පහත රට නැටුම කාගේද?
පහත රට යනු කවර කලාපයක් ද? උඩරට යනු කවර සීමාවදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු
සෙවීමට කන්ද උඩරට රාජධානි සමයට යා යුතු විය. ලන්දේසීන් තමන්ට යටත් කර ගැනීමට නොහැකි
වූ කන්ද උඩරට රාජධානියට ‘උන ඛ්ධභදබපර’ යැයි කියූ තැන සිට ‘උඩරට’ කියා වෙන ම කලාපයක්
අපේ ඉතිහාසයට එක් වූ අයුරු අප මීට පෙර ලිපිවල ලියා ඇත. ඊට සමාන්තරව පහත රට ඉපදුනේ ද
එපරිද්දෙන්මය.
පහත රට යනු නිශ්චිත භූගෝලීය කලාපයක් නොව ලන්දේසීන් යටත් කොට ගෙන සිටි දේශපාලන
කලාපයයි. එහෙයින් ලන්දේසීන්ගේ ‘Up Country’ හෙවත් පහත රට ත්‍රිකුණාමලය,, මඩකලපුව
සහ මන්නාරම පවා අයත්ව තිබුණේය.
එහෙත් අප නාට්‍ය හා රංග කලාවට හදාරන ‘පහත රට නැටුම්’ සඳහා මඩකලපුවේ නටන
තෙරික්කුත්තු හෝ මන්නාරමේ ඉස්ලාම් නැටුම් හෝ අයත් වන්නේ නැත. පහත රට නැටුම ව්‍යාප්ත
වූ භූගෝලීය කලාපය වන්නේ නිරිතදිග තෙත් කලාපය මධ්‍යයේ සිට රෝහණයේ සීමාව දක්වා වූ
ප්‍රදේශයයි.
උඩරට නැටුමේ හෙවත් කොහොඹා යක් කංකාරියටත් උත්පත්ති කතාව පඬුවස්දෙව් රජ්ජුරුවන් කරා
ම ගමන් කළ ද පහතරට නැටුමේ කිසිදු උත්පත්ති කතාවක අපේ මහා වංශයේ රාජ ධූරාවලිය හසු
නොවෙයි.
පහතරට උත්පත්ති කථා අතර ඇති කෝලම් උත්පත්ති කතාවේ රජකු ගැන සඳහන් වෙයි. ඒ මහසම්මත
රජ්ජුරුවන්ය. මහසම්මත රජුගේ බිසවට වැළඳුණු සුව කළ නොහැකි දොළදුක සුව කිරීම පිණිස
සක් රජුගෙන් ද වරම් ගෙන කෝලම් නාටකය බිහි වූ බව එහි දැක්වෙයි.
කවුද මේ මහ සම්මත රජු?
අපේ රටේ සම්මත වංශ කථා කිසිවකවත් රාජාවලියේ මහ සම්මත කියා රජකු ගැන සඳහන් වී නැත.
එහෙත් අරීසෙන් අහුබුදු සූරීන් යළි සකස් කොට ඉදිරිපත් කළ ‘ඉරහඳ නැඟි රට’ නම්
ජනශ්‍රැති විද්‍යාත්මක ඉතිහාස ග්‍රන්ථයේ මහසම්මත නම දැක්වෙයි. අහුබුදුවන් විශ්වාස
කරන ජනසම්මතවාදී රාජ ධූරාවලියේ ආරම්භක රජු වන්නේ ‘මහ සම්මත මනු’ රජ්ජුරුවන්ය
අහුබුදුවන් දක්වා ඇති පරිදි මහ සම්මත මනු රජ්ජුරුවන් ජීවත්ව ඇත්තේ පෙර කලි යුග
23106 – 23052 හෙවත් පෙර බුදු වස් 27657 – 27603 හෙවත් පෙර සක වස් 28278 – 28224
හෙවත් පෙර කිතුªවස් 28200 – 28146 අතර වසර 54 ක් තුළය.
අහුබුදුවන්ගේ පර්යේෂණයන්ට කෝලම් උපතේ මහ සම්මත රජු විෂය වී ඇත්දැයි අපි නොදනිමු.
කෙසේ වෙතත් මහ සම්මත රජ පරපුරක් කෙරෙහි ජනශ්‍රැතියේ තබා ඇති විශ්වාසයන්ගෙන්
අහුබුදුවන් පෝෂණය ලබා ඇති බැව් අපට සැකයෙන් තොරවම සඳහන් කළ හැකිය.
එයින් අපට ගම්‍යමාන වන සාධකය නම් ‘කෝලම් උපත’ විශ්වාස කරන පරිදි ලංකාවේ කෝලම් කලාවට
ඉතා ඈත ඉතිහාසයක් ඇති බවයි. ඕනෑම සජීවී ගෝත්‍රික සමාජයකම මුහුණු බැඳ හෝ මුහුණු පාට
කොට නැටීම පොදු සම්ප්‍රදායකි. ලංකාව ගෝත්‍රික සමාජයක්ව පැවති අවධියේ පටන් මේ රටේ
මූණු බැඳ නැටීම පවතින්නට ඇතැයි අපට සැක කළ හැකිය.
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විශ්වාස කරන පරිදි අපේ රටේ ප්‍රාසංගික කලාවන් හි
ප්‍රකටතම ඓතිහාසික චරිතද්වය වන්නේ සඳ කිඳුරා සහ සඳ කිඳුරියයි. ඉපැරැණි ලංකා සමාජයේ
පැවතියා යැයි සිතිය හැකි බොහෝ ප්‍රාථමික ප්‍රසංග කලාවන් අතරින් දියුණු තලයකට පත්ව
තිබුණේ ‘කිඳුරු නැටුම’ විය යුතු යැයි මාර්ටින් වික්‍රමසිංහයෝ ‘සිංහල නාටකය හා
සඳකිඳුරුව’ නම් නිබන්ධනයේ දක්වා ඇත්තාහ.
ලංකාවේ ඓතිහාසික සමාජයේ ’රජ කුල අදර ලත්’ රාජකීය නර්තන සම්ප්‍රදාය වෙස් නැටුමේ
අතීතය යැයි අපි ගිය සතියේදී පැහැදිලි කෙරුවෙමු. එසේ නම් ඊට සමාන්තරව ගම්මාන
ආශ්‍රිතව පවතින්නට ඇත්තේ අප අද පහත රට සහ සබරගමු ලෙස හඳුනා ගන්නා නැටුම්
සම්ප්‍රදායේ මූලයන් විය යුතු යැයි මම විශ්වාස කරමි.
වෙස් නැටුම හෙවත් රාජකීය නර්තන සම්ප්‍රදාය කන්ද උඩරට රාජධානි සමයේ පරිපාකය ලබන්නට
ඇත. මහනුවර යුගයේ ලංකාව පාලනය කළ මළබාර් හෙවත් කේරළ රජවරුන් විසින් දකුණු ඉන්දීය
රාජ සභා නර්තනවල තිබූ බොහෝ ගුණාංග අපේ රාජසභා ප්‍රසංග කලාවන්ට එක් කරන්නට ඇත.
දෙවියන්ට ලෙසින් රජුන්ට ද වන්දනාමාන සැලසිය යුතු යැයි සිතූ භාරතීය මති මතාන්තර අපේ
සම්ප්‍රදායට එකතු කරනු ලැබුවේ ඔවුන් විසිනි. මේ දේවාශ්‍රිත රාජ වන්දනාව හේතු කොට
ගෙන කන්ද උඩරට නර්තන සම්ප්‍රදාය දියුණු වන්නට පටන් ගත්තේය.
එහෙත් ගැමි කලා සම්ප්‍රදායයන් රාජ්‍ය අනුග්‍රහය නොලබා චූල සම්ප්‍රදායානුගතවම
ක්‍රමයෙන් දියුණු වන්ට ඇත. අප අද පහත රට සහ සබරගමු වශයෙන් හඳුනා ගන්නේ එලෙස
දියුණුවට පත් සමස්ත රටට ම බල පෑ ජනකලා සම්ප්‍රදායයන්ය. එහෙත් අපට ඒවා වර්තමාන ඇසින්
හමු වන්නේ ඒ ඒ ප්‍රදේශගත සමාජ සන්සිද්ධීන් වශයෙනි. විශේෂයෙන්ම පෘතුගීසි, ලන්දේසි
යුගවල දේශපාලනික හේතු මුල් කරගෙන ‘කන්ද උඩරටත්’, ‘පහත රටත්’ දේශ සීමා සහිතව ම වෙන්
කරන්නට යෙදුනි. එහිදී රජරට කන්ද උඩරටට අයත්ව තිබුණ විවිධ ස්වභාවික ව්‍යසනයන් හේතු
කොට ගෙන පිරිහී ගියේය. සෙංකඩගල රාජධානියට ආශ්‍රයෙන් පිහිටි තදාසන්න කඳුරට ප්‍රදේශ
පමණක් මලබාර් බලපෑමෙන් පෝෂණය ලද්දේය. මේ දෙ අයුරටම හසු නොවූ නිරිතදිග සහ දකුණු ලෙස
පැවති ලන්දේසි, ඉංග්‍රීසි කලාපවල කලා ශිල්ප රාජ්‍ය අනුග්‍රහ නොලබා ස්වාධීනව වර්ධනය
වන්නට විය.
පහත රට සහ සබරගමු නැටුමේ ඇති නිදහස් ප්‍රාසංගික බව උඩරට නැටුමේ ඇති ශාස්ත්‍රිය
සීමාවලින් වට වී නැත. එහෙයින් උඩරට නැටුම් සම්ප්‍රදාය රාජකීය සහ ශාස්ත්‍රීය සීමාවක
වර්ධනය වූ අතර පහත රට සහ සබරගමු ප්‍රසංග කලාවන් වඩාත් මානවවාදී සිවිල් නිදහසක්
සහිතව වැඩී ආයේය.
ලංකාවේ උඩරට, පහත රට සහ සබරගමු යන සමස්ත සම්ප්‍රදායයන් සියල්ලේ ම දක්නට ඇති වර්ණ
දේහ දෙස බැලුව කල ද මේ වෙනස හඳුනා ගත හැකිය. උඩරට රාජකීය නර්තනයන් භාවිත කරන්නේ
සුදු, රතු සහ රිදී පැහැය පමණි. ඒ රාජකීය සහ ආගමානුකූල වර්ණ සීමාවයි. එහෙත් ජන
ශෛලියේ සෙසු පහත රට සහ සබරගමු සම්ප්‍රදායයන්හි ඉතා ජ්වලිත වර්ණ සප්තකයම දැකිය
හැකිය.
සිවිල් මානව සමාජයේ ඇති නන් ආකාර වූ භාව සංකල්පනා නිදහස් ජන ශෛලියට එක් වී ඇත.
භරතමුණිගේ රස විශ්ලේෂනයන්ට අනුව ගත්ත ද පහත රට නැටුම සකල භාවයන් ම නිරූපණය කරයි.
එහෙයින් එන්න,
පහත රට නැටුමේ
භාව විඳගන්නට
මේ හොඳම උස් බිමයි
ජැක්සන් ඇන්තනී
|