ඇන්ඩෲ ජයමාන්න රට හැර යයි
ජීවිතේ සැඳෑ සමය සෞභාග්‍යයෙන් ගෙවීමට අරමුණුු කොට ගත්තන් බහුලය. එය හුදෙක්ම ආත්මය
සනසා ගැනීමකි. නමුත් තමන්ගේ වෘත්තීය ආත්මය කොට ගන්නන් සැබවින්ම විරලය. ඒ ආත්මය
දූෂ්‍ය වන තැන ඔවුනට සැනසීමක් නැත. ජීවිතේ සැඳෑ සමය ගෙවන තැන කරන්නට දෙයක් ද නොමැත.
ඔවුනට කළ හැක්කේ හෘද සාක්ෂිය සමඟ තනිකඩ වන්නටය.
කොළඹ කාක්කන් වසුරු හෙලන කාෂ්ඨක සන්ධ්‍යාවකදී මම ඔහුව දැන හඳුනා ගත්තෙමි. ඒ නවලෝක
රෝහල පෙනෙන මානයකිනි. නවලෝක රෝහල ගැන කීමට වෙනම කතාවක් ඇත. ඒ ගැන මම පසුවට ලියමි.
‘පුතා මට මේ දෙවල් කියන්න කෙනෙක් නැතුවයි හිටියේ. මේවා කවුරුවත් අහන් ඉන්න දේවලුත්
නෙවෙයි.’ කලාවේ යුග පුරුෂයකු වූ ඇන්ඩෲ ජයමාන්න මා වෙත කටහඬ අවදි කලේ එසේය.
1962 දී ඇන්ඩෲ ජයමාන්න විජය චිත්‍රාගාරයට ආවේ එම චිත්‍රාගාරයේ පොඩිම වැඩේ කරන්නටය.
එහෙත් අද ඔහු ක්ෂේත්‍රයේ ඉන්නා තැන හතර මායිම සෙවීම මුග්ධ වැඩකි.
‘මම වෘත්තියට ආවේ 1962 දී. මම පටන් ගත්තේ විජය චිත්‍රගාරයෙන්. ප්‍රොජෙක්ටර් ඔපරේටර්
ඉඳලා කාර්මික ක්ෂේත්‍රයේ හැම අස්සක් මුල්ලක්ම පුරුදු වුණේ එහෙදි. මගේ ගම
පෙරියමුල්ලේ මීගමුවේ. එඩී ජයමාන්න රුක්මණී දේවිල වගේ කලාකරුවෝ ඔක්කොම හිටියේ
මීගමුවේ. ඒ හින්දා අපිට කලාව අමුතු වුණේ නැහැ. අපේ තාත්තත් කලාවට බොහොම ලැදි
කෙනෙක්.’ ඔහුගේ ආරම්භය ගැන ඔහු එසේ කීවේය.
‘ඔයා ගන්න රිළව් නැටුමක්. අපි ගත්තොත් රිළවා නළු නිළියෝ හැටියටත්, රිළවා නටවන්නා
අධ්‍යක්ෂවරයා හැටියටත්. රිළවගේ දම්වැල තමයි කාර්මික ශිල්පීන් කියන්නේ. රිළවා බැරි
වෙලාවත් දම්වැල කඩාගෙන ගිහින් තනියම නටන්න ගත්තොත් මිනිස්සු රිළවට ගහනවා. අද ඕකයි
වෙලා තියෙන්නේ. කලාවට තිබුණේ ඔය විදියේ දම්වැලක්. අද ඒක කැඩිලා’ ඔහු ශෝකී ස්වරයෙන්
කීවේය.
‘ඉස්සර චිත්‍රපටයක නළුවා, නිළිය, කැමරාව, කෝණය වගේ සියලුම දේවල් තීරණය කළේ කාර්මික
පාර්ශවයේ අය. අද මොනවද මේ අය කරන්නේ? කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ ලෙන්ස් එකේ
කෙලවරවල් දෙකවත් සමහරු අඳුරන්නේ නැහැ.’
ඇන්ඩෲ ජයමාන්න වඩාත් ප්‍රකටව සිටියේ සිනමා කැමරා ශිල්පියෙකු ලෙසටයි. අප අතරින් වියෝ
වූ ටයිටස් තොටවත්තයන්ගේ සමීපතම කැමරා සගයා වුූයේ ද ඇන්ඩෲ ජයමාන්නය. හාර ලක්ෂය,
හඳයා, මරුවා සමඟ වාසේ. මංගලා, සුද්දිලාගේ කතාව, සෙයිලම, විසිදැල, සිරි මැදුර,
ජුලියට්ගේ භූමිකාව ආදී සිනමා පට රාශියකම කැමරා අධ්‍යක්ෂවරයා ඔහුය. ඔහු නැවතත් හඬ
අවදි කළේය.
‘ඉස්සර ගාමිණී ෆොන්සේකත් එක්ක වැඩ කරද්දි හරි විශේෂයි. ගාමිණී කාර්මික ක්ෂේත්‍රයට
බොහෝ ඇලුම් කරපු කෙනෙක්. ටෙක්නිෂයන්ලා කන බොන වෙලාවට ගාමිණිත් එකතු වෙනවා.
ටෙක්නිෂයින්ලා කන්නෙ බොන්නෙ මොනවද, කන දේවල් හොඳද නැද්ද කියලත් ගාමිණී හොයනවා.
කාර්මික ශිල්පීන් එච්චරටම වැදගත් පිරිසක් වෙලා හිටියා. ඒත් අද මොකද වෙන්නේ. නළු
නිලියෝ ටෙක්නිෂියන්ලව හොයනවා බඩු මුට්ටු උස්සගෙන යන්න’ ඔහුගේ හඬ කළකිරීමක් සමඟ
මිශ්‍ර වී ඇති බව මට පෙනන්නට තිබුණි.
ඔහු සිනමා කැමරාවට යොමු වී සිටින්නෙක් නොවීය. ඒ ශිල්පිය දීමට ඔහු 80 දශකයේ සිටම
ඉදිරිපත් වූයෙකි. රූපවාහිනි සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනියේද එමෙන්ම ඕ. සී.
අයි. සී., රූපවාහිනි අභ්‍යාස ආයතනයේ ද ඔහු කාර්මික පස ගැන ඉගැන් වූයේය.
‘මම කවදාවත් උගන්වන්න සල්ලි බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි. සමහරුන්ට මම
ඉගැන්නුවේ අතින් වියදම් කරගෙන තේ දීලා. නමුත් 80 මුල එක්තරා ආයතනයක් මගේ
ඉගැන්වීම්වලට තරයේ විරුද්ධ වුණා. ඔවුන් කිව්වා අපිට ඉන්න එවුන්ව එළියට දාගන්න බැරුව
ඉන්නවා. තමුසේ මෙතන මිනිස්සු හද හද අපට එවනවා කියලා. නමුත් මම කියන්න කැමැතියි
මගෙන් ඉගෙන ගත්ත අය අද ඉතාම ස්ථාවරයි.’
රූපවාහිනි ක්ෂේත්‍රයේ කාර්මික පස ගැන පමණක් නොව වාර්තා වැඩසටහන්වලට අදාල මාධ්‍ය
කලාව ගැන ද ඔහුට ඇත්තේ පෘථුල දැනුමකි. මුල්ම වරට ඔහු 1969 දී ‘ස්විස් ටී. වී’
ආයතනයට 16 එම් එම් දළ සේයා පටලයෙන් වාර්තා වැඩසටහනක් සැකසූයේ ශ්‍රී ලංකාව
රූපවාහිනියක් ගැන සිතා නොතිබූ වකවානුවකය. එසේම බී. බී. සී ආයතනයට ද ඔහු වාර්තා
වැඩසටහන්වලින් දායක වී ඇත. එමෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකය, යුද, ගුවන්, නාවික
ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ඒකක බිහි කිරීමට මෙන්ම පුහුණු කිරීම භාර වූයේ ඇන්ඩෲ
ජයමාන්නයන් හටයි. ජයමාන්නයන් තුළ එක් විශේෂත්වයක් ඉස්මතු විය. නිර්මාණ
ක්ෂේත්‍රයෙන්, රංගන ක්ෂේත්‍රයෙන් හා කාර්මික ක්ෂේත්‍රයෙන් යන ක්ෂේත්‍ර
ත්‍රිත්වයෙන්ම ස්ථාවර ගෝලයන් පිරිසක් බිහි කළ පුද්ගලයකු ලෙසය. එවන් පුද්ගලයෙක් තවත්
කලා ලෝකයේ ඇත්දැයි සැක සහිතය. ප්‍රසන්න විතානගේ, බෙනට් රත්නායක මෙන්ම නීටා
ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න එවන් ස්වල්ප උදාහරණ පමණයි.
‘නීටව ඉස්සෙල්ලම ටයි මහත්තයා ළඟට ගෙනාවේ මම. ඒ මංගලා චිත්‍රපටයට. නීටව එහෙම ගේනවට
සමහරු මුලින් කැමති වුණේ නැහැ. නමුත් ටයි මහත්තයා මං ගැන විශ්වාසය තිබ්බා. ෂොට්
කිහිපයකින් පස්සේ ටයි මහත්තයා මට කිව්වා ‘කොහෙද බං මේච්චර කල් මේ ගෑනි හිටියේ
කියලා. නීටා චිත්‍රපටය පුරාම සාර්ථක වුණා’ නීටා ප්‍රනාන්දු ගැන ජයමාන්නයන්ගේ මතකය
එසේය.
‘කුසුම් රේණුත් ඉස්සෙල්ලාම ප්‍රධාන චරිතයක් කළේ මගේ චිත්‍රපටයක. ඒ ‘චල අචල’
චිත්‍රපටයේ. කුසුම් එහෙම එන කොට ගෙඩාක් අය කුසුම්ට විරුද්ධ වුණා. ඒ වගේම චාන්දනී
සෙනෙවිරත්න. එයා ‘සති පූජා’ එකේ පළමුවැනි ෂොට් එක ඉවර කළාම මම කිව්වා මේකට ඔයාට
සම්මානයක් ලැබෙයි කියලා. කිව්ව විදිහටම සම්මානය ලැබුණා.’
කාර්මික ශිල්පීන් බිහි කිරීමේ ප්‍රවීණයන් බව ඔහු කී කතාවම ඔහු මට ඔප්පු කර
පෙන්නුවේය. එමෙන්ම මොවුනගේ ස්ථාවරත්වය දැක පියකුට ඇතිවන සංතුෂ්ටියක් හා සමාන
සංතුෂ්ටියක් ජයමාන්නයන් හට දැනෙනු ඇත.
‘ලංකාවට මුලින්ම ඩී. වී. කැමරාවක් ගෙනාවේ මම. ඒ දහ අතේ ණය වෙලා. තව පොඩ්ඩෙන් ඒක
සින්න වෙනවා. ඒ අද භාවිත කරන කැමරාව මුල් යුගයේ ඔහු ගෙනා හැටිය. ‘කැමරාවේ මෝස්තරය
කාලෙන් කාලයට වෙනස් වෙයි. නමුත් තියරිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.’ ඒ වෙනස් වන
කැමරාව ගැන ඔහුගේ මතයයි.
‘එම්. මස්තාන් මහත්තයාත් එක්ක මම බොහොම කිටටුවෙන් වැඩ කළා. අපි ඒ දවස්වල
සිනමාහල්වලට ගොඩ වෙවී සෑහෙන්න අවිද්දා. ඒ වෙන මොකටවත් නෙවෙයි. හෝල් එකට එන ඕඩියන්ස්
එක කොහොමද චිත්‍රපටය විඳින්නේ කියලා බලන්න. සමහර වෙලාවට අපි සාර්ථකයි කියලා හිතෙන
තැන්වලට ප්‍රේක්ෂකයෝ අප්‍රසාදය පළ කරනවා. අපි නොහිතන තැන්වලට ප්‍රෙක්ෂකයෝ ප්‍රතිචාර
දක්වනවා. ඒ දවස්වල අපි හැම තැබෑරුමකටම ගොඩ වෙනවා. කොළඹ එහෙම ගොඩ වෙලා අඩියක් දාන
ගමන් අපි අහන් ඉන්නවා මිනිස්සු මොනවද කතා කරන්නේ කියල. ඔවුන් වැඩි හරියක් චිත්‍රපට
ගැන කතා කරනවා. ඒ වගේ එක රැයකදී බාර් කීපයකින් අඩිය අඩිය දාලා අපි මිනිස්සුන්ව
අධ්‍යනය කළා. ඒත් අද කියන්න දුකයි. නිර්මාණකාරයෝ කීයෙන් කී දෙනා ද ප්‍රේක්ෂකයන්ව
කියවන්න උත්සාහ කරන්නේ. අද නිර්මාණකාරයෝ තමන්ගේ නිර්මාණයත් බලන්නේ නැහැ.
ඔහුට ප්‍රේක්ෂක වින්‍යාසය පිළිබඳ තිබෙන දැනුම පුදුමයක් නොවේ. මන්ද එකල අතිශය
ජනප්‍රිය වූ කෝපි කඩේ නාට්‍ය මාලාව ඔහුගේම සංකල්පයක් මත අධ්‍යක්ෂණය පටන් ගැනුණකි.
* ඔබ පෞද්ගලිකව ලබා ගත්ත ජයග්‍රහණ අපිත් එක්ක බෙදා ගමුද? ඒ මගෙන් පැනයකි.
ලංකාවේ තැනුණා ර්භඵඪජ ට්චපඤඥද කියල චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය තමයි මුලින්ම ලංකාවේ
ඩිජිටල් මාධ්‍යයේ චිත්‍රපටයක් දළ සේයා පටවලට පරිවර්තනය කළේ. එකේ කැමරා අධ්‍යක්ෂක
මං. ඒ හින්ද මං චිත්‍රපටය ගැන ආඩම්බරයි. ඒ වගේම මම චිත්‍රපටයක් කළා ‘සිගරට් කොට’
කියලා. ඒක කෙටි චිතපටයක්. ඒක ඇමරිකාවෙන් තෝරා ගත්තා කිසියම් උළෙලකට. මොකද ඔවුන් ඒකේ
ආලෝකකරණයට පැහැදී හිටියා.’
‘තව මට සම්මාන එහෙම ලැබුණා. මම ඒකේ බරම සම්මානය තියා ගත්තේ මගේ ගෙදර දොර හුළඟට
වැහෙන එක වලක්වගන්න. ඔහු පැවසූයේ සිනාසෙමිනි. ‘හැබැයි මට ජීවිතයේ ලැබිච්ච ලොකුම
සම්මානය දුන්නේ ජයන්ත ධර්මදාස මහත්තයා. ‘මා හට නවලෝකය ගැන හෙළි කරන්නට කාලය පැමිණ
ඇත.
‘මට දවසක් දරුණු හදවත් අමාරුවක් හැදුනා. ඉතිං මාව ගෙනත් තිබුණේ නවලෝක රෝහලට. මගේ
පපුවත් කපලා දොස්තරවරු කිව්වා සැත්කම හදිස්සියි, හාර ලක්ෂ හැත්තෑ දාහක් හොයා ගෙන
එන්න කියලා.
ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ මගේ ගෝලයෙක් වෙච්ච දීප්ති විජේතුංගයි. මගේ පුතාගේ අතේ තිබිල
තියෙන්නෙත් රුපියල් 70 යි. මගේ බැංකු පොතේ සන්තකේට තිබුණේ රුපියල් දහ දාහයි. ඉතිං
කොහොමද හාර ලක්ෂ හැත්තෑ දාහක් හොයන්නේ. ඔය මොහොතේ තමයි දීප්ති, ජයන්ත ධර්මදාස
මහත්තයාට කතා කළේ. එතුමාගේ පෞද්ගලික ගිණුමෙන් මුදල් ගන්න කියලා සැත්කම කරන්න කියලා
එතුමා ඉස්පිරිතාලෙට දැන්නුවා’ ජයන්ත ධර්මදාස මහතා ගැන ඔහු කෘතවේදී වූයේ එසේය.
‘මම කලාව වෙනුවෙන් අන්තිම වතාවටත් යමක් කරන්න උත්සාහ කළා. ඒ මීගමුවේ පාසල් ළමුන්
200 ක් තෝර ගෙන පුවත්පත් කලාව, ඡායාරූප කලාව ආදී දේ උගන්වන්න. මම මගේ සැලැස්ම
ඉදිරිපත් කළාම මට ලැබුණේ කුණුහරුප සංග්‍රහයක් විතරයි. ඔවුන් කිව්වේ ඔය සැලැස්ම
ගිහින් ඇමැති බන්දුල ගුණවර්ධනට දෙන්න කියලා. බන්දුල මහත්තයා කොහොමත් මගේ
ප්‍රඩියුසර්. ඔය වගේ පොඩි දෙයක් කරන්න මට බන්දුල ළඟට යන්න උවමනා නැහැ. ඒ මගේ අන්තිම
උත්සාහය. මං මීට පස්සේ කලාවේ ඉන්නේ නැහැ.’
කලාකරුවා කොහොමත් සංවේදීය. කලාවේ අංශ පිරිහීම තුළ ජයමාන්නයන් කලාවෙන් විසි වී
හමාරය. ඇන්ඩෲ ජයමාන්න චිත්‍රපට සංස්ථාව තුළ වැඩිම අංශ ගණනක් සඳහා ලියා පදිංචිය ලත්
කලාකරුවෙක් බව ප්‍රත්‍යක්ෂ වන්නකි.
ඒ කැමරා අධ්‍යක්ෂණය, අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, සංගීත අධ්‍යක්ෂණය
ආදී නේක විධ කටයුතු කෙරෙහිය.
එනිසාම හෙතෙම දුර්ලභ පුද්ගලයෙකි. ඔහු සෑම වැඩක් අවසානයේදීම බලාපොරොත්තු වූයේ එක්
දෙයකි. ඒ මීගමුවට යාම සඳහා බසයේ අසුනක් පමණි.
විශේෂ ස්තුතිය – දීප්ති විජේතුංග
ෂෙනාල් ජයසේකර
|