මේ අවමානය නන්දා මාලිනියට පමණක්ම නොවේ
විශාරද නන්දා මාලිනිය මෙතුවක් කල් අපේ කලා ලොවේ පුවත් මවන්නියක නොවූවාය. ඒ ඇය මනා
ශික්ෂණයකින් හා අභිමානයකින් යුතුව සිය නිර්මාණ කාර්යයේ නියැළි ගෞරවනීය කලාකාරිනියක
වූ බැවිනි.
එහෙත් කිසිවකුත් නොසිතූ අයුරින් ඇය ද පසුගිය දා මාධ්‍ය ලෝකයේ පුවත් මවන්නියක බවට
පත් වූවාය. කුවේට් ගුවන් තොටුපළේදී නන්දා මාලිනිය ඇතුළු පිරිසට සිදු වූ අකරතැබ්බය
පිළිබඳ දැන් නොදන්නා කෙනෙකු නැත. ඒ මෙම අවාසනාවන්ත සිදුවීම බොහෝ මුද්‍රිත හා
විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වීම නිසාවෙනි.
මේ වන විට මෙය පිළුණු වූ පුවතක් යැයි යමෙකුට සිතෙන්නට බැරි නැත. එක් අතෙකින් එය
සාධාරණ සිතිවිල්ලකි. නමුදු නන්දා මාලිනිය පිළිබඳ කතාබහ කරන්නට එකී සිදුවීම පිළිබඳ
යම් මතවාදයක් ප්‍රකාශ කිරීමට ‘සරසවිය’ ට ශුද්ධ වූ අයිතියක් ඇත. ඒ නන්දා මාලිනිය
‘සරසවිය’ ගේ ආශිර්වාදය දෝත දරා හෙළ ගී කෙතේ මුදුන් ඉමට නැඟි අපේම, අපේ කලා
ශිල්පිනියක වන බැවිනි.
1964 වසරේ පැවැති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස කිරුළු පැළඳියේ
ඇයයි. ඒ ‘රන්මුතුදූව’ චිත්‍රපටයට නාරද දිසාසේකරයන් සමඟ ගැයූ ‘ගලන ගඟකි ජීවිතේ’
ගීතයටය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචිත එම ගීතයේ තනු හා සංගීත නිර්මාණය විශාරද
අමරදේවයන්ගෙනි. එම චිත්‍රපටයම ඈ, අමරදේවයන් සමගින් ‘පාරමිතා බල පූරිත, පූජිත’ ගීතය
ද ගැයුවාය. එකී සම්මානයත් සමගින් නන්දා මාලිනියට ගී ලොවේ දිගු වන්දනාවක යෙදෙන්නට
ඇවැසි ධෛර්්‍යය, ශක්තිය හා වාසනා මහිමය ද උදා වූයේ හෙළ සුභාවිත ගීයෙහි නව
පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.
අද ඇගේ රන් ස්වරය, ජාතියේ යශෝ රාවය වී අපට පෙර මඟ ලකුණු කියා දේ. පෑරුණු සිත්
සුවපත් කරමින්, ඔද්දල් වූ සමාජයට දයාවේ පිණි දියර ඉසිමින් ඈ අප කැඳවා යන්නේ පහන්
කඳු මුදුනක් වෙතය.
එලෙස අපට ජීවිතය කියා දුන් ඇය, නිර්දෝෂී යැයි කියන්නට සිත් පිත් නැති කුවෙට් ගුවන්
තොටුපළේ එදා කිසිවකු සිටියේ නැත. පුරා හෝරා තුනකට ආසන්න කාලයක් කුවේට් රහස්
පොලීසියේ තාඩන පීඩනවලට ලක් වූ නන්දා ඇතුළු පිරිස මුදා හැරුණේ සදාචාරයත්,
මනුෂ්‍යත්වයත්, නීතියත් බරපතළ අභියෝගයකට ලක් කරමිනි.
‘ඔබයි රම්‍ය සඳ කිරණ’ ප්‍රසංගය පසුගිය 02 වැනිදා කුවේට් රාජ්‍යයේ ජබිරියා නගරයේ
පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. එම ප්‍රසංගය ඒ රටේ සංවිධානය කර තිබුණේ සුමිත් රංජන්
සහෘදයා. සිසිර අමරබන්දු ලංකාවේ සම්බන්ධීකාරක හැටියට කටයුතු කළා. මේ ප්‍රසංගය
පැවැත්වීමේ සුවිශේෂී අරමුණුු කිහිපයක් තිබුණා. උතුරු - නැගෙනහිර දිළිඳු
විහාරස්ථානවලට පහසුකම් සැපයීම, සාමනේර භික්ෂූන් වහන්සේලාට ශිෂ්‍යත්ව ලබා දීම සහ
දැනට කුවේට් රාජ්‍යයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මවුබිමට ගෙන ඒමට අවශ්‍ය
මුදල් සම්පාදනය කර ගැනීම තමයි ඒ අරමුණුු වුණේ. එහෙම සද්කාර්යයකට දායක වෙන්න ගිය අපට
සිද්ධ වුණේ හීනෙකින්වත් නොසිතූ දෙයක්.
ඈ එම අවාසනාවන්ත හෝරා කිහිපය යළිත් සිහිපත් කරයි.
කුවේට් ගුවන් තොටුපළේදී එදා ඇති වුණ සිද්ධිය හරිම ඛේදනීයයි. ඒ වගේම වේදනාකාරියි.
ජීවිතේ පළමු වැනි වතාවට තමයි ඒ වගේ සිද්ධියකට මුහුණ දුන්නේ. අපි මත් ද්‍රව්‍ය ගේනවා
කියලා කුවේට් සී. අයි. ඩී එකට කවුරු හරි දුන්න බොරු ඔත්තුවක් නිසා තමයි මේ කරදරවලට
අපට මුහුණ දෙන්න වුණේ. ඔවුන් මුලින්ම නිහාල් කලුබෝවිලගේ තබ්ලාව පැලුවා. බටනලා
විස්සක් විතර අපේ ළඟ තිබුණා. ඔවුන් ඒ සියල්ලම පොළවේ ගසා බැලුවා. පරණ බටනලාවකින්
පොඩි කුඩු වගයක් වැටුණා. ඒ කුඩු ගිනි තියලා ඔවුන් ඒවා ඇත්තම මත් ද්‍රව්‍යය ද කියලා
පරීක්ෂා කළා. ඊට පස්සේ මහේන්ද්‍ර පැස්කුවෙල්ගේ ගිටාර් එක ගලවන්ක හැදුවා. මහේන්ද්‍ර
එය බේරා ගන්න හිතාගෙන අරාබි ගීතයක් වාදනය කර පෙන්නුවා. ඒත් වැඩක් වුණේ නෑ. ගිටාර්
එක මැෂින් එකකට දාලා පරීක්ෂා කළා.
එයින් නොනැවතුණ ඔවුහු නන්දා මාලිනියගේ ඇඳුම් බෑගය ද විවර කර එහි තිබුණ දෑ
අවුස්සමින් කටයුතු කර ඇත්තේ දැඩි ආවේගශීලී බවකිනි.
මම ප්‍රසංගයට අඳීන සාරියත්, තවත් සාරියකුත් විතරයි ඒ ගමන් බෑගයේ තිබුණේ. මොකද
ප්‍රසංගය පවත්වලා පහුවදාම ලංකාවට එන්න නියමිතව තිබුණ නිසා. වෙනදාට නම් මම හිතවතුන්ට
තෑගි දෙන්න සංයුක්ත තැටි, රස කැවිලි, කජු, තල ආදිය ගෙනි යනවා. ඒත් මේ පාර ඒ මොනවත්
ගෙනිච්චේ නෑ. මම අඩුම තරමින් මගේ බෑග් එකට ඉබ්බෙක්වත් දැම්මේ නෑ. සී. අයි. ඩී එකෙන්
බෑග්ස් චෙක් කරද්දී මට බයකුත් දැනුණා. දෙවියනේ කවුරු හරි මගේ බෑග් එකට ඇත්තටම
මත්ද්‍රව්‍ය හෝ වෙනයම් දෙයක් දාලා තිබුණා නම් . . .? මේ සිද්ධියෙන් ලොකු පාඩමකුත්
ඉගෙන ගත්තා.
මෙවැනි දීන, පහත් ක්‍රියාවක් කරන්නට ඇත්තේ කවුද?
අප හමුවේ තිබෙන ලොකුම ප්‍රශ්නය එයයි. මේ පිළිබඳ නොයෙක් මතවාද අදහස් පළ වුවත් මේ වන
තුරුත් මේ ‘මහ බොරුව’ ගොතන්නට ඇත්තේ කවුරුන්දැයි නිශ්චිතව දැනගන්නට ලැබී නැත.
අප සංචාරය සඳහා විදෙස් රටවල යන අය නෙවේ. ලෝකයේ බොහෝ රටවල මා ගිහින් තිබෙනවා. එතෙර
වෙසෙන ශ්‍රීී ලාංකික කලා රසිකයන් වෙනුවෙන් ප්‍රසංග ඉදිරිපත් කරන්නයි එවැනි සංචාරවල
මා නියැළෙන්නේ. අප ජනතාව සමඟ ඉන්න කොට ජීවිතයේ යම් යම් ජයග්‍රහන ලබන කොට
ඒවා විඳ දරා ගන්න බැරි පිරිසකුත් ඇති. පිටරටවල ප්‍රසංග සංවිධානය කරන අය අතරෙත් යම්,
යම් මතභේද, ගැටුම් තිබෙන බව අපට දැනගන්න ලැබුණා. මේක ඒ අයගේ කඩකප්පල්කාරී වැඩක් ද
දන්නෙත් නැහැ. කොහොම වුණත් කුණු වෙලා, ගඳ ගහන සමාජයක අප අත්විඳින කටුක ජීවන
යථාර්ථයේ එක් පැතිකඩක් තමයි මේ.
කවුරුන් විසින් කුමන පටු පරමාර්ථයක් සපුරා ගැනීම උදෙසා මෙවැනි අමන ක්‍රියාවක්
කළාදැයි අප නොදනිමු. එහෙත් කිසියම් ශ්‍රී ලාංකිකයකු මුල් වී මෙම නිහීන ක්‍රියාව
සිදු කළා නම් හෝ එයට අබැටක තරම්වත් සහායක් දැක්වූවා නම් එය නන්දා මාලිනියට නොව මුළු
මහත් ශ්‍රී ලංකාවටම කළ අවමානයකි. අගෞරවයකි. එය එසේ වන්නේ ඈ අපේ ජාතියේ මහා ගායිකාව
වන බැවිනි.
මේ සිද්ධිය ගැන දැන් නන්දා අක්කා මොකද හිතන්නේ?
ඒ සිද්ධිය එතනින් ඉවරයි. මම දැන් ඒ ගැන හිතන්නේ නැහැ. පහුවදා අපි ‘ඔබයි රම්‍ය සඳ
කිරණ’ ප්‍රසංගය සාර්ථකව ඉදිරිපත් කළා.
එම සිද්ධියත් පැමිණ සිටි පිරිසට විස්තර කරමින් තමයි මම ප්‍රසංගයේ ගී ගැයුවේ. ගීත
විසි පහක් ගායනා කළා. සුරේෂ්් මාලියැද්දේ ඇතුළු වාදක වෘන්දයත් ඒ දුක් ගැහැට අමතක කර
දමා ප්‍රසංගය ඉතාමත් හොඳින් සංගීතවත් කළා.
විශේෂයෙන්ම කියන්න ඕනෑ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා සමඟ දීර්ඝ වෙලාවක්
දුරකතනයෙන් කතා කළා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී මේ ගැන සොයා බලනවා කියා
එතුමා පොරොන්දු වුණා.
රජයේ වෙනත් වගකිව යුතු කිසිවකු මා සමඟ මේ ගැන කතා කළේ නෑ. නමුත් ජනාධිපතිතුමා මේ
ගැන සංවේදී වුණා. ඒ ගැන මා සතුටට පත් වෙනවා. කොහොම වුණත් මේ සිද්ධිය නිසා මගේ
ජීවිතය කඩා වැටෙන්නේ නැහැ. මම තවත් ශක්තිමත්ව නැගී සිටිනවා. කාටවත් වෛර කරන්නේ නෑ.
ඒ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්නට මා පුරුදු පුහුණු වී සිටින නිසයි.
‘මගේ දේශය, මගේ ආගම, මගේ ජාතිය
මට ලබා දුන් ත්‍යාගයයි . . .
චණ්ඩ මාරුතයේ හෝ නොසෙල්වෙන
චින්තනය නිවහල් . . .’
ගී ලොවේ සුදු වත හැඳි කත මින් පෙරදාක අපට කියා දුන්නේ ඇගේ මේ ජීවන දහමේ යථාර්ථයම
නොවන්නේද?
අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
|