වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




උරුමයට පස් වසරයි

උරුමයට පස් වසරයි

දේශිය උරුමයන්හි අසිරිය ලොවට ගෙන යාමේ අදිටනින් හේම නලීන් කරුණාරත්නගේ මූලිකත්වයෙන් ඇරැඹි හෙරිටේජ් රූපවාහිනී නාලිකාවේ පස්වැනි සංවත්සර උළෙල ‘උරුමයේ ආශ්චර්යය ශ්‍රී ලංකා’ මෙම මස 13 වැනිදා සවස කොළඹ 07 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන අතර ක්ෂේත්‍රයේ සම්මානනීය විද්වතුන් රැසක් මෙම අවස්ථාව නියෝජනය කරනු ඇත.