වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කෙරෙන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද (20) සිට 30 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී සවස 5 සිට පැවැත්වේ. මෙවර ළමා නාට්‍ය උලෙළ වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් නාට්‍ය 16 ක්, දෙමළ මාධ්‍යයෙන් නාට්‍ය 08 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍ය 7 ක් සහ අවසාන දිනයේ ආරාධිත නාට්‍ය 2 ක් රඟ දැක්වීමට නියමිතය.

සීමිත අංශයෙන් දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 'සපුමල්ගේ ලෝකය', හොරණ ප්‍රේද්‍රික් මහා විද්‍යාලයෙන් 'පඹයෙක් ඇවිත්', හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයෙන් 'සෙල්ලමක් ද මාත් එක්ක', කොළඹ 13 යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් 'හිනා වෙන්න ආසයි', මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන් 'සතුටු වෙන්න එන්න යාළුවේ', ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් 'වීරයෙක් වෙනවා මං', කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයෙන් 'පුංචි දඟකාරී', මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් 'කන්දේ වඳුරොයි, ලන්දේ වඳුරොයි' ඉදරිපත් වන අතර සීමිත ආරාධිත නාට්‍ය ලෙස පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයේ 'වීර චාරිකාව' සිංහල නාට්‍යයත් ඉදිරිපත් කෙරේ. විවෘත අංශයෙන් නිශ්මං රණසිංහගේ 'සිංහයා සහ වලහා', පුබුදු සුභාෂණ කූරුගලගේ 'මං ආසයි ගෙදර යන්න', මිස්සක ආටිගලගේ 'මුහුද අපේ ගොඩ බිමයි', ඩි. කේ. ආටිගලගේ 'මෙන්න අපේ රජ්ජුරුවෝ', කොළඹ විශ්ව විද්‍යාලීය අධ්‍යාපන පීඨයෙන් 'අසමත් අපි සමත්', සුරංජිත් සමීර රණසිංහගේ 'සමනලී', සමන් චන්දනගේ 'සේදු' සහ ආරාධිත නාට්‍ය ලෙස නිලංක නාමල් උඩුමුල්ලගේ 'පාට' වේදිකා ගත වේ.

දෙමළ මාධ්‍ය සීමිත අංශයෙන් එස්. වී. අරුල් කුමාරන්ගේ 'ඔට්ටුමයියේ පළම්', එම්. කේතීස්වරන්ගේ 'කුරන්කු මාමා', ආර්. ගුණසේකරන්ගේ 'පෝදි වන්දි', එම්. මනිසේකරන්ගේ 'වන්දිප් පයානම්' යන නාට්‍ය ද විවෘත අංශයෙන් එස්. නිරෝෂන්ගේ 'යාර් අරසන්', ටී. අජුරන්ගේ 'කෝඩි විලයාදු පාප්පා', නිරන්ජන් චන්ද්‍රාදිත්‍යගේ 'ඔරේ වානම් ඔරේ භූමි', ඩබ්ලිව්. ඒ. එම්. පෙරේරාගේ 'රාමනුක්කු රාජ පරිසු' නාට්‍ය වේදිකා ගත වේ.

ඉංග්‍රීසි මාධ්‍ය සීමිත අංශයට ඇතුළත් වන්නේ ගම්පහ ලයිසියම් විදුහලේ The Circus'  කොළඹ මියුසියස් විදුහලේ  'The Flight of Fancy'  වත්තල ලයිසියම් විදුහලේ 'The Sisyphus Illusion'  බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 'Elegy of Mentor'  අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ'Letter For Joanne' යන නාට්‍ය වන අතර විවෘත අංශයේ ප්‍රසාද් නන්දරත්නගේ 'The Yawning Prince'  සචිත්‍ර රාහුබද්දගේ 'Doremefa Solati' යන නාට්‍ය වේ.