ගාමනි බලන්න කළුතරට ගියා ඒත් බැරි වුණා
විද්වතුන් වූ රසවතුන් විශේෂාංගය සඳහා අද සරසවිය හා එක් වනුයේ හිටපු ජනාධිපති හා
අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතාය
* කලාවේ ඇසූ පිරූ තැන් සොයා යාමේ ඇල්ම ඔබ තුළ ජනිත කළේ මොන වගේ පරිසරයක් තුළද?
මගේ පියා එඩ්මන් වීරකෝන් පොලිස් පරීක්ෂකවරයෙක්. මව ඊඩින් වීරකෝන් චිත්‍ර
ගුරුවරියක්. මා තුළ කලාව පිළිබඳ ඇල්මක් අතිවීමට ප්‍රධාන හේතුව වුණේ මව අඳින චිත්‍ර
දැකීම කියලා මට හැඟෙනවා. ලස්සන මොනවද, අවලස්සන මොනවද කියන දේ මම හඳුන ගත්තේ
අම්මගෙන්. පුංචි කාලේ පටන් මට ලොකු ආශාවක් තිබුණා බාහිරව දකින දේට වඩා
අභ්‍යන්තරයෙන් දකින දේ ගැන සෙවීමට. මගේ අක්කා පියාමෝවට පෙම් බැඳී කෙනෙක්. ඇය දවසේ
වැඩි කාලයක් ගෙදරදී ගත කළේ පියාමෝව සමඟ. අක්ක පියානෝව බදාගෙන දවස තිස්සේම ඒක වාදනය
කරන කොට මටත් ආශා හිතුණා පියානෝව වාදනය කරන්න. ඒත් අක්කගෙන් ඉඩක් නැති තැන මම බෙර
වාදනයට පෙළඹුනා. සිංහල සංස්කෘතික ආයතනයේ ඉගැන් වූ උඩරට පළාතේ දක්ෂ ගුරුවරයෙක් ඇසුරේ
ම¼ගුල් බෙරය, ගැට බෙරය, යක් බෙරය, වාදනය ඉගෙන ගත්තා. මම වඩාත්ම ආශා කළේ ගැට බෙරය
ගහන්න. හොඳට පදේ අල්ලල ගැට බෙරය ගහන්න ඒ කාලේ මට හොඳට පුළුවන්.
* අදත් ඒ ගැට බෙරයේ වාදන අශ්වාදයක් ලබන්න ආශාවක් නැද්ද?
මම මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ කියලා ගුත්තිල කිව්වට මම අදත් කියන්නේ ගැට
බෙරයක් ලැබුණොත් මම මහලු වයසේ පුළුවන් ගැට බෙර වාදනේ කියලා.
* චිත්‍රපටයක් රස විදින්න මුලින්ම අවස්ථාව ලැබුණේ කොයි ආකාරයෙන්ද?
මම මුලින්ම බැලුවෙ ‘කඩවුනු පොරොන්දුව’ චිත්‍රපටය. ඒ නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ. ඒ
කාලේ මම රුක්මණී දේවිගේ සිංදු අහන්න ගොඩක් ප්‍රිය කළා. එඩී ජයමාන්න, ජොසි මෝනා, බී.
ඒ. ඩබලිව්. ජයමාන්න වගේ නළු නිළියන්ට තමයි අපි ප්‍රිය කළේ. අම්ම තාත්තා එක්ක ගිහින්
චිත්‍රපට බැලුවේ නම් නෑ. යාළුවොත් එක්ක තමයි ඒ අත්දැකීම ලැබුවේ. ඒ කාලේ ගැලරියේ ගණන
සත පනහයි කියල මට හිතෙන්නේ. මගේ යාළුවෙක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පුතෙක්.
ඔහුත් හරි කැමතියි චිත්‍රපට රස විඳීන්න. මම වැඩිපුර චිත්‍රපට බැලුවේ ඔහුත් සමඟ.
* අද ඒ ආශාව ඔබෙන් ඈත් වෙලාද?
කොහෙත්ම නෑ. ඒ වින්දනය අදටත් මා ලබනවා. මේ මෑතකදී ආපු රියර් අද්මිරාල් සරත්
වීරසේකරගේ ගාමනී චිත්‍රපටය ගැන මට දැනගන්න ලැබුණා. චිත්‍රපටය තිරගත වන කාලයේ මටත්
විවේකයක් නැති තරමට රාජකාරී. ලැබුණු විවේකයේදී මේ චිත්‍රපටය බලන්න මම කොළඹ ඉඳලා
කළුතරටත් ගියා. ඒත් එක හෝල් එකකවත් චිත්‍රපටය තිබුණේ නෑ. මම යන කොට තිබුණ හෝල්වලින්
ඒක ගලවලා. අදටත් මම ආශාවෙන් ඉන්නවා ගාමනී බලන්න. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය බලල හොඳ
කිව්වා. මේ චිත්‍රපටයේ ඩී වී ඩී එකක් හරි තියනවා නම් මම එය මිලදී ගෙන හරි බලන්න
කැමැතියි.
* ඔබ බොහෝ විට සාහිත්‍ය රසාස්වාදයත් ප්‍රිය කළා නේද?
මම බොහෝ විට හුරු වෙලා හිටියේ ඉංග්‍රීසි කතා කරන පැලැන්තියත් එක්ක ඇසුරක්. පාසලේ
පවා ඉගෙනුම ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහල පොත පත ගැන මට ඒතරම් දැනුමක් තිබුණේ
නෑ. සාහිත්‍ය රසාස්වාදය මම ඒ වෙන කොට විඳ තිබුණේ නැති තරම්. මට දිසාපති තනතුර
ලැබිලා සිවිල් සේවයට එන්න ලැබුණාට පස්සේ මට මේ අවශ්‍යතාවය තදින් දැනුණා. ඒ අඩුව
සපුරා ගන්න මම හරියට පොත් කියෙව්වා. මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා,
එදිරිවීර සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, මොනිකා රුවන් පතිරණගේ පොත පත මම බොහොම
කැමැත්තෙන් කියෙව්වා. ඒ පොත පත පරිශීලනය නිසාම මට ජන හද ගැස්ම හොඳට හඳුනා ගන්න
ලැබුණා. මාර්ටින් වික්‍රමසිංහගේ පුතා මාගේ යහළුවෙක් වීම නිසා එතුමන් සමඟත් මට සමීප
වෙන්න ලැබුණා. එනිසාම මම විනෝදයට වගේ එතුමාගේ පොත් කියවමින් ඉංග්‍රීසියටත්
පරිවර්තනය කළා මගේ ආශාවට.
* මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය ඔබේ ජීවිතයට
අරුත්බරක් එක් කළා සේම ඔබේ ජීවිතයේ විශාල පරිවර්තනයකටත් යම් කෘතියක් හවුල් වුණා
නේද?
සයිමන් නවගත්තේගම ලියූ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා කෘතිය ඒ වෙනස මගේ ජීවිතයට කා
වැද්දුවා. මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ අරුත්බර කාව්‍යයන් මගේ සිත සලිත කළ අවස්ථා
තිබුණා. සිවිල් සේවයේදී ඒ කාව්‍ය අරුත සැබැවින්ම අත් වින්දා.
* සිනමාව වගේම වේදිකාවත් ඔබේ රස විඳින මාධ්‍යයේ උත්තේජනයක් වෙන්න ඇති නේද?
මනමේ, කදා වළලු, සිංහබාහු, හුණුවටයේ කතාව, නරි බෑනා, කේමදාසයන්ගේ බැලේ ඔපෙරා ආදී
බොහොමයක් මා රස විඳලා තියනවා. අදත් මම විවේකී මොහොතක නාට්‍යයක් බලන්න අමතක කරන්නේ
නෑ. නාමෙල් වීරමුණි තියටර් එක තමයි මම වැඩිපුර අද මේ සඳහා භාවිත කරන්නේ.
* ගායනයේ හැකියාවක් එහෙමත් ඇති නේද?
මට තනියෙන් හුදකලා වී ඉන්න කොට නම් සිංදුවක් කියන්න පුළුවන්. ඒත් ආරාධනාවක් ලැබිලා
කියන්න වුණොත් මට බෑ. එහෙම බලකිරීම් රාජකාරි ජීවිතයේත් තිබුණා. බලපෑම් වැඩි වෙන කොට
මම පැනලා දුවනවා. සිංදු කියන්න මට බැරි වුණාට කවුරු හරි සිංදු කියන කොට තට්ටු දාන්න
මට හොඳට පුළුවන්. මොකද මම ගැට බෙර කාරයෙක්නේ.
* වඩාත් ප්‍රිය කරන්නේ කාගේ ගීතවලටද?
අමරදේවයන්ගේ ගීතවලට..
* ඔබ කැමැතිම ගීතය?
පීනමුකෝ කළු ගෙඟ් . . .
* ඇත්තටම ගීත ගායනා කරන්න අකැමැතිද?
එහෙම නෑ ගොඩක් පිරිසක් ඉදිරියේ තනියෙන් කියන්න මට අපහසුතාවයක් තියනවා. කවුරු හරි
මගේ සහයට එනවා නම් සිංදු කියන්න මම රෙඩී. පාසල් කාලයේත් මම වැඩිපුර කැමැත්ත දැක්
වූයේ ක්‍රීඩා කරන්න. හොකී, ටෙනිස්, ක්‍රිකට් තමයි මගේ ප්‍රියතම ක්‍රීඩා. වර්ණ පවා
මම දිනා ගත්තා. මම ඒ කාලේ සිංදු කියන්න බිය වුණේ මගේ කටේ තිබුණා කතා කිරීමේදී
ගොතයක්. මේ ගොතය නිසා සිංදු කියන්න ගිහින් මට වචන පැටලුනොත් කාගෙත් උසුලු විසුලුවලට
ලක් වෙයි කියන බය නිසා මම මඟ ඇරියා. කියන කොට තට්ටු කරන එක මම භාර ගත්තා.
* රඟපෑම් බලල රස වින්ඳා හැරුණු කොට රඟපාන්න එහෙම ආශාවක් ඇති වුණේ නැද්ද?
මම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මට අවුරුදු දහ තුනක් දාහතරක්
විතර ඇති. ඒ වකවානුවේ පාසලෙන් රාමා සීතා කතාව නාට්‍යයක් විදියට රඟ දැක් වූවා. ඔය
කාලයේ මගේ කටේ ගොතය නිසා මගේ හඬ කාන්තා හඬකට බොහෝ සමාන වුණා. මේ නිසා ද මම දන්නේ නෑ
මාව සීතාට රඟපාන්න තෝරා ගත්තා. ඒ සීතාගේ චරිතය තමයි මම කරපු එකම රඟපෑමත්.
* කලා නිර්මාණයක් රස විඳලා ඔබ එයින් ජීවිතයට යම් දෙයක් එකතු කර ගත්තාද?
ගල්කිස්සේ ඉන්න කාලේ පාපැදියෙන් තමයි චිත්‍රපට බලන්න යන්නේ මැජිස්ටික් එකට. ඒ කාලේ
අපි වැඩිපුරම බැලුවේ ඉංග්‍රිසි චිත්‍රපට. කව්බෝයි චිත්‍රපට, ත්‍රාසජනක සටන්
චිත්‍රපට වලට තමයි වැඩිපුර කැමති. මම බලපු චිත්‍රපට අතුරින් හයිනූන් චිත්‍රපටයෙන්
මම ජීවිතයට බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ චිත්‍රපටයේ කතාව මගේ ජීවිතයේ එක පෙරළියක්.
* ඔබ අතින් ග්‍රන්ථ කීපයක්ම ලිය වුණා නේද?
මම අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු
කරන වකවානුවේ මා ලැබූ අත්දැකීම් අළලා ඔවුන්ව මා ඇසුරු කරන විට දුටු හැටි, කළ කී දෑ
ඇතුලත්ව තමයි මම අරලිය ගහ මැදුරේ ස්පන්දනය පොත ලිව්වේ. මේ පොතට පාදක වූ චරිත මගේ
දෘෂ්ටියෙන් දැක්ක, කනෙන් ඇසුව ඒවා මිසක් අතිශයෝක්ති දේවල් නොවෙයි. ඒක බොරුවක්
නොවෙයි. ඇතුළත් කළේ සත්‍යය. තව මා නොදුටු බොහෝ දේ තියෙන්න ඇති. නොඇසුනු දේ තියෙන්න
ඇති. මේ පොත එළි දුටු පසු මට කාගෙන්වත් දෝෂාරෝපණ ආවේ නෑ. හැබැයි බ්‍රැඩ්මන් වීරකෝන්
නොලියූ දේ කියලා ඒ සඳහා ලිපි කීපයක් නම් ලැබුණා. ප්‍රේමදාස මහත්තයාගේ ලේකම්වරයාව
සිටින විට මට ජාත්‍යන්තරයට ප්‍රේමදාස කවුද කියලා දන්නවා සිටීමට ප්‍රේමදාස ඔෆ්
ශ්‍රීී ලංකා නමින් පොතක් ලියන්න සිද්ධ වුණා. ඔය අතරේ මම උපන්න කළුතර දිස්ත්‍රික්කය
පදනම් කරගෙන උපන් ගම සහ රට තොට ගැන කතාබහක් නමින් පොතක් පල කළා කළුතර දිස්ත්‍රික්කය
ගැන පුළුල් හැදෑරීමක් කරලා.
* වසර පනහක් රාජ්‍ය නායකයන් ඇසුරේ ලැබූ අත්දැකීම් අනුව ඔබේ වඩාත් සිත්ගත් ජන නායකයා
කවුද?
ඩඩ්ලි සේනානායක. කවදාවත් කියන්න ඕනෑ දේ හැංගුªවේ නෑ, කෙලින් කිව්වා. කාටවත්
යටිකුට්ටු වැඩ කරල බලයේ රැඳෙන්න උත්සාහ කළේ නෑ. සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක බලය
අත හරින්න සුදානමෙන් හිටිය කෙනෙක්. එතුමන් මිය ගියේ බලයේ ඉන්න කොට නොවේ. ඒත්
එතුමන්ගේ අවමඟුලට ලක්ෂ දහයකට වඩා සෙනඟ ආවා. ඒකේ රහස හොඳ කෙනාට බලය තිබුණත්
නොතිබුණත් සෙනගේ අඩුවක් නෑ කියන එක.
* කලාවේ උන්නතියට මොන වගේ දායකත්වයක් ද ඔබගේ සේවා කාලය තුළ ලැබුණේ?
ප්‍රේමදාස මහත්තයා තමයි කලාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු ජන නායකයා මගේ සේවා කාලය
තුළ. එතුමන් ඒ කලා රසය උරුමයෙන් ගෙනා දෙයක්. පුදුම කලා ඇහැක් තිබුණ ජන නායකයෙක්.
ටවර් හෝල් රඟහලට කලාකරුවන් රැගෙන ඇවිත් ඒ අයට යහපතක් කරපු එකම මොන තරම් ශ්‍රේෂ්ඨ
වැඩක්ද?
* ඔබේ ජීවිතය දෙස ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?
මගේ රාජකාරි ජීවිතය තුළ මා අතින් වූ සේවය මම අවංකවම ජනතාව වෙනුවෙන්ඉෂ්ට කළා. ඒ ගැන
මට අපමණ සතුටක් තියෙනවා. මගේ එකම පුතු ඇසල අද අමෙරිකාවේ දෙවැනි තානාපති ලෙස කටයුතු
කරනවා. අවන්ති, රවී මිණිබිරියත්, මුණුබුරාත් මාව තාක්ෂණයේ බොහො දෑ වෙත යොමු කළා.
මට අවුරුදු පනස් පහ වෙන කොට මම කොම්පියුරටය ඉගෙන ගත්තා. අවුරුදු හැත්තෑව වෙන කොට
සෙල්ෆෝනය අතට ගත්තා. මුණුබුරා මට S M S යවන හැටි කියලා දුන්නා. මම අයිපෝඩ් එක
පරිහරණය කළා. දැන් මට ඕනේ අයිපෑඩ් එකක්. මම වයසට ගියත් මගේ ඉගෙන ගන්න එක අඩු වුණේ
නෑ. එදා මම ලේකම් ලෙස ඉන්න කොට අතට පයට ලියන්න කියන්න තව ලේකම්වරු හිටියා. විශ්‍රාම
ගත්තට පස්සේ කොම්පියුටර් එක තමයි මගේ ලේකම් වෙලා තියෙන්නේ. අද මගේ හැම වැඩක්ම
කොම්පියුටරය හරහා. අද වෙන කොට මගේ ජීවිතයේ කණගාටුවක් තියනවා නම් ඒ තියෙන්නේ මගේ
සෙවනැල්ල වෙලා හිටිය බිරිය දමයන්ති ජීවිත ගමනෙන් සමුගෙන මාව තනි කර ගිය එක ගැනයි.
* ඔබ දේශයේ අගමැතිවරුන්, ජනාධිපතිවරුන් සමඟ සේවය කළා සේම සාමාන්‍ය ජනතාව සමඟත් සේවය
කළා. වැඩිපුර ඔබේ තෘප්තිය රැඳී තියෙන්නේ ලේකම් වෘත්තියේද, දිසාපති වෘත්තියේද?
මගේ ඇස් ඉදිරියේ අපව දෙවියන් සේ දැක්ක දෙවියන්ට වගේ සලකපු සාමාන්‍ය මිනිසුන්ට සේවය
කළ දිසාපති තනතුරට මම අදත් කැමැතියි. ඒ මිනිස්සුන්ගේ සතුට තමයි අදත් මගේ සතුට.
චන්දන දයාසිරිවර්ධන
ඡායාරූප – ප්‍රසාද් සමරතුංග
|