සඳනි පුංචි දවස්වල පෙර භවය හෙළිකළා
සඳනි සුලක්ඛනාගේ අම්මා රේණුකා සේපාලි
චූටි සිඟිත්තිය අප්පච්චිගේයි, අම්මාගේයි උණුසුම විඳිමින් හැදී වැඩුණේ හරියට පුංචි
කුරුලු පැටියෙක් වගේ.
සති අන්තයේ මේ හුරතලීව මුහුදු වෙරළට එක්ක ගෙන යන්නේ දඟකාර දෝණිගේ සයුරේ රළ සේ නැෙඟන
හසරැළිවලින් මාපිය නෙත් එකලු වන නිසාමයි.
අතීතයේ එක් දිනක පුංචි දෝණි අප්පච්චිත් එක්ක ටවුමට ගියේ ඉදිරි අසුනේ වාඩි වෙලා කාර්
එකේ රවුමක් යන්න තිබුණු ආසාව නිසාමයි. හදිසියේ අප්පච්චිගේ ජංගම දුරකථනයට ලැබුණු
ඇමතුම දෝණිගේ ඉරණම වෙනස් කරන බව කිසිවෙකුත් දැන සිටියේ නැත. අප්පච්චිගේ මුහුණේ තිබූ
සිනහව මැකී යන දුටු පුංචි දෝණිගේ පැනයට අප්පච්චිගේ පිළිතුර වුණේ ‘අම්මාට සනීප නෑ.
අපි ඉක්මනට යමු දෝණි’ කියූ වෛද්‍යවරයකු වූ අප්පච්චි වාහනයේ වේගය වැඩි කළේ දෙවරක්
නොසිතාය. ගත වූ ඇසිල්ලේ දෝණි මෙලොව හැරදා ගියේ හදිසි රිය අනතුර නිසාමයි.
සඳනි සුලක්ඛනාගේ පුංචි දවස්වල දැනගන්නට කතා බහක යෙදුණු අවස්ථාවේ ඇයගේ මව වන රේණුකා
සේපාලි මහත්මිය තමයි අපිට ඒ කතාව කිව්වේ. මේ සිදුවීම වෙලා තියෙන්නේ සඳනිට අවුරුදු
හතරේදී විතර. හැබැයි ඒ මේ භවයේදී නම් නෙවෙයි. ගිය භවයේදී. වයස අවුරුදු දෙකක් යනතුරු
නිහඬව සිටි සඳනිගේ පුංචි දවස්වල ගැන ඔබට කියන්න යළිත් රේණුකා මහත්මිය හඬ අවදි කළා.
දුව අවුරුදු දෙකක් යනකන්ම කතා කළේ නෑ. ඒ කාලේ අපි ගොඩාක් භාරහාර වුණා. කොහොම හරි
දුව පළවෙනි වචන දෙක තුන කතා කළේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරියේදී. දූ මුලින්ම
කිව්වේ ‘අම්මා’, ‘තාත්තා’ කියලා තමයි. ඊට පස්සේ වුණ පුදුම වැඩේ කියන්නේ දුව
ඉංග්‍රීසියෙන් තමයි වැඩිපුරම කතා කරන්න ගත්තේ. අපේ ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නෙත්
නෑ. ඊට පස්සේ දුව නොයෙකුත් කතා කියන්න පටන් ගත්තා. එතකොට තමයි අපිට තේරුණේ ඒ හැමදේම
සුදූ ගේ ගිය භවයට සම්බන්ධයි කියලා.
සුදූ පුංචි කාලේ මිනිස්සුන්ට හරි බයයි. ඒ වගේම වැරැදිලාවත් සෙල්ලමකටවත් පුටුවක් උඩ
තියා, බංකුවක් උඩවත් නඟින්නේ නෑ. එච්චරට බයයි. සුදු පුංචි කාලේ දඟ නෑ. හැබැයි හරිම
හුරතල්. ගොඩාක් අය පුංචි කාලේ එයාට හරිම ආදරෙයි. ආදරේ තරම කොච්චර ද කියනවා නම් මම
දවසක් දුවත් එක්ක ඒ බස් එකක ගියා. ඒ ගියෙත් තාත්තා ගෙදර නැති වෙලාවක දූට බෙහෙත්
ගේන්නමයි.
අපිට එහා පැත්තේ වාඩි වෙලා හිටපු මහත්තයා සුදූ එක්ක කතා කළා. ඒ මහත්තයාගේ
හිතේ ඒ පොඩි වෙලාවට කොච්චර ආදරේ හිතුණද කිව්වොත් බැහැලා යනකොට එපා කියද්දී රු: 500
ක් දුන්නා දූට මොනවා හරි සෙල්ලම් බඩුවක් අරන් දෙන්න කියලා. සුදූ පුංචි කාලේ සෙල්ලම්
කළ හැම සෙල්ලම් බඩුවක්ම සංගීතයට සම්බන්ධයි. කවදාවත්ම එයා බෝනික්කො එක්ක නම් සෙල්ලම්
කරලා නැතිව ඇති.
සඳනිව මමයි තාත්තයි බලා ගත්තේ ඇස් දෙක වාගේ. එයාව සතුටින් තියන එක තමයි අපේ එකම
අරමුණ වුණේ. ඉතින් එක දවසක් අපි හැමෝම සත්තු වත්ත බලන්න ගියා. එදා දුව වඩාගෙන
හිටියේ එයාගේ මහප්පා. දුව කන්න කැමතිත් ඒ කාලේ කිඹුලා බනිස් හින්දාද මන්දා එයාට
ගොඩක් වෙලා කිඹුලා දිහා බලන් ඉන්න ඕන වුණා. එක පාරටම කිඹුලා සුදූ ළඟටම පැන්නා.
අම්මෝ . . . එදා මගේ පැටියා අනූ නමයෙන් බේරුණේ.
සුදූ දඟ නැති වුණාට නංගිත් එක්ක සෙල්ලම් කරනවා. ගොඩාක් වෙලාවට. අපේ නංගිගේ දූත්
එයාලත් එක්ක සෙල්ලම් කරනවා. එක දවසක් අක්කලා නංගිලා එකතු වෙලා තව පොඩ්ඩෙන් මගේ පොඩි
කෙල්ලගේ බඩ කපනවා.
එදා තුන් දෙනා සෙල්ලම් කරන්න යනවා කියලා කිව්වට ටික වෙලාවක්
යනකම් කිසිම සද්දයක් නැති නිසා මම එයාලගේ කාමරේට ගියා. මම යන කොට නංගිව ඇඳේ හාන්සි
කරලා බඩේ පෑනෙන් රවුමක් ඇඳලා බඩ කපන්න ලැහැස්ති වෙනවා.
සඳනි පුංචි කාලේ ඉඳන්ම කලාවට හරිම ලැදි දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගය කරන කාලෙදිත්
දූ රංගන කටයුතුවල නිරත වුණා. ඒ නිසා එයාට ඒ කාලේ ගොඩක් පාසලේ වැඩ අතපසු වුණා.
හැබැයි වැඩේ කියන්නේ ඒ කාලේ දුව හීනෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සමහර ප්‍රශ්න දැක්කා.
ඇත්තටම දුවට පේන සමහර සිහින නම් මට අදටත් පුදුමයි. සුනාමි දවසට කලින් දවසේ රෑ සුදූ
හීනෙන් දැකලා එයා මිනී ගොඩවල් උඩින් පැන පැන යනවා. දුවට ඒ හීනේ කොච්චර මානසිකව
බලපෑවාද කියනවා නම් දූට පහුවෙනිදා ඒ කියන්නේ සුනාමි ව්‍යසනය සිද්ධ වුණ දවසේ හොඳටම
උණ.
සඳනි තමයි මුලින්ම අපේ ගෙදරට කිරි සුවඳ ගෙනාවේ. කිරි සුවඳින් පිරි සඳනිගේ පුංචි
කාලේට මම නම් හැමදාමත් හරිම ආදරෙයි. මට වෙලාවකට හිතෙනවා හැමදාමත් ඒ පුංචි කාලේ
තිබුණා නම් . . . කියලා.
නිශංකා උඩුගම්පල
ඡායාරූප - ප්‍රසාද් සමරතුංග
|