හාස්‍යය සහ ප්‍රහසනය
හාස්‍යය සහ ප්‍රහසනය යනු එකම ක්ෂේත්‍රයක විවිධතා දෙකක් බව අපි පෙර විග්‍රහවලදී
පැහැදිලි කර ගතිමු. එහෙත් අපේ වර්තමාන ප්‍රායෝගික රංග කලාවේදී මේ දෙඅයුර එකම කාසියේ
දෙපැත්තක් ලෙස තේරුම් ගෙන ඇත්දැයි විමසා බැලිය යුතුය.
රංග මූල සිද්ධාන්ත ඇසුරේ මේ දෙඅයුර මැනැවින් විග්‍රහ වී ඇතත් වර්තමාන ප්‍රායෝගික
රංග කලාව එය පැහැදිලි කර ගෙන නැතැයි යනු මගේ පිළිගැනීමයි. හාස්‍යය කියන වචනය අප
හඳුනා ගන්නේ සංස්කෘත රස සිද්ධාන්ත හරහාය.
එය නව නළු රස පැහැදිලි කිරීමේ දෙවන රස භාවයයි. සංස්කෘත නාට්‍ය ගණයේ ද
‘හාස්‍යෝත්පාදක නාට්‍ය’ කියා වෙනම නාට්‍ය ප්‍රවර්ගයක් පැවතුණි. ඊට අමතරව සංස්කෘත
නාට්‍යවල චරිත විග්‍රහයේ ද හාස්‍යය නළුවකු සිටී. සංස්කෘත නාට්‍යවලදී මේ නළුවා
හඳුන්වන්නේ ‘විදූෂක’ කියාය. විදූෂක යනු ධීර ලලිත කතානායකයාට
තම ප්‍රයත්නය ජය ගැනීමට උදව් කරන ප්‍රසන්න සහායකයාය. ඔහු මුඛරිය, කඩිසරය,
ප්‍රියජනකය. මේ චරිත නිරූපණය තුළ ඇත්තේ රංග ප්‍රසන්නතාවයි.
භාරතීය නාට්‍ය ඉතිහාසය තුළ හොඳින් විග්‍රහ වී තිබූ විදූෂක චරිත වර්ගය වර්තමාන
ඉන්දීය සිනමා වට්ටෝරුවට ද හොඳින් ඇතුළත් වී තිබේ. නූතන ඉන්දීය සිනමාකරුවා තම
වට්ටෝරුව හෙවත් සන්දර්භ රටාව තනා ගනිද්දී පූර්ණ වශයෙන්ම විෂය කොට ගෙන ඇත්තේ ආදී
කාලීන භාරතීය සංස්කෘත නාට්‍ය සන්දර්භයමයි.
‘අද ෂාරුක් ඛාන්ලා, ඓශ්වර්යයා රායිලා නටන්නේ එදා රාධා ක්‍රිෂ්ණලා නටපු ගස් වටේමය’
යැයි මම මේ ලිපි පෙළේම සඳහන් කර ඇත.
ඉන්දීය සිනමාකරුවා තම සිනමා සැලැස්ම හෙවත් වට්ටෝරුව සකස් කර ගත්තේ මූලික වශයෙන්ම
ඉන්දීය ජන චින්තනයට සරිලන ලෙසය. ජර්මනියේ ලුමියෙර් සහෝදරයන් සොයා ගත් සිනමා තාක්ෂණය
ඇමරිකාවේ ග්‍රිෆිත්ලා, සර්ජි අයින්ස්ටයින්ලා කලා මාධ්‍යක් බවට පත් කළ ද හොලිවුඩ්
සිනමා ආකෘතිය තැනෙනා තුරු එයට ලෝක ප්‍රසිද්ධියක් නොලැබුණි. ඇමරිකාව විසින් හොලිවුඩ්
සිනමා වට්ටෝරුව ලෝක සම්මත එකම සිනමා සම්ප්‍රදාය යැයි විශ්වාස කළ ද ඉන්දීය
සිනමාකරුවා එය පිළි නොගත්තේය.
ඊට හේතු වූයේ ඉන්දීය ජන මානසිකත්වය ඇමරිකානු රසඥතාවට වඩා වෙනස් බව ඉන්දීය
සිනමාකරුවා තේරුම් ගැනීමයි.
එහෙයින් ඔහු හොලිවුඩ් සම්ප්‍රදායට වාල් නොවී ජනකාන්ත බොලිවුඩ් වට්ටෝරුව සොයා
ගත්තේය. අද බොලිවුඩ් සම්ප්‍රදාය ලෝකය ඉදිරිපිට ලබා ඇති ආකර්ෂණය හේතු කොට ගෙන
හොලිවුඩය ද ඊට දෙවැනි වී තිබේ.
බොලිවුඩ් සිනමා වට්ටෝරුවේ ඇති ‘කොල්ලගෙ යාළුවා’ හෙවත් ‘කොමික්කාරයා’ වනාහි සංස්කෘත
නාට්‍යවල හමු වූ විදූෂක චරිතයමයි. බොලිවුඩ් කොමික්කාරයා ද ධීර ලලිත කථානායකයාගේ
ප්‍රයත්නය ජය ගැනීමට උදව් හෙවත් ‘හැලුප්’ කරයි.
1880 දී ගාලු වරායට ගොඩ බට බලිවාලා ප්‍රමුඛ එල්ෆිනිස්ටන් පාර්සි නාට්‍ය කණ්ඩායම
කොටුව පුෂ්ප ශාලාවේ නෘත්‍ය පෙන් වූ දා සිටම ලංකාවද සෘජු ලෙසම සංස්කෘත නාට්‍ය
ආකෘතියට අනුව තම නූර්තිය සකස් කර ගත්තාය. ලංකාවේ නූර්තිය ‘දියුණු’ වූවේ ටීටර් නම්
සමාජ නාටකය දක්වායි. ටීටර් මඩුවේ දියුණුතම අවස්ථාව මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම
දිනාගෙන තිබූ නිසා එස්. එම්. නායගම් මහතා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාට මෙරට පළමු
චිත්‍රපටය සඳහා ඉන්දියාවට යාමට ආරාධනා කළේය.
පාර්සි නාට්‍යකරුවන්ගේ නෘත්‍යයට සෘජු ලෙසම සංස්කෘත නාට්‍යය බලපා තිබුණි. එහෙයින්
නෘත්‍ය නාට්‍ය පිටපත්වල විදූෂක ගණයේ චරිත සුලභව තිබුණි. එහෙයින් ඒ නෘත්‍ය අසුරු
කොටගෙන සී. දොන් බස්තියන්ලා, නීතිඥ ජෝන් ද සිල්වාලා, චාල්ස් ඩයස්ලා සිංහල නූර්තිය
ගොඩ නැගු ඒ පිටපත්වල ද විදූෂක චරිත තිබුණි. එහෙත් නූර්ති ආකෘතිය පසුකාලීනව ‘වෙසක්
නාට්‍යය’ දක්වා පිරිහෙද්දී එහි සිටි විදූෂක නම් හාස්‍යය චරිතය ක්‍රමයෙන් පිරිහී
ගියේය. ගමේ කෝලම් නාඩගම්වල සිටි බමන්නා, හෙංචා වැනි ප්‍රහසන චරිත ලක්ෂණ වෙසක්
නාට්‍ය හා ටීටර්වලට එකතු විය.
එහෙයින් මිනර්වා නාටකවලට කෙළින්ම විදූෂක නම් හාස්‍යය නළුවා සම්බන්ධ නොවුණි. කඩවුණු
පොරොන්දුවේ හමුවන මනප්පුවා වනාහි එවැනි ප්‍රහසන චරිතයක් විනා විදූෂක ගණයේ හාස්‍යය
චරිතයක් නොවේ. ලංකාවේ කඩවුණු පොරොන්දුව ජනප්‍රියවීමට බලපෑවේ බී. ඒ. ඩබ්ලිව්.
ජයමාන්න සහ රුක්මණී දේවියගේ භාවතිෂය රංගනයන් පමණක් නොවේ. එඩී ජයමාන්නගේ හුරුබුහුටි
රංග ප්‍රසන්නතාවයේ ප්‍රහසන රංග කලාව ද ඒ චිත්‍රපට රැල්ල වේගවත් කිරීමට බලපෑවේය.
ලංකාවේ එඩී ජයමාන්න ලත් ජනප්‍රියත්වයට දකුණු ඉන්දියාවෙන් උදාහරණයක් ගතහොත් ඒ
නාගේෂ්ය. මේ දෙදෙනාගේම රංග කලාවේ සිද්ධාන්තය වනාහි හාස්‍යය නොව ප්‍රහසනයයි.
ප්‍රහසන නළුවා හමු වන්නේ ආසියාතික රංග කලාවේ පමණක් නොවේ. බටහිර රංග කලාවේ හමුවන
ඛ්තධඹද (ක්ලවුන්) චරිත ලක්ෂණ වනාහි ප්‍රහසන හෙවත් සැටායර් චරිත ලක්ෂණයන්ය. සර්කස්
කණ්ඩායමේ සිටින ජෝකරයා ද ක්ලවුන් ලක්ෂණ සහිත ප්‍රහසන නළුවෙකි. ලංකාවේ එඩී
ජයමාන්නගෙන් ආරම්භ වී වර්තමානයේ වර්ණ දක්වන බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ නමැති
රංග ප්‍රසන්නතාවේ ප්‍රහසන නළුවන් ද අයත් වන්නේ සැටායර් රංග භාවිතයේ වර්තමාන සිනමා
නළුවන් ගණයටය. ආදි සිංහල සිනමාවේ සිටි පිටිපන සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ්, බි. ඇස්.
පෙරේරා සහ ෆ්‍රෙඩී සිල්වා පවා අයත් වන්නේ මේ ගණයටමය.
එහෙත් කඩවුණු පොරොන්දුවේ මනප්පුවාගේ ‘ක්ලවුන්’ බඳු ප්‍රහසන රංග රටාව සිංහල සිනමාවේ
හාස්‍යය ලේබලයක් බවට පත් විය. Comedy සහ
Joke යන රංග රටා දෙකෙන් Joke හෙවත්
ප්‍රහසන රංග රීතිය සිංහල සිනමාවේ මුල් බැස ගත්තේය. යළිත් මේ
Joke එකෙන් මිදී
Comedy රංග රීතියේ විදූෂකලා සිංහල සිනමාවට අවතීර්ණ වූයේ ඇල්. ඇම්. පෙරේරා බඳු දක්ෂ
නළුවන්ගෙනි.
මේ සිනමා හාස්‍යය රංග රීතියේ උපරිමය වාර්තා වන්නේ ජෝ අබේවික්‍රම නම් පතාක නළුවාගේ
රංග භාවිතය සමඟයි.
ඊට අමතරව ඩී. ආර්. නානායක්කාර, ඇන්තනී සී. පෙරේරා බඳු දක්ෂ නළුවන් ද මේ
දෙඅයුරෙන් Comedy හෙවත් හාස්‍යය ගණයට අයත් වන රංග කාර්යයක නියැලුණේය.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තුළ Comedy රංග කලාවට අලුත් අරුතක් ගෙන ආවේ නිහාල්
සිල්වාගෙන් බව සටහන් කිරීම ඔහු වෙනුවෙන් යොදන අධි තක්සේරුවක් නොවේ. ඔහු මැවූ ‘සාජන්
නල්ලතම්බි’ චරිතය අපේ ජන සංස්කෘතිය තුළ මුල් බැස ගත්තේ ජෝකරයකු ලෙස නොවේ.
වර්තමාන ලංකාවේ නිරූපණ කලාව තුළ ප්‍රේක්ෂක ප්‍රහර්ශය වෙනුවෙන් වෙන් වී ඇති රංග
කාර්යයන්හි බොහෝ විට දැකිය හැක්කේ ප්‍රහසන හෙවත් සැටායර් ලක්ෂණ ඇති Joke ගණයේ
රංගනයන්ය. නමුත් සූර වේදිකා නළුවකු වන විජය නන්දසිරිගේ සමහර නිරූපණ තුළ දුර්ලභ
හාස්‍යය ලක්ෂණ දැකිය හැකි වීම සතුටට කරුණකි.
එහෙත් ජෝ අබේවික්‍රමයන්ගේ අසහාය සහ දුර්ලභ හාස්‍යය රංග කලාව අල්ලා ගත් ඊළඟ
පරම්පරාවක් වර්තමානය තුළ පැහැදිලිව දැකිය නොහැකිවීම කණගාටුවට කාරණාවකි. සැමුවෙල්,
ඇනස්ලි සහ බර්ටි යන විනෝද සමයේ දක්ෂයන් අතරින් ඇනස්ලි ඩයස් යනු ද ස්වභාවික හාස්‍යය
රීතියේ හොඳ උදාහරණයකි.
කොමඩි සහ ජෝක් යන දෙකින්ම කෙරෙන්නේ ප්‍රේ්ක්ෂකයන් සිනහා ගැන්වීමය. මේ දෙඅයුරින්
ජෝක් එක අස්වාභාවික ඉංගිතවලින් යුතුªවන අතර කොමඩිය පූර්ණ ලෙස ස්වභාවික චරණයේ රංග
භාවිතයකි.
එහෙයින් එන්න,
හාස්‍යයේ සහ උත්ප්‍රාසයේ වෙනස
හඳුනා ගන්නට
මේ හොඳම කාලයයි.
ජැක්සන් ඇන්තනී
|