තරු ගුණය හා රංග මහිමයේ සංකලනය
සබීතා පෙරේරා
සබිතා පෙරේරා මව්පිය උරුමයෙන් සිනමාවට අවතීර්ණ වුවත් ඇය ජනප්‍රිය නිළියක වූයේත්
දක්ෂ චරිතාංග නිළියක වූයේත් ස්වකීය ප්‍රතිභා මහිමය හේතුවෙන් යැයි කිව හැකිය.
‘ටොම් පචයා’ සබීතා රඟපෑ මුල්ම චිත්‍රපටය වුවත් ඇය ළමා වියේ සිටම චිත්‍රපටවල පෙනී
සිට ඇත. ‘හතර කෙන්දරේ’, ‘ඉවසන දනා’ ඇය කුඩා වියේ එක් වූ චිත්‍රපට දෙකකි. මෙයින්
‘ඉවසන දනා’ චිත්‍රපයේ කුඩා සබීතාගේ රංගනය එවක සිටි ප්‍රකට සිනමා විචාරක ජයවිලාල්
විලේගොඩගේ පවා ප්‍රශංසාව දිනූවක් විය. ඔහු කියා ඇත්තේ මෙම චිත්‍රපටයේ එකම සාර්ථක
රඟපෑම ගෙන ආවේ සබීතා බවයි. පහත එන්නේ ජයවිලාල්ගේ එම ප්‍රකාශයයි.
‘මා හිතන විදියට චිත්‍රපටයේ ආ එකම සාර්ථක රඟපෑම ගෙනාවේ රෝයිගේ සහෝදරයාගේ දුව හැටියට
රඟපාන දැරියයි. සැබෑ ජීවිතයේදී තම පියා වන නළුවකු මාමා හැටියට සලකා ඔහු සමඟ ඇය රඟපෑ
තැන්වල සෑහෙන තාත්වික ගතියක් මෙන්ම තරමක හුරතල් ගතියක් ද විය’ (දිනමිණ 1967
සැප්තැම්බර් 27 පිටුව 6).
1962 දී වෙන්නප්පුවේ උපන් සබීතාගේ සම්පූර්ණ නම වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ සබීතා
ජානකී පෙරේරාය.
ජනප්‍රිය නළු නිළි යුවළක වූ ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධන ඇගේ
මව්පියෝ වූහ. මූලික අධ්‍යාපනය ලද්දේ වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සහ
කොළඹ විශාඛා විද්‍යාලයේය.
සබීතා ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘සබීතා’ චිත්‍රපටයේය. එම චිත්‍රපටයට යොදන
ලද්දේ ඇගේම නම වීම කිසියම් විශේෂත්වයකි.
මෙම චිත්‍රපටයත් සමඟම සබීතාට එක දිගට
චිත්‍රපට ගලා ආවේය. ඒ සියල්ල වාණිජ මට්ටමේ චිත්‍රපට විය. (උදා: ‘කිරි සුවඳ’,
‘පාරමිතා’, ‘නැවත හමු වෙමු’, ‘මොනරතැන්න’ වැනි).
ඇය වාණිජ සිනමාව තුළ මොන තරම්
ජනප්‍රිය වී ද කිවහොත් මාලිනී ෆොන්සේකාගෙන් පසු ජනප්‍රිය නිළිය කිරුළ හිමි කර ගත්තී
ඇයයි. ජනප්‍රිය නවක නිළිය ලෙස තෙවසරක් (1981 – 1982 – 1983) ‘සරසවිය’ සම්මාන දිනූ
සබීතා 1986 දී ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය.
විජය – මාලිනී යුගයෙන් පසු සිංහල සිනමාව තුළ තවත් එවන් යුගයක් බිහි වූයේ නම් ඒ සනත්
- සබීතා යුගයයි. ‘නැවත හමුවෙමු’, ‘දෙවැනි ගමන’, ‘විරාගය’, ‘සිසිල ගිනි ගනී’,
‘ආත්මා’, ‘සුජාතා’ ඊට උදාහරණය.
වාණිජ චිත්‍රපටවල වුණත් සබීතා රඟපෑවේ කිසියම් කැප
කිරීමකින් යුක්තව බව කිව යුතුය. විශේෂයෙන් නර්තන ජවනිකාවල සාර්ථකත්වයක් අත්පත් කර
ගනුවස් ඇය පද්මිණී දහනායක වෙතින් භරත නැටුම් හැදෑරූවාය. ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ
දී සබීතාගේ නැටුම් දුටු මහා නළු ගාමිණී ෆොන්සේකා කියා සිටියේ ‘අද තමයි මම නිළියක්
හරියට නටනවා දැක්කේ’ කියාය.
සබීතා රඟපෑ ඇතැම් වාණිජ චිත්‍රපට බොක්ස් ඔෆීසියේ ඉහළම සාර්ථකත්වය දිනුවේය. ‘මමයි
රජා,’ නොම්මර 17 එවැනි චිත්‍රපටය. ඒවායෙහි ඇය රඟපෑවේ සුපිරි නළු විජය
කුමාරතුංගයන්ගේ පෙම්වතිය වශයෙන් වීම ද කැපී පෙනෙන්නකි.
වාණිජ චිත්‍රපටවල සාර්ථකත්වයත් සමඟම සබීතාට පකිස්තාන් චිත්‍රපටවල ද ශ්‍රී ලංකා
පකිස්තාන් හවුල් නිපයුම්වල ද රඟපෑමට අවස්ථාව ලැබිණි. ‘සදාකල් රැඳේවා’ (කභි අල්විදා
නා කෙහෙනා) ඇය රඟපෑ පළමු ශ්‍රී ලංකා - පාකිස්තාන් හවුල් නිපයුම විය.
ඉනික්බිතිව
‘දෝංකාරය’, ‘අයිය නගෝ’, ‘සෙබළියෝ’, ‘ඔක්කොම කපටියෝ’, ‘චණ්ඩි කෙල්ලෝ’ වැනි ශ්‍රී
ලංකා - පකිස්තාන් හවුල් නිෂ්පාදනවල ද ඇය රඟපෑවාය.
ඒ හැරුණු කොට ‘නදියා’ ‘සමින් ඕර්
ආස්මාන්’, ‘සබ්කේ බාප්’, ‘බොබී’, ‘මෂ් බූ’, ‘ආග් හී ආග්’, ‘රූබී’ වැනි පකිස්තාන්
චිත්‍රපටවල ද ඇය රඟපෑවාය. එපමණක් නොවේ, ඒ රඟපෑම් උදෙසා ඇය ජනප්‍රිය නිළිය හා හොඳම
නිළිය සඳහා වන සම්මාන ද දිනා ගත්තීය.
‘බොබී’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා ඇය
පකිස්ථානයේදී ජනප්‍රිය නිළිය සම්මානය දිනා ගත් අතර ‘නදියා’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා
හොඳම නිළියට පිරිනැමෙන අල් ශකාර් සම්මානය දිනා ගත්තාය.
වරක් ‘ඒෂියා වීක්’ සඟරාවේ
පිට කවරය සැරසුණේ සබීතාගේ විචිත්‍රවත් රුවිනි. මහා නළු ගාමිණී ෆොන්සේකා එක්
අවස්ථාවකදී කියා සිටියේ ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකේය සිනමා නිළියක වෙත් නම් ඒ
සබීතා බවය.
එතෙක් වාණිජ සිනමාවට පමණක් කොටු වී සිටි සබීතා චරිතාංග නිළියක ලෙස පළමුවරට කුසලතා
ප්‍රකට කළේ ‘දෙවැනි ගමන’ චිත්‍රපටයෙනි. එහි ඇගේ රංගනය විචාරක ප්‍රශංසාව දිනුවේය.
1985 වසරේ පැවති සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය පවා ලැබුණේ මෙහි
රඟපෑම් සඳහා සබීතාටය. ඉනික්බිතිව ‘විරාගය’ හා ‘සිසිල ගිනි ගනී’ වැනි සිනමාපටවලින්
ඇය තම රංග ප්‍රතිභාව තවදුරටත් විශද කර දැක් වූවාය.
‘විරාගය’ මුලින් සිනමාවට නැගීමට සැලසුම් කර සිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.
‘හස්ති වියරුව’ චිත්‍රපටයේ සබීතා පෙනී සිටි නිශ්චල ඡායාරූපයක් දුටු ආචාර්ය ලෙස්ටර්
‘විරාගයේ’ බතීගේ චරිතයට සබීතාව තෝරා ගෙන තිබුණේය. එහෙත් ‘විරාගය’ ආචාර්ය ලෙස්ටර්
අතින් සිනමාවට නැඟුණේ නැත.
පසුව ආචාර්ය තිස්ස අබේසේකර ‘විරාගය’ නිර්මාණය කරද්දී එහි බතීගේ චරිතයට සබීතා තෝරා
ගැනිණි. මෙහි සබීතාගේ රංගනය දෙවැනි වූවා නම් දෙවැනි වූයේ අරවින්දගේ චරිතය රඟපෑ සනත්
ගුණතිලකට පමණකි.
සරෝජිනිගේ චරිතය රඟපෑ ශ්‍රියානි අමරසේනගේ රංගනය මෙහිදී අවප්‍රමාණය
කළ නොහැකි වුව ද වයස අනුව ගත් විට ඇය එම චරිතයට සුදුසු නොවූ බව මගේ පෞද්ගලික
පිළිගැනීම වන්නේය. ‘විරාගයේ’ රංගනය සඳහා සබීතාට සම්මානයක් නොලැබීම කනගාටුවට කරුණකි.
ඒ වසරේදී ඇය සම්මානයට පාත්‍ර වූයේ ‘පොඩි විජේ’ චිත්‍රපටයේ ඇය කළ රඟපෑම උදෙසා වීම
උත්ප්‍රාසයට තුඩු දෙන්නකි.
ආචාර්ය තිස්ස අබේසේකර වරක් සබීතා පිළිබඳ අගනා හැඳින්වීමක් කළේය. ඒ නම්, ආකර්ශනීය
තරු ගුණයත් රංගන කුසලතාවයත් රුක්මණී දේවිගෙන් සහ මාලිනී ෆොන්සේකාගෙන් පසු තමා
දුටුවේ සබිතාගෙන් බවය. (සරසි - 1990 අගෝස්තු 22).
සබීතා එතෙක් මෙතෙක් කළ හොඳම චරිතාංග නිරූපණය ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපයේ ඇනට් යැයි
මම සිතමි. එහි ඇගේ රංගනනය සාජි එන් කරූන් වැනි ඉන්දීය සිනමාකරුවකුගේ පවා නොමඳ
ප්‍රශංසාව ලැබුවේය. සාජි ඇගේ රංගනය අළලා මෙසේ කියා තිබේ.
‘සබීතා පෙරේරා ඉහළම කුසලතා ඇති නිළියක් ලෙස හැඳින්වීමට කැමැතියි. හැරිස්ගේ බිරිඳට
දුරකථන ඇමතුම දෙන අවස්ථාව ඇගේ රංගනයේ උච්ච අවස්ථාවක් සේ මා දකිනවා. තමා විවාහ කර
ගන්නැයි හැරිස්ට බල කර සිටින මොහොතේ ක්ෂණිකව ඇය තම මුහුණට ආරූඨ කර ගන්නා හැඟීම් දහර
ඇගේ චරිතාංග නිරූපණ ප්‍රතිභාවේ හරස්කඩක් ් වැනිය.’ (සරසවිය 1992 මාර්තු 19).
‘සිසිලේ’ සබීතාගේ රංගනය ර්‍ණඛ්ධ්ඛ් හා ස්වර්ණ සංඛ යන සිනමා සම්මාන උත්සවයන්හි
සම්මානයට පාත්‍ර වුවත් ‘සරසවිය’ සම්මාන උළෙලේදී එය නොසලකා හැර තිබීම ඇයට කළ
ඓතිහාසික අසාධාරණයක් බව මගේ පෞද්ගලික කල්පනාව වන්නේය.
සබීතා ‘ඇගේ නම රතී’ වැනි වේදිකා නාට්‍යවලද ‘රන් කහවනු’, ‘පිටගංකාරයෝ’, ‘ඇසළ කළුවර’,
‘අකාල සන්ධ්‍යා’ වැනි ටෙලි නාට්‍යවල ද රඟපෑවාය. එයින් ‘පිටගංකාරයෝ’ ටෙලි
වෘත්තාන්තයේ මිසි නෝනා ලෙස ඇය කළ රංගනය සුවිශේෂ යැයි මම සිතමි.
2000 දී සබීතා විවාහ වූවාය. ඒ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ සමඟය. විවාහයෙන් පසු
ඇය කෙටි කලක් සිනමාවෙන් සමුගෙන සිටියාය. මේ මගේ සඳයි’ වැනි චිත්‍රපටයක පවා රඟපෑමේ
ඇරියුම ඇයට ලැබුණත් ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් ‘අබා’ චිත්‍රපටයත්
සමඟම ඇය යළිත් රංගනයට අවතීර්ණ වූවාය.
සුනිල් මිහිඳුකුල
|