථක වේවි.
මගේ වයස අවුරුදු 30 යි. මම ස්වයං රැකියාවක් කරගෙන යනවා. මගේ යටතේ පෙර සේවකයන්
පහළොවක් සේවය කළත් දැන් සේවය කරන්නේ දහ දෙනෙක් පමණයි. ඉවත් වුණු සියලුම දෙනා ඉවත්
වුණේ මගේ හදිසි කෝපය නිසා ඇතිවුණු බහින් බස්වීමක ප්‍රතිඵලයක් විදිහටයි. මේ සියල්ලට
හේතුව මගේ හදිසි කෝපය වුණාට මට එය පාලනය කර ගන්න බෑ.
නඳුන් තිලකසිරි
-
පොල්ගස්ඕවිට
නඳුන්, නඳුන්ගේ දුර්වලතා අවබෝධ කරගෙන ඉන්න එක නම් ගොඩාක් හොඳයි. මොකද අද සමාජයේ
ජීවත්වන බොහෝ දෙනෙක් තමන්ගේ දුර්වලකම් හඳුනා ගන්නේ නෑ. සමහරුන් තමන්ගේ දුර්වලකම්
හඳුන ගත්තත් හඳුනා ගත්තේ නැති විදියටයි ඉන්නේ. තරහ යන සිදුවීමක් සිදු වූ තැනින් ඔයා
වහාම එම ස්ථානයෙන් ඉවත්වෙලා වෙන මොන යම් හෝ ඔබට ප්‍රයෝජනවත් කාර්යයක යෙදෙන්න.
මගේ වයස අවුරුදු 17 යි. මම පාසල් යන්නේ බෝඩිමක ඉඳන්. අනේ අක්කේ බොහෝ දවස්වලට මම
හීනෙන් බය වෙලා කෑ ගහනවා. ඒ නිසා බෝඩිමේ මගේ යහළුවන්ටත් මම දැන් කරදරයක් වෙලා
කියලා මට හිතෙනවා. පාසලේදී හීන ගැන නොයෙකුත් දේවල් කියලා යහලුවෝ හිනා වෙනවා. අනේ
අක්කේ මම දැන් මොකද කරන්නේ?
අයෝමි පි‍්‍රයදර්ශනී
– ඇතුගල
හිත ශක්තිමත් නැති අයට තමයි නංගියේ භයානක සිහින පේන්නේ. ඔයාගේ හිතේ මොකක් හරි
ගැටලුවක් තියෙනවා නම් එය ඉක්මනට විසඳ ගන්න. ඒ වගේම ඔයා නින්දට යන්න කලින් ඔයාගේ ආගම
අදහන්න.
අක්කේ මම ලෝකය දකින්න තරම් වාසනාවක් නැති තරුණියක්. මම මේ ලිපිය ලියන්නෙත් මගේ
මිතුරියක් ලවා. අක්කේ මට මහා පාළුවක් දැනෙනවා. අම්මා තාත්තා නැති දවසක මගේ අනාගතය
ගැන හිතන කොටත් මට හරිම බයයි අක්කේ. මට අයියා කෙනෙක් ඉන්නවා. මම කවදා හෝ දවසක
එයාටත් බරක් වේවි කියලා හිතෙනවා. කාටවත් බරක් නැතිව මගේ අනාගතය හදා ගන්න විදිහක්
කියන්නෙකො උපකේෂා අක්කේ.
ඔයාගේ ඇස් නොපෙනෙන නිසා ඔයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපහසු ඇති. නමුත් ඔයාට
සාමාන්‍ය අය වගේ ජීවිතය ගත කරන්න බැරිකමක් නෑ.
ඔයා ඔය විදිහට හිතුවාට නංගෝ ඔයාගේ පවුලේ අය ඔයාට ගොඩාක් ආදරේ ඇති. ඔයා කොයිම
මොහොතකවත් අසරණයි කියලා හිතන්න එපා නංගී. ඔයාට තනියම දෙයක් කරන්න නොහැකි වුණාට ඔයාට
ඔයාගේ අයියාට හෝ දෙම්පියන්ට යම්කිසි කටයුත්තකට ශක්තියක් වෙන්න පුළුවන්. ඔයා ඔයාට
කරන්න පුළුවන් දේ කරන්න.
ඔබේ කතාවත්
‘ආදරණීය උපේක්ෂා,
සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10’
ලිපිනයට ලියා එවන්න.
සැකසුම – ප්‍රසාද් සමරතුංග
නිශංකා උඩුගම්පල
|